වොයිස් ෆැක්ටරියක් වගේ හඩ අනුකරණය කරන සුජිත් අශේන්

සුජිත් අයියා කොහොමද ඉතින්
හොදින් ඉන්නව මල්ලී වැඩ ටිකත් කරගෙන.

අපි දැක්ක පහුගිය දවස් වල අන්තර්ජාලය පුරා ප්‍රචාරය උනා මුලින්ම වොයිස් චේන්ජ් නන්ස්ටොප් ගායනා කලේ ඔයා කියල ඒ ගැන මොකද කියන්නෙ..?
හ්ම්ම්ම්. ඔව් ඒක ඇත්ත. වොයිස් ෆැක්ටරි කියන මාර්තෘකාව මුලින්ම ප්‍රසංග වේදිකාවට ගෙනාවෙ මම. තවත් කළාකරුවන් එක එක වොයිස් වලින් ගීත ගායනා කලා තමයි. ඒත් වොයිස් ෆැක්ටරි කියල නන්ස්ටොප් එකක් ප්‍රසංග වේදිකාවට මුලින්ම ගෙනාවෙ මම. ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බලන්න පුලුවන් ඒක බොරුවක්ද කියල.

ඔයා මුලින්ම කරේ ඒත් වෙන අය නම හදා ගත්ත එහෙම නේද.
ඔව් දැන්නම් සමහරු කියනව එයාල තමයි මුලින්ම වොයික් ෆැක්ටරි එක කලේ කියල. ඒත් දන්නෝ දනිති සිනාසෙමින් ඔහු පිළිතුරු දුන්නා..

ඔයා මුලින්ම මුයුසික් වලට සම්බන්ද උනේ කොහොමද අපි ඒ ගැන ටිකක් කියමුද ඔබගේ රසිකන්ට.

මම මුලින්ම මියුසික් වලට සම්බන්ද උනේ 2005 ව‍ර්ශයේ දී.ඒ අම්බලන්ගොඩ Feel Back සංගීත කණ්ඩායමත් සමග. 2005 වර්ශයේදී Feel Back සංගීත කණ්ඩායමට එකතු වුනේ ඔක්ටපෑඩ් වාදයයෙක් වශයෙන්.. ඒත් 2007 වසරෙ තමයි නියාමක ගායකයෙක් වශයෙන් කටයුතු කරන්න ගත්තෙ.

ඔබ සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම තුලින් තමයි රසිකයන්ව අදුරගත්තෙ මම හරිද?
ඔව් ඔයා හරි. මම සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමට එකතු වුනාට පස්සෙ තමා ගොඩාක් රසිකයො අතරට ගියෙ. සකුරා රේන්ජ් නායක අජිත් මුතුකුමාරණ අයියාට මම ගොඩාක් ස්තූති වන්ත වෙනව මාවා ඇ තැනට ගෙනාව එකට.

ඔබ රසිකයන් වෙනුවෙන් අලුත් දෙයක් කරපු කෙනෙක් මුලින්ම වොයිස් ඇක්ශන් නන්ස්ටොප් එකක් හැදුවෙ ඔයා. ඒකට කලාකරුවන්ගෙන් චෝදනාවක් එහෙම ආවෙ නැද්ද.

දැන් ඉතින් වොයිස් ෆැක්ටරි එක හැමෝම කරන නිසා මම වෙනස් දෙයක් කරන්න ඕනෑ කියල හිතුවා. ඉතින් ඒ නිසා මම ඇක්ශන් වොයිස් ෆැක්ටරි එක නිර්මාණය කලා .රසිකයන්ගෙන් නම් ලොකු ප්‍රතිචාර ලැබුණා. තව ටික දවසකින් ඇක්ශන් වොයිස් ෆැක්ටරි එකත් කරාව් අපේ සහෝදර ශිල්පීන්. තවමනම් ප්‍රවීණ කළාකරුවන්ගෙන් ප්‍රශ්නයක් වෙලා නෑ. ප්‍රසංග වේදීකාවෙ පමණයි මම ඇක්ශන් වොයිස් ෆැක්ටරි එක කලේ. නමුත් කිසිම කළාකරුවෙක්ට අපහාසයක් වෙන්න හිතාන නෙවෙයි මම ඒ ඉදිරිපත් කිරීම කලේ. ඒ කලාකරුවන්ට මම ගොඩාක් ආසයි. ඒ ආසාව නිසාම ඒ කලාකරුවන් වේදිකාවේ ඔවුන්ගේ අංගචලනයන් ඉදිරිපත් කරන ආකාරයත් මට කරන්න හිතුනා ඒ නිසා තමයි ඇක්ශන් වොයිස් ෆැක්ටරි එක නිර්මාණය කලේ..

පහුගිය දවස් වල ෆේස් බුක් හරහා රසිකයන් ගොඩක් දෙනෙක් කියල තිබුන සුජිත් පර්පල් රේන්ජ් සෙට් උනොත් හොදයි කියල ඒ ගැන මොකද කියන්නෙ..?

හ්ම්ම්. ඔව් එක එක රසිකයන්ගෙ එක එක අදහස් තියෙනව. අපි ඒවට ගරු කරන්න ඕනි. මොකද ඒ අය අපිට ආදරේ නිසා තමයි ඒ වගේ අදහස් ඉදිරිපත් කරන්නෙ. බලමු ඉතින් නේද? හැමදේම කාලයට භාරදීල ඉන්නව බලාගෙන.

කණ්ඩායම් සංගීතය දාල යන්න හිතක් නෑ නේද.
හ්ම්ම්. තවමනම් එහෙම හිතක් නෑ . ඒත් දැන් මියුසික් කරා ඇති කියල හිතන අවස්ථා බොහොමයි. ඒත් මියුසික් කරපු කෙනෙක්ට මේක අතාරින්න බෑ ටිකක් අමාරුයි.

ඔබගේම ගීතත් තියෙනව ඔබව ගායන ශිල්පියෙක් විදියටත් ප්‍රසංග බාර ගන්නව ඉතින් ඔබගේ රසිකයන්ව දාල යන්න දුකක් නැද්ද.

ඔව් මගේම ගීතයක් තියෙනව. ඔබ දුන්නු වේදනා කියල.මම ගායන ශිල්පියකු වශයෙනුත් සජිවී ප්‍රසංග වලට සහභාගීත් වෙනව. ඒත් ගොඩක් ප්‍රසංග මට මගඇරෙනව සංගීත කණ්ඩායමේ ප්‍රසංග නිසා. මොකද සංගීත කණ්ඩායමේ ප්‍රසංගයකදී මුල සිට අවසන් වනතෙක් මට වේදීකාව උඩ ඉන්න වෙන නිසා. ඉතින් සංගීත කණ්ඩායම ගීත ගායනා කරන බැන්ඩ් සෙශන් එක අවස්ථාවෙ ගීත ගායනා කිරීමේ කටයුතු මට කරන්න වෙනවා. ඒ නිසා ගොඩාක් ප්‍රසංග මට මග ඇරෙනව. අප්‍රියෙල් මාසෙ මට ප්‍රසංග 20කට විතර ආරාධනා ලැබුණා.ඒත් ඒ ආරාධනා වලින් එක ප්‍රසංගයකට පමණයි සහභාගී වුනේ..

අද සාජ්ජේත් එක්ක නිහතමානීව සම්බන්ද උනාට ගොඩක් ඉස්තූතියි ඔබගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියල අපි සුබ පතනවා.
ගොඩාක් ස්තූති ප්‍රසන්න ඔයාටත්. ඒ වගේම සාජ්ජෙ ටීම් එකේ හැමෝටමත් මාව සම්බන්ද කරගත්තට.ඔයාලටත් ජය වේවා. ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..

සටහන හා ව්ස්තර ලබාදුන්නේ ප්‍රසන්න තේනුවර.
සුජිත් අශේන් 0776078896

ඔබ ගැන හෝ ඔබගේ සංගීත කණ්ඩායම ගැන විස්තර පලකරගැනීම සදහා කතා කරන්න 0777 357 456 මියුසික් සාජ්ජේ අපිට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *