පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමට රසිකයෙකුගෙන් අනතුරු ඇගවීමක්

හදවතේ ගායකයා හදවතේ නිවේදකයා හදවතේ නායකයා හදවතේ සංගීත කණ්ඩායම ලෙස විරුදාවලිය ලත් ලංකාවේ එකම සංගීත කණ්ඩායම දකුණු ලකින් බිහිවූ පර්පල් රේන්ජ් පමණමයි..සම්මානනීය ගායක හදවතේ ගායක චාමර වීරසිංහ, ඔක්ටපෑඩි රජු ප්‍රසන්න වික්‍රමගේ හදවතේ නිවේදක ඉදුණිල් අන්දරමාන බොරු දැගළිලි නැති ඩ්‍රම්ස් වාදක චම්ලි චින්තක පුංචි කොල්ලා සතුට සුරංග රස්ත කොණ්ඩයා ලෙනෙක්ස් වැනි චරිත අපේ රටට හදුන්වා දුන් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ගැන දික්වැල්ල ප්‍රශේශයේ ආදරණීය රසියකු මුහුණු පොතට එක් කල වචන කිහිපයක් පහතින් දැක්වේ විනාඩි කිහිපයක් අරන් කියවා බලන්න ඔබේ හිතට වදීවි.ඇත්තටම ඔහු පර්පල් රේන්ජ් පිස්සෙකි සැබෑම පිස්සෙකි.පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමට මේක පේන්න සලස්වමු ශෙයාර් කරන්න මිතුරන් අතරේ

අප ඔබගේ සංගීත කණ්ඩායමේ රසිකයන් වූයේ මීට වසර ගණනාවකට ඉහතදීය. එදා සිට අද දක්වා පර්පල් රේන්ජ් රසය අපි හොදින් හදුනයි. අප කෙතරම් සංගීත කණ්ඩායමට බැදී ඇත්ද කියනවානම් මිනිස්සුන් පර්පල් රේන්ජ් පිස්සන් ලෙස අපිව හදුන්වයි. සංගීත කණ්ඩායමේ කෙතරම් වෙනස්කම් සිදු වුවත් අප අදටත් ඔබ සමගයි. වෙනත් කිසිදු සංගීත කණ්ඩායමක ප්‍රසංග නොබලන තරමටම ඔබ කණ්ඩායමට අපි ඇබ්බැහි වී හමරයි. සංගීත කණ්ඩායම් ඉවත් වූවන් අපට අදාල නැත. අපට ඔවුන් වැදගත් වන්නේ පර්පල් රේන්ජ් තුළ සිටින තෙක් පමණි. පර්පල් රේන්ජ් යනු එක් අයෙක් නොවන බව අපි හොදින් දන්නෙමු.

එදා සිට ඔබ දෙස ඉතා උවමනාවෙන් සහ ආශාවෙන් බලා සිටින අපිට හිතට දැනෙන්නේ කණගාටුවකි. එදා කුඩා සංගිත කණ්ඩායම් වලට ගුරුන් ලෙස පෙනී සිටිමින් සංගීත ලෝකයේ යෝධයෙක් සිට නැගී සිටියද වර්තමානයේ ගෝලයන් ගුරුන්ව පසුකරගෙන ගොස් ඇතිබව පෙනේ. ඒ වෙනත් හේතුවක් නිසා නොව උනන්දුව කැපවීම නිසාවෙනි. වර්තමානයේ ආ ඔබෙන් බලාපොරොත්තුවන තරමට කිසිම සාදාරණයක් නොකරන බව අපිට හැගේ. කරන්නන් වාලේ කරගෙන යන බවයි පෙනෙන්නේ.වේදිකාවෙ ඔබ සැම අපිට දිස්වනුයේ කම්මැලි කමින් පිරුණු රැකියාව එපා වූ කම්කරුවන්ගේ මුහුණු ලෙසය. ඒ අතින් අලුතෙන් එකතු වූ නිවේදකයා ගැන සෑහීමකට පත්විය හැක.

ඔහුට උනන්දුවක් ඇති බව පෙනේ. අලුත් නිසා ඔහුත් කැපවීමෙන් කළද කලක් යද්දී ඔහුටද කම්මැලිකමේ සාපය වදීවි යයි සාදාරණ බියක් ඇත.හැකියාව තියාගෙන අදක්ශයන් ලෙස කරන්නන් වාලේ කරන පෑඩ් වාදකයා Drums වාදකයා කීබෝඩ් වාදකයා දුටු විට ඇතිවන්නේ කණගාටුවට එහා ගිය තරහකි.පර්පල් රේන්ජ් රසිකයො ඔබ මොනවා කලත් හොදයි කියයි. ඒ ආදරේ වැඩිකමට මිසක් ඇත්තටම හොද නිසා නොවෙයි. ආදරේ වැඩි උනාමත් හිතුවක්කාර වෙනවනෙ.අවසාන ලෙස ඔබගෙන් මෙසේ ඉල්ලමි. සංගීත කණ්ඩායම ඔබේ බව සතයකි. එහෙත් රසිකයන්ට ඇහුම්කන් දෙන්න. දක්ශතාවය තියාගෙන අදක්ශයන් ලෙස ඉන්න එපා.

නිහතමානීව පිලිගන්න ඔබේ රසිකයක් වේගයෙන් අඩුවීගෙන යන බව.උනන්දුවන්න උනන්දුවන්න,උනන්දුවන්න දහස් වාරයක් වුවද කීමට ඇත්තේ එයයි. රසිකයනි, ඔබ සැබෑ පර්පල් රේන්ජ් රසිකයෙක්නම් ඔබ මම කීව දෙයට එකගවනු ඇත. එසේ නොවන්නේනම් ඔබ සැබෑ රසිකයන් නොවේ. මෙම පණිවිඩය කණ්ඩායමේ සාමාජිකයන් වෙත ගෙන යෑමට සහාය වන්නඋනන්දුවෙන් සහ උපරිම කැපවීමෙන් පර්පල් රේන්ජ් සාමාජික ඔබ සැම සේවය කරනවානම් පර්පල් රේන්ජ්ලට සමකල හැකි සංගීත කණ්ඩායමක් නොවේවි.
ජය වේවා පර්පල් රේන්ජ් ස්තූති.

ඇත්තටම මෙය පර්පල් රේන්ජ් පිස්සෙකි.මෙච්චර කැක්කුමක් ඇත්තේ පර්පල් රේන්ජ් පිස්සෙකුට පමණි.
සේනක අයියේ මෙය ඔබේ අවදානය පිණිසයි ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *