ඕරා රනාගේ ජිවිත කතාව

රන්ශ්‍රී ජයවර්ධන කීවට එකපාරට මතකෙට නාවට රනා කීවොත් අපි හැමෝටම මතක් වෙන සුන්දර ආදරණීයම චරිතයක්. නොවැ 13 හලාවතදී උපන් රන්ශ්‍රී  කුඩා කල සිටම සංගීතයට විශේෂ දක්ශතාවක් පෙන්නුම් කලා. මාදම්පෙ පදිංචිව සිටියත් තියෙන කාර්‍යබහුල බව නිසා දැනට මීගමුවේ පදිංචිව සිටී. ප්‍රසංග වේදිකා කලාවට ශිල්පීන්ට නවීනතම කොණ්ඩා මෝස්තරයක්ද මුලින්ම රැගෙන ආවේ රන්ශ්‍රී විසින්ය.පාසල් යන කුඩා කාලයේ සිටම සංගීතයට ඇලුම් කල නිසා මාදම්පෙ ක්‍රිස්තු පල්ලියෙ ගීතිකා කණ්ඩායමේ  ක්‍රීයාකාරී සාමාජිකයෙක් ලෙස බොහෝ කලක් කටයුතු කල රන්ශ්‍රී ජයවර්ධන කාගේත් හිත්දිනාගත් ආදරණිය තරුණයෙක් වුණා.

මෙහෙම ඉන්න අතරතුර රන්ශ්‍රී ජයවර්ධනගේ මුල්ම සංගීත කණ්ඩායම මාදම්පෙ ක්ලැසික් සංගීත කණ්ඩායමයි. මෙම සංගීත කණ්ඩායමේ රන්ශ්‍රී ගේ රාජකාරිය වූයේ අපි බොහෝ දෙනෙක් ආස කරන සංගීත භාණ්ඩයක් වන ඩ්‍රම්ස් හා ඔක්ටපෑඩ් වාදකයා ලෙස කටයුතු කිරීමටයි.මෙම සංගීත කණ්ඩායමෙ ඉවත් වීමෙන් පසුව මාරවිල සන්රයිස් සංගීත කණ්ඩායමේ අවුරුදු 8ක්ම රිදම් ගිටාර් වාදකයා ලෙස කටයුතු කලා.. මෙලස සංගීත කටයුතු සිදුකරගෙන ඉන්න අතරතුර flash back නායක රොශාන් ප්‍රනාන්දුගේ ආරාධනාවකට අනුව රන්ශ්‍රී 2000 වසරේදී  flash back හා එකතු වෙනව. Flash back හා එකතුවීමෙන් අනතුරුව රිදම් ගිටාර් එකත් එල්ලන් වේදීකාවේ වැඩ පෙන්නන අපූරු සුන්දර වාදකයෙක් ලෙස කා අතරත් රනා යන නමින් ජනප්‍රිය වුණා..

මෙලෙස Flash back සංගීත කණ්ඩායමේ සිට දක්ශතා පෙන්වමින් සිටි රනා පුද්ගලික හේතුවක් මත විදෙස් ගතවීමට අවශ්‍ය වූ නිසා 2010 වර්ශයේදී flash back සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙනවා..අවුරුදු දෙකක විදෙස් ගතවීමකින් අනතුරුව නැවතත් ලංකාවට පැමිණි රනා අලුත්ම සංගීත කණ්ඩායමක් ආරම්භ කරනව. ඒ කවුරුත් දන්න Big Brothers සංගීත කණ්ඩායමයි. ඒ සංගීත කණ්ඩායමේ වැඩකටයුතු සිදුකරගෙන යන අතර රනාට සංගීත ක්ශේත්‍රයේ වෙනසක් කිරීමට අවශ්‍ය වූ නිසා Big Brothers සංගීත කණ්ඩායම අතහැර ඔහු තවත් අලුත්ම සංගීත කණ්ඩායමක් ආරම්භ කරනවා.

AURA ඕරා කීවොත් දැන් නොදන්න කෙනෙක් නැති තරම්. රනාට අවශ්‍ය වුනේ ඉලෙක්ට්‍රික් සම්ප්‍රදායෙන් මිදී එකොස්ටික් සම්ප්‍රදායක් ආරම්භ කිරීමටයි. 2013 නොවැම්බර් මස රනා විත් ඕරා යන නමින් ඔහුගේම එකෝස්ටික් සංගීත කණ්ඩායම ආරම්භ කරනවා. ඔවුන්ගේ මුල්ම ප්‍රසංගය අනුරාධපුර ප්‍රදේශයේදී 2013 නොවැ 23 දින රසගන්වන අතර එය විවාහ මංගල උත්සවයක් වීම විශේශයි.රනා විත් ඕරා සංගීත කණ්ඩායමේ පළමු ප්‍රසංගය විවාහ මංගල්‍යයක් වූ නිසාදෝ මන්ද දැන් දැන් බොහෝ තරුණ තරුණියන්ගේ විවාහ දිනය සරසන්නට රනා විත් ඕරා සංගීත කණ්ඩායමට ලැබෙන ආරාධනා අතිශය ඉහලයි.

2014 වසරෙන් පසු ලංකාවේ බොහෝ සංගීත කණ්ඩායම් ඕරා රටාවට අනුවර්තනය වෙන්න පටන් ගත්තා. ඕරා මේ වෙනස කරන්නට මත්තෙන් මේරියන්ස් සංගීත කණ්ඩායම ඉහලින්ම හිටියා. වර්තමානයේ මේරියන්ස් සංගීත කණ්ඩායමෙන් පසුව ඉහළින්ම ඉන්න අංක එකේ එකෝස්ටික් සංගීත කණ්ඩායමක් ලෙස ඕරා සංගීත කණ්ඩායම අපිට හදුන්වා දීමට පුලුවනි.ඕරා සංගීත කණ්ඩායම මේ අවුරුදු කීපය තුළ ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී සජීවී ප්‍රසංග රාශියකට සම්බන්ධ වී තිබේ. සිරස වසන්ත උදානය හිරු මංගලම් හිරු මෙගා ස්ටාර් සදහා එකොස්ටික් සංගීතයෙන් රසගන්වන්නේ ඕරා සංගීත කණ්ඩායමයි.

රනාට අවශ්‍ය සංගීත ක්ශේත්‍රයේ එලිමහන් ප්‍රසංග කළාවට වෙනසක් කරන සංගීත කණ්ඩායමක් ලෙස වෙනසක් සමග ඉදිරියට ගමන් කිරීමටයි.රනාගෙ ඒ උත්සහයට සාජජේ අපගේ ස්තූතිය. වෙනසක් සමග ඉදිරියටම යන්න වාසනාව ලැබේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *