ආදරය ගැන ඔයා හිතන්නෙත් මේ විදිහටද?

මේක කියවල ඉවර වෙද්දි මට කුණුහරුපෙන් බනින පිරිසක් අනිවාර්යයෙන්ම බිහිවෙනවා…ඒක නවත්තන්න බෑ….ඒත් ඇත්ත ලියන්නයි බිම ඉදගන්නයි බැරි නිසා ලියමි…

ආදරය කියන්නේ සහ පුදුමාකාර දෙයක්නේ…ඒක විවිධාකාරයි…ඒකපාර්ශ්වික සිට හිතින් විතරක් කරන ආදරය තුල තව කොච්චර නම් ආදර කරන විදි ඇතිද…ඒක තමා ඇත්ත…ආදරයක් කරන්න සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් පටන් ගන්නේ ටිකක් තරුණ කාලේ…අවුරුදු 18 – 22 වගේ කාලය තුලදි….ඔය කා⁣ලයේදි වැඩිය බරක් නෑ දැනෙන්නේ ජිවිතේ…ඒක තමා ඇත්තම කතාව…ඉතින් හරිම විනෝදකාමිව බොලඳ ආදරය දුවනවා හදවත පුරාම…මොකද විදින්න පුලුවන් ආදරයක්නේ…ඒ කාලේ…හැබැයි ටිකක් කල් යද්දි ඒ කිව්වේ අවුරුදු 25 විතර පැන්නාම අර කරපු ආදරය කරන්න බෑ….ගොඩාක්ම ඔතනදි අසරණ වෙන්නේ කොල්ලාගේ පැත්ත…

මොකද කොල්ලාට ටිකක් වගකිම් වල බරට මුණ දෙන්න වෙනවා…යුතුකම් ඉටු කරන්න වෙනවා…මෙතනදි මම කියන් නෑ කියන කියන දේ කරනවා කියල දේ නෙවේ යම් දුරකට කොල්ලා කොටු වෙනවා….කොල්ලෙක්ගේ ජිවිතේ මොන තරම් හීන තිබුණත් ආදරය එක්ක…අර වගකිම් වල බර එද්දි ඌට හීන ටිකකට අමතක කරන්නම වෙනවා අනාගතය වෙනුවෙන්…ඔන්න කෙල්ල දාල යන තැනක්…මොකද තමුසේ ඉස්සර වගේ දැන් මට ආදරේ නෑ නේද කියන තැනට කෙල්ල එනවා…කොච්චර ආදරය කලත් වගකිම් වැඩි වෙද්දි කොල්ලා ටිකක් කාර්ය බහුල වුනාම කෙල්ල හිතන්නේ ආදරය අඩු කරල කියල…ඒක තමා ගෑණු හිතේ දුර්වල කම….මම මේක ලිව්වාම කෙල්ලෝ වෙන වෙන කතා කියාවි…

උඩු හිතින් පිලි නොගත්තත් යටි හිතට පිලිගන්න වෙන ඇත්ත කතාව ඕක…කෙල්ලෙක්ට වඩා කොල්ලෙක්ට එන වගකිම් වැඩි…ඌ ආදරය නැති කමට මේ ඉස්සර වගේ නෑ වෙනවා නෙවේ…ඌ දෙන්නාගේම අනාගතය වෙනුවෙන් වගකිම් එක්ක කාර්ය බහුල⁣ වෙනව කියල තේරුම් ගැනිමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි….අදටත් මම දන්න ආදරය කරන කපල් ඉන්නවා ලියුම් වලින් ආදරය කරන ඒක විහිලුවක් වගේ පෙනේවි දැන් තියන තාක්ෂණය අනුව…ඒත් එහෙම අයත් ඉන්නවා…මගේ ලිස්ට් එකේ ඉන්න කෑම්පස් එකේදි හමුවුන කෙනෙක් තමා මේ විදිහට මම දන්න කෙනා…ඒක හරි අපුරුයි…කොයි තරම් තේරුම් ගැනිමක් තියෙනවා ඇද්ද…කොල්ලා ලියුම එවනකන් කෙල්ල බලන් ඉන්නවා…කෙල්ලගේ ලියුම යනකන් කොල්ලා බලන් ඉන්නවා… ඒක හරි අපුරුයි….

කතාවෙන් පිට ගියාද මන්දා….ඔලුවට ගන්න ඕන මෙච්චරයි….ආදරය මුල් කාලේ වගේම හැමදාම තියාගන්න අමාරුයි….ඒ කියන්නේ මුල් ආදරයම නෑ කියන දේ නෙවේ….වගකිම් සමඟ ජිවිතේ ඉදිරියට යාම සමඟ තේරුම් ගැනිම් වැඩි විය යුතුයි කියන එක…නැතුව ආදරය වෙනසක් වෙන් නෑ…අර බොලඳව කරපු ආදරය ටිකක් සංකිර්ණ වෙනවා පමණයි යුතුකම් වගකිම් එක්ක….ඒකයි වෙන්නේ….කෙල්ලෙක්ට වගේ කොල්ලෙක්⁣ට හැමදාම බොලඳ වෙන්නත් බෑ….කොල්ලෙක්ට වගෙ කෙල්ලෙක්⁣ට සංකිර්ණ වෙන්නත් බෑ…හැබැයි අනිවාර්යයෙන්ම තේරුම් ගැනිමක් කල යුතුමයි….මොකද කෙල්ලෝ පතන බොලඳ ආදරයම හැමදාම කොල්ලෙක්⁣ට දෙන්න බෑ ජිවිත ගමන දුවද්දි….ඒක තමා ඇත්ත කතාව…

මට මොන කුණුහරුපෙන් බැන්නත් ඇත්ත කතාව ඕක….

කන හරහා මොලයට නොව ඇස් හරහා මොලයට යවාගන්න…..ආදරණිය ඉල්ලිම….සඳු කුලතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *