දත් බෙහෙත් වලට පාට පාට ඉරි ආවේ කොහොමද කියලා දන්නවද?

අපි කතා කරන්නේ දත් බෙහෙත් ටියුබ් එක මිරිකනකොට එළියට එන අමුතු පාට පාට ඉරි මොනවද කියන එක ගැන. මේ විදිහට මුලින්ම පාට පාට දත් බෙහෙත් ලෝකයට හඳුන්වලා දුන්නේ 1973 අවුරුද්දේ aquafresh කියන දන්තාලේප නිශ්පාදනය කරන සමාගම.මේ විදිහට දන්තාලේප එක එක පාට වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ වෙළඳ අරමුණක් වගේම අපේ සෞඛ්‍ය ගැන අරමුණ කියන දෙකම නිසා කියලා අපිට කියන්න පුළුවන්. 1973 ට කලින් තිබුන දත් බෙහෙත් එක්ක සසඳලා බලනකොට මිනිස්සු හිතන්න ගත්තා මේ දත් බෙහෙත් වලින් මිනිස්සුන්ගෙ දත් ආරක්ෂා කරනවා වගේම අඩු දුර්ගන්ධයක් නැති කරනවා නම් හොඳයි කියලා .

 මෙන්න මේ අවශ්‍යතාවයෙන් ප්‍රයෝජනය ගත්ත aqua fresh කියන සමාගම මුලින්ම තමන්ගෙ දත් බෙහෙත් වර්ගය නිල් සුදු කියලා පාට දෙකකට වෙන් කරලා සුදු පාට තියෙන කොටසේ ෆ්ලෝරයිඩ් සංඝටක වලින් දත් ආරක්ෂා කරනවා කියත්, නිල් පාට කොටස තියෙන ඇක්වා ජෙල් වලින් අපේ කට නැවුම් කරනවා කියලත් ප්‍රචාරය කරලා අලුත්ම දත්බෙහෙත් වර්ගයක් වෙළඳපොලට හඳුන්වලා දුන්නා.මේ විදිහට තවත් කාලයක් ගත වෙලා අන්තිමේට දත් බෙහෙත් වලට අපි කලින් කතා කරපු වර්ණ දෙකට අමතරව රතු පාට වර්ණය තියෙන සංඝටක යෙකුත් මේ සමාගම් එකතු කළා. මේ රතුපාට වර්ණය තියෙන සංඝටක වලින් කරන්නේ දත් කහ පැහැ වෙන එක වළක්වන එක වගේම අපේ දත් වලට සෞඛ්‍යසම්පන්න ගම් වර්ගයක් ලබා දෙන එක.

 මේ හේතුව හින්දා දැන් මේ වර්ණ තුන දැක්ක ගමන් දත් බෙහෙතෙන් ගන්න පුලුවන් ප්‍රයෝජන ටික පාරිභෝගිකයන්ට පේන නිසා ලෝකය පුරාම ඉන්න මිනිස්සු වැඩිපුර මෙහෙම පාට තුනේ දන්තාලේප මිලට ගන්න පෙළඹිලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මෙහෙම ඉරි නැති තනි සුදු පාට දන්තාලේප වලින් උනත් අපි අර කලින් කතා කරපු හැම වාසියක් ම ලබා දෙනවා. ඒ කොහොම වුණත් වැඩිපුර මිනිස්සු ඉරි තියෙනෙ දන්තාලේප මිලට ගන්න කැමති නිසා වෙළෙඳ සමාගම් තාමත් ඒ විදිහට දන්තාලේප නිශ්පාදනය කරනවා. ලංකාවෙත් ඒ විදිහට එක එක වර්ණවලින්  දන්තාලේප තියෙන්නේ අන්න ඒ නිසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *