ලංකාවේ හරි මැද නාලන්දා ගෙඩිගේ බලන්න යමු

මීට වසර 1000 පමණ පෙර සිංහල රාජාණ්ඩු පිරිහීමත් සමගම දකුණු ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ රාජ පරම්පරා මුල් කරගත් රාජ වංශයක් ලක්දිව බිහි වුනි.දකුණු ඉන්දීය නායක්කාර් වංශය ශ්‍රී ලංකාවේ රාජ පරම්පරා සදහා ආගමනය වීම තුලින් දිවයින පුරා මහත් කැලබීමක් මෙන්ම පාලන තන්ත්‍රය පිලිබද රටවැසියා උරණ වූ බවක් දක්නට ලදීඑවක මුල් බැසගෙන තිබූ ද්‍රවිඩ සංස්කෘතිය තුල නිර්මාණය වූ නාලන්දා ගෙඩිගේ සිංහල සංස්කෘතීන් සම්මිශ්‍රණය කිරීමේ එඩිතර උත්සාහයක් විය හැකිය.පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නාලන්දා ගෙඩිගේ ඉතිහාසය ආරම්භ වූයේ 1893 දී ය.

අවටින් මනරම් වෙල් යායවල් වලින් සහ ශේශ කදු වැටි වලින් වටවූ බිම් ප්‍රදේශයක ස්තාන ගතවී ඇති මෙම ගොඩනැගිල්ල වර්තමානයේ මධ්‍යම පළාතට අයත් මාතලේ දිස්ත්‍රීක්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්තාන ගත වී ඇත.1980 වන විට බෝවතැන්න ජලාශ යෝජනා ක්‍රමය මගින් ඉදිකල බෝවතැන්න ජලාශයෙන්පැත්තකින් වටවූ මෙම නිර්මාණය ජලාශය ඉදිකිරීමට පෙර තිබුනේ ජලයෙන් යට වන අද වන විට ජලාශය ට අයත් භූමි ප්‍රදේශයකය.සිංහල හින්දු කලා ශිල්ප වල දෙමුහුමක් වූ මෙම නිර්මාණය හින්දු සංකල්පය අනුව “මණ්ඩප” යන නමින්ද හැදින්වෙන අතර එනම් මෙය යම් දේව ඇදහීම් සදහා භාවිතා කල ගොඩනැගිල්ලක් ලෙස විද්‍යමාන වෙයි.


නමුත් මේ තුල කිසිදු හින්දු දේව ප්‍රතිමාවක් හෝ ඒ හා සමාන අනුරූ දක්නට නොලැබේ.පුරාණ ඉන්දීය බෞද්ධ ප්‍රතිමා කලාවට හුරු නිර්මාණ මෙහි දක්න්ට ලැබේ.ඉන්දියාවේ Khajurah හි දක්නට ඇති මූර්ති හා නාලන්දා ගෙඩිගේ තුල ඇති මූර්ති තුල එක හා සමානකමක් ඇති බව අධ්‍යනයේදී පෙනී යයි.7 වන ශත වර්ශයේ දකුණු ඉන්දියාවේ සිටි කුවේරවරුන් විසින් මෙම නිර්මණය සදහා ආධාර උපකාර සහ අනුබල දුන් බව පොතපතෙ හි සදහන් වන අතර බොහෝ විට මෙම නිර්මාණය ඉදි කිරීම සදහා සීගිරි බලකොටුව නිර්මාණය කල නිර්මාපකයන්ම යොදාගත්තා විය හැකි බව සීගිරියේ ඇති නිර්මාණ හා සන්සන්දනය කිරීමන් සිතිය හැකිය.

ගල් පතුරු සහ විශාල ගල් පුවරු එකිනෙක සමපාත කරමින් නිර්මාණය කරඇති මෙම විශ්මිත නිර්මාණය වර්තමානය වන විට බොහෝ බෞද්ධ දෙස් විදෙස් සංචාරක ආකර්ශණය දිනා ගත් තැනක් වී ඇත.එමෙන්ම පුරාණ ලංකාවේ මධ්‍ය ලක්ශය ලෙසද නාලන්දා ගෙඩිගේ හැදින්වූ බව කියති.මහනුවර යාපනය A9 මාර්ගයේ නාඋල ප්‍රාදේශීය රෝහල අසලින් ඇති මාර්ගය ඔස්සේ මෙම මනරම් නිර්මාණය නැරබීමට ඔබටද පිවීය හැකිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *