ලොවම භීතියට පත්කළ නින්‍ජාවරුන් ගැන දන්නවාද?

 

නින්ජා කියන්නේ ජපානයත් එක්ක සම්බන්ධ සටන්කරුවෝ වර්ගයක් උනත් අපි හැමෝම මේ නින්ජලා  ගැන දන්නවා  පුංචි කාලේ ඉඳලම අපි මේ නින්ජලා ගැන දැනගන්න හේතුව තමයි ආසාවෙන් බලපු අපි රජ ඉබ්බො කාටුන් එක මේ කතාවේ ඉන්න ජපන් මාස්ටර් නින්ජා සටන් කලාව ප්‍රගුණ කරපු කෙනෙක් හැබැයි අපි මේ කාටුන් වලින් වගේම චිත්‍රපටිවලින් දකින නින්ජා සැබෑ ලෝකයේ නින්ජලාට වඩා ගොඩක් වෙනස් වෙනවා

  ජපානයේ මධ්‍යතන යුගයේදී මේ නින්ජාවරු අභිරහස් සටන්කරු පිරිසක් විදිහටයි හිටියේ ඒ නිසාම ඒ කාලේ මිනිස්සු නින්ජලාට පියාඹන්න පුළුවන්, පේන්නේ නැතුව යන්න පුළුවන්, වගේම ඕන තරම් වෙලා වතුර යටින් යන්න පුළුවන් කියලත් විශ්වාස කළා මේ දේවල් ජපානයේ මිනිස්සු කට කතා විදියට හදපු සිද්ධි වුණත් නින්ජා වරුන්ට  ඇත්තටම තමන්ටම විශේෂ උණ හැකියාවන් තියෙනවා

  ජපානයේදි මේ සටන් කලාව ninjutsu කියලා තමයි හඳුන්වන්නෙ ක්‍රිස්තු වර්ෂ 6 වැනි සියවසේ විතර පටන් ගත්ත මේ සටන් කලාව මුලින්ම ඉන්දියාවෙන් ආරම්භ වෙලා පස්සෙ yamaguchi කියලා හඳුන්වන හාමුදුරු කණ්ඩායමක් මේක ජපානයට ගෙනාවා කියලා විශ්වාස කරනවා ඊට පස්සේ ඒ කාලේ ජපානයේ කඳුකර ප්‍රදේශවල භාවනායෝගීව හිටපු හාමුදුරුවරු මේ වටිනා දැනුම තරුණයන්ට ලබාදීලා ආයුධ හැසිරවීමේ දැනුමත් එක එක මායාකර්ම වගේම සටන් ශිල්පයත් ගන්වලා තියෙනවා

 ඒ වගේම මේ නින්ජලා සමුරායිවරුන් ගෙන් වෙනස් වෙන්නේ සමුරායිවරුන් ඒ කාලේ වැඩවසම් යුගයේ තමන්ගේ ස්වාමියාට සේවය කළත් මේ නින්ජා සටන් කරුවෝ ස්වාධීනව හිටපු එක මුලින්ම මේ නින්ජා කෙනෙකු පුහුණු  කරන්න පටන් ගන්නේ five  elements of voojing  කියලා හඳුන්වන මූලික ද්‍රව්‍ය එක්ක අනුගත වෙලයි මේ ද්‍රව්‍ය පහ වෙන්නේ ගින්දර ජලය ලී ලෝහ වගේම පොලව මුලින්ම මේ හාමුදුරුවරු වගේම පුහුණු වෙන පුද්ගලයෝ දියඇලි වලින් වතුර වැටෙන තැන් වල පීඩනය දරාගෙන පැය ගානක් ඉන්නවා වගේම ගොඩක් උණුසුම් කරපු ගල් අඟුරු උඩ රස්නය දරාගෙන ඇවිදිනවා

  මේ හැම දේකම අරමුණ තමන්ගේ ඇගේ දරාගැනීමේ ශක්තිය වැඩි කරන එක විශේෂත්වය වෙන්නේ ඔවුන් මේ හැමදේම කරන්නේ සොබාදහමත් එක්ක බද්ධ වෙලා නිසයි චිත්‍රපටි වල නම් ඉන්න ප්‍රධාන නලුවා නින්ජා සටන් කලාව සම්පූර්ණයෙන්ම අවුරුදු කීපයකින් ඉගෙන ගන්නවා කියලා පෙන්නුවත් ඇත්ත ලෝකෙදි නම් මේ සටන් කලාව කෙනෙක් උපතේ ඉඳලම තමයි පටන් ගන්නේ ඒ වගේම මේ සටන් කලාවත් අංගම් පොර වගේම තමන්ගෙ කෙනෙක්ගෙන් පිට කෙනෙක්‍ට යන්න නොදී ගොඩක් ප්‍රවේශම් කරනවා පුංචි කාලෙදිම පටන් ගන්නට මේ නින්ජා සටන් කලාව පුහුණුව වෙලාවකට පුංචි දරුවෙක්ට දරාගන්න බැරි ගොඩක් දරුණු එකක්

  උදාහරණයක් විදිහට කියනවා නම් පුංචි කාලේ මේ දරුවන්ව තොටිල්ලක දාලා කාමරයක් මැද්දේ එල්ලලා දෙපැත්තට වේගයෙන් පද්දනවා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දරුවා තොටිල්ලත්  එක්ක කාමරේ එහෙ මෙහෙ හැප්පෙනකොට ඇතිවෙන කම්පනයන් දරාගෙන  අන්තිමේට තැලීම් පොඩවීම් මොකුත් නැතුව පහළට වැටෙන්න පුරුදු කරන එක ඒ වගේම අවුරුදු අටක් වෙනකොට මේ නින්ජා සටන් පුහුණු වෙන දරුවෙක් තමන්ට දැනෙන ඕනම වේදනාවක් කෑගහන්නෙ නැතිව නිහඬව දරාගන්න පුරුදු වෙන්න ඕන

  ඒ වගේම ඕනම කුරුල්ලෙක්ගේ වගේම සතෙක් හඬ අනුකරණය කරන්න පූසෙක්ට වඩා හොඳට ගස් නගින්නත් හරිම ඉලක්කයට ගල් හරි මොනවා හරි වස්තු විසි කරන්නත් අඳුරේදී හොඳට දකින්නත් සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා වැඩි වෙලාවක් වතුර යටදී හුස්ම නොගෙන දරාගෙන ඉන්නත් වගේම තමන්ගේ ඇගේ ඔනෑම අස්ථියක් ඕනම දිශාවකට නමන්නත් මේ දරුවෙක්ට පුළුවන් වෙන්න ඕන මේ මම කියපු දක්ෂතා අතරින් අඳුරෙදි පේන දක්ෂතාවය තියෙන්න ඕන දෙයක් කියලා සලකනවා

 ඒකට ලොකුම හේතුව තමයි මේ පුද්ගලයෝ අඳුරු සෙවණැලි වල හැංගිලා කාටවත් නොදැනී තමන්ගේ ප්‍රහාරය එල්ල කරන එක ඒ නිසා මේ හැකියාව වැඩි කරන්න පුංචි කාලෙ ඉඳලම මේ දරුවන්ට කන්න දෙන්නෙ වැඩිපුර විටමින් ඒ තියෙන කෑම විතරයි ඒ විදියට ආහාර දෙන ගමන් රෑට කඳුකර ගුහාවල් ඇතුලේ අඳුරේ තමයි මේ දරුවන්ට ගොඩක් සටන් කලා පුරුදු කරන්නේ ඒ වගේම තවත් මොවුන්ගේ නින්ජා  සටන් පුහුණුවේ වැදගත්ම අංගයක් තමයි ආයුධ හසුරවන්න ප්‍රගුණ කරවන එක එහෙම ආයුධ හසුරවන්න පුරුදු කරන එකත් පුංචි කාලෙ ඉඳන්ම පටන් ගන්නවා

  එතකොට නව යොවුන් වයසට එනකොට ගොඩක් දරුණු ආයුධ හසුරවන්න මේ පුද්ගලයෙක්ට පුළුවන් සාමාන්‍යයෙන් මේ නින්ජා  කෙනෙක්ට පුරුදු කරවන ප්‍රසිද්ධම ආයුධය තමයි ශිනෝ බිගටනා  කියලා ජපානයේ හඳුන්වන කඩුව මේ කඩුව සමුරායිවරු පාවිච්චි කරන කටානා  කඩුව ඒක පටලගන්න එපා හසුරවන්න පහසුවෙන්න මේ නින්ජා කෙනෙක් පාවිච්චි කරන කඩුව samurai කෙනෙක් පාවිච්චි කරන කටානා  කඩුවට වඩා තලය ගොඩක් කෙටි කරලයි හදලා තියෙන්නේ

වදින හැම පහරක්ම  මරණීය වෙන්න ඕන නිසා මේ මිනිස්සු තමන්ගේ කඩුවෙ විෂ තවරගෙන ඉන්නේ ඒ වගේම නින්ජා සටන් සම්බන්ධ චිත්‍රපටි පළමු කෙනෙක්නම් අනිවාර්‍යයෙන්ම ඔවුන් විසිකරන තරු වගේ  ලෝහ කොටස් දැකලා ඇති මේවා ජපානයේ හඳුන්වන්නේ shurikans කියන නමින් මේ නම සිංහලට පරිවර්තනය කලාම තේරුම වෙන්නේ අතේ සඟවගෙන යන තලය කියන එක කෙලවරවල් ගොඩක් තියුණු කරලා තරුවක් විදියට හදපු මේ ලෝහ ආයුධ නින්ජා සටන් කරුවෝ සටන් වලදි ගොඩක් පාවිච්චි කරනවා

 ඔවුන් මේවා සතුරන්ට පහර දෙන්න පාවිච්චි කරනවට අමතරව ඈත තියෙන ලණු වගේ දේවල් කපන්නත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා ඒ වගේම මේ shuriken එකක් වැදුනා කියලා මරණීය අනතුරක් කාටවත් සිද්ධ වෙන්නේ නෑ අන්න ඒ නිසා මේ අනතුර මරණීය එකක් කරන්න මේ ආයුදේ තලවල විස තවරන්න මොවුන් අමතක කරන්නේ නැහැ ඒ වගේම තව මේ නිනජා සටන්කරුවෝ පාවිච්චි කරන ආයුධ හැටියට ලංකාවෙ තියෙන දෑකැත්තක හැඩයට  ටිකක් සමාන වෙන කෝමා කියලා හඳුන්වන ආයුධයත් හඳුන්වන්න පුළුවන් නින්ජා සටන් කලාවේ මේ ආයුධය හසුරවන්න වෙනම කමජිට්ශු කියලා කලාවක් තියෙනවා

  ඒ වගේම තවත් ප්‍රසිද්ධම ආයුධයක් විදියට මේ කෝමා එකකට දිග දමවැලක් සම්බන්ධ කරල අනිත් කෙරවලේ කටු තියෙන බෝලයක් සවිකරපු කුසාරිගාමා කියන ආයුධයත් හඳුන්වන්න පුළුවන් මේ ආයුධයෙන් සතුරන්ගේ අතේ තියෙන මොකක් හරි ආයුධයක් පටලලා අරගෙන සතුරව නිරායුධ කරන්න දන්න වැල සතුරා වටේ ඔතලා සතුරා අඩපණ කරන්නත් යොදා ගන්නවා ඉතිහාසයේ සඳහන් වෙන විදියට මේ වගේ වෘත්තීය මට්ටමින් නින්ජා සටන් කලා කූඩු කරපු අන්තිම කණ්ඩායම වෙනි සියවසේදි විනාශ වෙලා ගියාලු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *