අමුතු විදිහට ඉපදුනු දරුවන් දැකලා තියෙනවාද?

බටහිර වෛද්‍ය තාක්ෂණය මේ වෙනකොට පුදුම හිතෙන විදියට දියුණු වෙලා තියෙනවා මේ වෙනකොට වෛද්‍යවරුන්ට අවයව බද්ධ කරන්න වගේම තවත් ලෙඩ රෝග දහස්ගානක් නිට්ටාවටම හොඳ වෙන්න බෙහෙත් කරන්න පුළුවන් ඒ කොහොම වුණත් හැම රටකම වෛද්‍යවරු තාමත් අසරණ වෙන ලෙඩ රෝග මේ ලෝකෙ නැතුවමත් නෙවෙයි ඒ විදිහට මේ ලෝකෙ පුරාම එක එක ළමයි හිතාගන්න බැරි විදිහට උපතින්ම ඇතිවෙන රෝග තත්ත්ව එක්ක උපදිනවා මේ සමහර ළමයි ඉපදිලා ඉන්න තත්ව දැක්කාම ඒවා ඇත්තම දේවල්ද කියලා වත් අපිට හිතාගන්න බැරි තරම්

  ඔබ කවදාවත් යෝධ කකුල් තියෙන දරුවෙක් ගැන අහලා තියෙනවද ඒ වගේම දිය කිඳුරියක් කියලා හඳුන්වන දැරිය ගැන දන්නවද මේ දේවල් ඔබව සංවේගයට පත් කරන්න කියන දේවල් විතරක් නෙවෙයි මේ වගේ තත්ත්ව තියෙන ළමයි අපේ පෘථිවියේ ඇත්තටම ඉන්නවා ඒ විදිහට අද අපි කතා කරන්න යන්නේ අසාමාන්‍ය විදිහට ඉපදුන පුදුම හිතෙන ළමයි ගැන

  මුලින්ම කතා කරන්නේ යෝධ අත් තියෙන දරුවෙක් ගැන අවුරුදු අටක් වයස මොහොමඩ් කලීඩ් කියලා හඳුන්වන මේ දරුවා තමන්ගෙ දෙමව්පියෝ එක්ක ජීවත් වෙන්නේ ඉන්දියාවේ  ජාක් හන්ග් කියන ගමේ යෝධ අත් තියෙන දරුවා කියලා හඳුන්වන මේ දරුවාගේ ලෝකයට මුලින්ම 2015 අවුරුද්දේ තමයි සමාජ මාධ්‍ය වලින් දැනගන්න ලැබුණේ මේ දරුවා පීඩා විඳින රෝගය ගොඩක් දුර්ලභ රෝගයක් නිසා තමයි මේ  විදිහට විශාල වෙලා තියෙන්නේ තාමත් වෛද්‍යවරුන් මේ රෝගයට කිසිම ප්‍රතිකාරයක් හොයාගන්න සමත්වෙලා නෑ මේ කලීන් ගේ එක  අතක් අඟල් දහතුනකට වැඩිය දිගයි වගේම කිලෝග්‍රෑම් 8ක් විතර බරයි මේ දරුවාට තියෙන්නේ රෝග තත්ත්වයක් කියලා දැන දැනත් ගමේ මිනිස්සු මේ දරුවාට ගොඩක් අපහාස කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ

 වෛද්‍යවරුන් මේ අත් ආපහු සාමාන්‍ය තත්වයට ගන්න දරුවාට පොරොන්දු වෙලා මේ රෝගය ගැන තාමත් පරීක්ෂණ කරනවාලු. ඊළඟට අපි කතා කරන්නේ විශාල කකුල් දෙකක් තියෙන දරුවෙක් ගැන අපි මුලින්ම කතා කරපු දරුවා ඉපදුන තත්ත්වය ඇත්තටම පුදුමයි කියලා ඔබ හිතනවා නම් මේ වින්ස්ටන් ඕ කැට්ච්  කියන දරුවා ගැන ඇහුවම තවත් පුදුම වෙයි 2013 අවුරුද්දේ අපි අතරෙන් සමුගත්ත මේ අවුරුදු දහයක් වයස දරුවා wliphantiziz  කියන ගොඩක් දුර්ලභ රෝගයෙන් තමයි පීඩා විඳලා තියෙන්නේ මේ ලෙඩේ නිසා ඇඟට වඩා ගොඩක් වේගයෙන් මේ දරුවාගේ කකුල් හැමදාම වර්ධනය වෙලා තමයි මේ යෝධ කකුල් ඇතිවෙලා තියෙන්නේ.සැත්කමක් කරලා මේ තත්ත්වය හරිගස්සන්න වෛද්‍යවරු සූදානම් වෙලා හිටියත් හදිස්සියේම ඇති වුණ හෘදයාබාධයක් හින්ද මේ දරුවා මැරිලා ගියා ඒ කොහොම වුණත් අදටත් මේ දරුවා ලෝකයේ හිතාගන්න බැරි විදිහට ඉපදුන අමුතුම දරුවෙක් වෙනවා

ගොඩක් අයගේ ඇගේ උපන් ලප තියෙනවා හැබැයි මේ උපන් ලපයක් ඔබේ මුහුනේ බාගයක් වහගෙන ආවොත් මොනවාද අන්න එහෙම ඉපදුන දරුවෙක් තමයි මේ අවුරුදු අටක් වයස චීනයේ anuchi කියලා හඳුන්වන්නේ මේ දරුවා උපදින කොට මුහුණේ එක පැත්තකුත් වහගෙනම රෝමත් පිරුණ විශාල උපන් ලපයක් තිබිල තියෙනවා. මේ සමාජේ ගොඩක් දුෂ්ට තැනක් නිසා මේ දරුවාට ගොඩක් වෙනස්කම් වගේම අපහාස විදින්න උනා හැබැයි චීනයේ ප්ලාස්ටික් සැත්කම් කරන වෛද්‍ය ආයතනයකින් පස්සේ මේ දරුවාට නොමිලේ ප්ලාස්ටික්  සැත්කමක් කරලා දෙන්න තීරණය කරලා තියෙනවා ඊට පස්සේ මේ දරුවාගේ මුහුණෙන් සම්පූර්ණ මස් තට්ටුවක් ම වෛද්‍යවරු අයින් කරලා ආපහු සාමාන්‍ය පෙනුමක් දුන්න කියල තමයි වාර්තා වෙන්නේ.

ඊලගට අපි කතා කරන්නේ රතුම රතු මලක් එක්ක ඉපදුන පොඩි කොනී ලොයිඩ් කියලා දරුවා ගැන බැලූ බැල්මට නම් මේ දරුවා විකටයො දාන බොරු නපුරු රතු නහයත් දාගෙන ඉන්නවා වගේ කියලා තමයි අපිට පේන්නෙ මේ දරුවා ඉපදිලා සති හතරක් වගේ වෙනකොට දරුවාගේ නහයේ  තියෙන උපන් ලපයක් වගේ එකක් එන්න එන්න විශාල වෙනවා කියලා දරුවාගේ දෙමව්පියන්ට දැනුනා පිටින් පේනකොට ඇත්තටම හුරතල් දෙයක් වගේ පෙනුනත් මේ උපන් ලපය පිටින් පේනවා වගේම ඇග  ඇතුලෙනුත් වර්ධනය වෙනවා කියලා හොයා ගත්ත වෛද්‍යවරු කිව්ව විදිහට මේකට පිළියමක් කළේ නැත්තං දරුවා ලේ ගිහින් මැරෙන්න පවා පුළුවන් හැබැයි මිහිපිට දෙවිවරු වන මේ වෛද්‍යවරු පැය හතරක් විතර කරපු සැත්කමකට පස්සේ මේ දරුවාගේ නහය රතු කොටස අයින් කරලා දැම්මා දැන් මේ දරුව නම් තමන්ගෙ රතු නහය අතීතයට දීලා සතුටින් ජීවත් වෙනවා

  ඊළඟට අපි කතා කරන්නේ මිලාගෝ සීරාන් එහෙමත් නැත්තං දියකිදුරු දරුවා කියලා හඳුන්වන දරුවා  ගැන ඔබත් දියකිඳුරියෝ කියන්නේ බොරුවක් කියල හිතනවා නම් මේ දරුවාගේ නම කවදාවත් අහලා නෑ පේරුවල ජීවත්වෙන මේ පුංචි දරුවා ඉපදෙන කොට සරානෝ මීලියා  එහෙමත් නැත්තං මර්මයි සින්ඩ්‍රෝම් කියන  දුර්ලභ ලෙඩේ මේ දරුවාට තිබිලා තියනවා ඒ විදිහට මේ දරුවාගේ කකුල් දෙකම දණිස්සෙන් පහලදී එකට බද්ධ වෙලා තනි කොටසක් විදියට තමයි තිබිලා තියෙන්නෙ මේ තත්ත්වය එක්ක මේ දරුවාට ඇවිදින්න විදිහක් තිබිලා නෑ හැමතැනම තවත් කෙනෙක් වඩාගෙනම ගෙනියන්න ඕන වුන මේ දරුවාට මිනිස්සු දියකිඳුරු දරුවා කියලා තමයි කතා කළේ ගොඩක් පරීක්ෂණ කරලා වෛද්‍යවරු සැත්කම් ගොඩකින් පස්සේ මේ දරුවාගේ කකුල් දෙක වෙන් කරන්න සමත් උනා ඊට පස්සේ මේ දරුවාට සාමාන්‍ය විදිහට ඇවිදින්න පුළුවන් වුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *