එදා Falsh Back වැඩ්ඩා චන්දිම බස්නායක ජිවිත කතාව

ප්‍රසංග වේදිකාව කියන්නෙ හරිම වෙනස් තැනක්. කට්ටිය හිතනව ඇති මේක හරි ලස්සන තැනක් කියල. ඔයාල ගොඩාක් දෙනෙක් යන්නෙ ප්‍රසංගයක් පටන් ගත්තට පස්සෙනෙ. ඉතින් එතකොට තියෙන්නෙ ලස්සන විතරයි. ඒ ලස්සන එන්න කොච්චරනම් කැප කිරීමක් කරන්න ඕනිද කියල ඔයාල ප්‍රසංගය පැවැත්වෙන දවසෙ උදේ ඉදන් හිටියොත් බලාගන්න පුලුවන්

අපි අද කතා කරන්න යන්නෙ අන්න ඒ වගෙ කෙනෙක් ගැන ප්‍රසංගය කොච්චර ලස්සන උනත් ලොකු උනත් මේයා පොඩ් හරි පිස්සුවක් නැටුවොත් ඔක්කොම ඉවරයි.සංගීත කණ්ඩායම කොයිතරම්නම් දක්ශවුවත් මෙයා නැත්නම් ඔවුන්ගේ දස්කම් රසිකයන්ට පෙන්වීමට කිසිම විටක හැකියාවක් නෑ.. ඒ වෙනින් කවුරුත් නෑ නෙවෙයි ශබ්ද පරිපාලක වරයා. මෙයා නැත්නම් රසිකයන්ට හරි ආකාරයට ඔවුන්ට අවශ්‍ය සංගීත රසය විද ගැනීමට හැකියාවක් නෑ. ඉතින් අපි අද කතාකරන්න හිතුවා ලංකාවේ දක්ශතම ශබ්ද පරිපාලක වරයෙක් ගැන ඒ වෙනින් කවුරුත් නොවෙයි චන්දිම බස්නායක..

ගොඩාක් දෙනෙක් කතාකරන්නෙ බස්ස කියල ඒ ඉතින් තරහට නෙවෙයි ආදරේට. අපි අද ඉතින් බස්නායක අයිය ගැන කතා කරන්න හිතුවා. අපිටත් ටිකක් විතර අල්ලගන්න අමාරු උනා ඉතින්. දෙමටගොඩ උපන් චන්දිම පාසල් අධ්‍යාපනය ලැබුවේ දෙමටගොඩ වේලුවන විද්‍යාලයෙනි. පාසල් කාලයේ පටන් සංගීතයට ඇලුම් කල චන්දිම පාසල් අධ්‍යාපනයෙන් පසු 1991 වර්ශයේදී පමණ පාසලේ යහළුවන් සමග එක්ව වෙලන්ස් නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. චන්දිම බේස් ගිටාරයෙන් තම දස්කම් වෙලන්ස් සංගීත කණ්ඩායම තුළින් මනාවට පෙන්නුම් කරා. චන්දිම වෙලන්ස් සංගීත කණ්ඩායමේ බේස් ගිටාරයෙන් දායක වන විට සිංගර් ආයතනයේ ඉලෙක්ට්‍රික් ටෙක්නීශියන් කෙනෙක් වශයෙන් කටයුතු කළා. සංගීතය ඉගෙනගනු ලැබුවේ ශිවන්ත නීල් චාමිකර ගුරු මහතාගෙනි.


අවුරුදු 2ක් පමණ වෙලන්ස් සංගීත කණ්ඩායමේ බේස් ගහපු චන්දිම 1994 වර්ශයේදී දෙමටගොඩ ප්‍රසන්න සවුන්ඩ් සමග සම්බන්ද උනා. 1995 වර්ශයේ හා ඒ කාලයේ ලංකාවේ තිබුණ දැවැන්තම ප්‍රසංග සදහා සහභාගී වූවා. පර්පල් රේන්ජ් ආරම්භක මුල්ම කාලයේදී පොලොන්නරුව පැවැති ප්‍රසංගයකදි චන්දිමට පළමු වතාවට පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම මුණ ගැසෙනවා. මාරිම්බා, සාරංගා, බියගම සුරබා, Butterfly, ආදී ඒ දවස් වල ජනප්‍රියම රසික හදවත් දිනාගෙන සිටි සංගීත කණ්ඩායම් සමග දැවැන්තම ප්‍රසංග ආවරණය කිරීමට චන්දිමට හැකියාව ලැබුණා. ප්‍රසන්න සවුන්ඩ් සමග අවුරුදු 4ක් වැඩකරපු චන්දිම මීලගට යොමුවන්නේ 90 දශකයේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වූ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සමගයි. සන්ෆ්ලවර් නීල් වර්ණසූරිය සමග වසර 2 පමණ සංගීත වැඩකටයුතු කළ චන්දිම ඉන්පසුව රත්නපුර මිණිපුර සවුන්ඩ් සමග සම්බන්ද උනා.


ඉන්පසුව චන්දිම නැවතත ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වන සනිදප සංගීත කණ්ඩායම හා එක්වූවා. සංගිත් විජේසූරිය ප්‍රධාන සනිදප සමග අවුරුදු 4ක් වැඩ කරපු චන්දිම බස්නායක ඉන්පසුව දිවයිනේ තවත් ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වන Flash Back සංගීත කණ්ඩායම හා එකතුවූවා. එකදිගට වසර 8ක් Flash Back ශබ්ද පරිපාලක වරයා වශයෙන් ක්‍රියාකල චන්දිම බස්නායක 2017 දෙසැම්බර් මස Flash Back සංගීත කණ්ඩායමෙන් ඉවත් වූවා. ඒසේ ඉවත් වූයේ ඔහුගේ ව්යාපාර  කටයුතු සදහායි. චන්දිම බස්නායක දැනට VISION නමින් ඉවෙන්ට් මැනෙජ්මන්ට් ආයතනයක් පවත්වාගෙන යනු ලබනවා.

ඔබේ සියලුම අවශ්‍යතා ප්‍රසංග සම්බන්දීකරණය, ගායක ගායිකාවන් සම්බන්දීකරණය ආදී සියලුම කාර්යයන් ඉටුකිටීමට VISION ආයතනය සූදානමින් ඉන්නවා.ඒ වගේම චන්දිම  Flash Back  සංගීත කණ්ඩායමෙන් ඉවත් වුවත් Flash Back ආයතනයේ All Right සංගීත කණ්ඩායමේ ශබ්ද පරිපාලකවරයා වශයෙන් කටයුතු කරනු ලබනවා.ඉදිරි සංගීත කටයුතු හා ඔහුගේ ව්‍යාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා සාජ්ජෙ අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

ඔබ ගැනත් හැමෝටම කියන්න අපි සූදානම් එහෙනම් කතාකරන්න සාජ්ජෙ අපිට 0777 357 456 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *