පිස්සු හැදෙන විදිහේ කෑම ජාති අවසන් භෝජනයට ගත්ත සිරකරුවෝ

සිරකරුවෙක් ට මරණ දඬුවම දෙන්න කලින් එක කෑම වේලක් ඒ සිරකරුවාට කැමති විදිහට කන්න ලබා දෙනවා කියලා ඔබ දන්නවා ඇති ලෝකයේ එක එක රටවල් වලදි මේ නීතිය වෙනස් වුණත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන ඇමරිකාව වගේ රටවල් වල සාමාන්‍යයෙන් හිරකාරයා ව මරන්න දවසකට දෙකකට කලින් මේ කෑම වේල ගන්න අවස්ථාව  දෙනවා මෙහෙම ලෝකය පුරාම එක එක රටවල් වල ඉන්න අපරාධකාරයො එක එක විදිහෙ කෑම ඉල්ලලා තිබුනත් විශේෂයෙන්ම සලකලා බලන්න ඕන විදිය අමුතුම කෑම ඉල්ලපු අපරාධකාරයොත් ඉන්නවා


  මුලින්ම අපි කතා කරන්නේ වික්ටර් හැරී ෆැගර් කියන හිරකරුවා ගැන. 1963 දී අවුරුදු විසි අටක් වයස මේ පුද්ගලයව එල්ලලා මරන්න අධිකරණය නියෝග කළා. එහෙම නියෝග කරන්න හේතුව තමයි මේ පුද්ගලයා කෙනෙක්ව පැහැරගෙන ගිහින් මරල දාපු එක. එල්ලලා මරන්න ටික දවසකට කලින් මොහුගේ අන්තිම කෑම වේල විදිහට ගන්න මොකක්ද කැමති කියල ඇහුවම ඔහු කියලා තියෙන්නේ එක ඔලිව් ගෙඩියක් ගෙනත් දෙන්න කියලයි. මේක ආහාරයට ගත් ඔහු එල්ලලා මැරුවට පස්සේ ඔහුගේ ඇඳුම් වල තිබිලා මේ ඔලිව් ගෙඩියේ බීජය හොයාගන්න පුළුවන් වුණා. විශ්වාස කරන විදිහට මේ අන්තිම කෑම එක විදිහට ඔලිව් ගෙඩියක් ඉල්ලලා තියෙන්නේ ඒ බීජයත් එක්ක ඔහුව වල දැම්මට පස්සේ ඔහු ගෙවල් ඔහුවම දිරා පත් වුණාට පස්සේ ලැබෙන පෝෂණය අරගෙන කවදහරි දවසක විශාල ඔලිව් ගහක් පැලවෙන්නයි.

මීලගට කියන්නේ  යන්නේ පීටර් ජේ ඉනියෙල් කියන සිරකරුවන ගැන. මොහු ඉල්ලපු  ආහාර වේල මියයන්න කලින් සිරකරුවෙක් ඉල්ලපු ලොකුම ආහාර වේලවල් වලින් එකක් ඒ හින්දා මේක ඉතිහාස ගත වෙලා තියෙනවා. ඔහු ඉල්ලපු මේ කෑම වේලෙ හරක් මස් වලින් හදපු  ටාකෝස් 20කුයි  හරක් මස් වලින් හදපු එන්චිලාඩස්  කියන කෑම වර්ගයෙන් 20 ක්,ඩබල් චීස් බර්ගර් දෙකකුයි පැලපෙනෝ පීසා එකකුයි බැදපු කුකුල් මස් පිඟානකුයි ස්පැගටි පිඟානකුයි පලතුරු කේක් එකකුයි චොකලට් කෙක් එකකින් භාගයකුයි වැනිලා කේක් එකකින් භාගයකුයි ක්‍රීම් දාපු බිස්කට් පිකෑන් සහ caramel දාපු අයිස්ක්‍රීම් එකකුයි කොකා කෝලා බෝතල් බෝතල් දෙකකුයි ,පෙප්සි බෝතල් දෙකක්,රූට් බියර් බෝතල් දෙකකුත් වගේම දොඩම් යුෂ වීදුරු දෙකක් තිබුණා.

ඊළඟට අපි කතා කරන්නේ ජෝන් වේන් ගේසි කියලා හඳුන්වන හිරකරුවා ගැන. මේ පුද්ගලයව 1994 දී එල්ලලා මරලා තියෙනවා එහෙම කරන්න හේතුවුණේ මේ මනුස්සය විකටයෙක් විදිහට ඇදගෙන ගිහින් පුංචි ළමයි තිස්තුන් දෙනෙක්වම ලිංගික අතවර කරල මරලා දාපු හින්දා. ඔහු ඉල්ලපු අවසාන කෑමවේල ඔහු කරපු පිස්සු වැඩේ තරම් නම් අමුතු දෙයක් වුණේ නැහැ. ඒ උනාට මේ කෑම එක දිහා බලද්දි නම් මේ මනුස්සයට පිස්සු ද කියලා හිතෙනවා. ඒ විදිහට ඔහු ඉල්ලලා තිබුනේ බැදපු ඉස්සෝ, kfc  චිකන් බකට් එකකුයි බැදපු අල පෙති ස්ට්‍රෝබෙරි රාත්තලකුයි. ස්ට්‍රෝබෙරි කියන්නේ ගොඩක් රසවත් පලතුරක් වුණත් ඒවගෙන් රාත්තලක් මනුස්සයෙක්ට කන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවද?

 ඊළඟට කතා කරන්නේ රකී රේ රෙක්ටර් කියන පුද්ගලයා ගැන. මේ අපරාධකාරයා එක දවසකින් මිනිස්සු දෙන්නෙක් ව මරලා දැම්මා. ඒ විදිහට මත්පැන් කලකදී බහින්බස්වීමක් වෙලා මුලින්ම මොහු පුද්ගලයෙක්ව මරලා දාලා තියෙනවා. ඒක දැකපු පොලිස් නිලධාරියෙක් ඔහුව අත්අඩංගුවට ගන්න එනකොට ඒ පුද්ගලයාටත් වෙඩි තියලා මොහු මරලා දැම්මා. ඊට පස්සේ පොලිසියෙන් බේරිලා මේ පුද්ගලයා පැනලා යන ගමන් හිටියත් පොලිසිය මොහු වටකරලා අල්ල ගත්තා. එහෙම අල්ල ගන්න කොටම මොහු තමන්ටම වෙඩි තියාගන්න හැදුවත් ඒක සාර්ථක වෙලා නෑ. ඒ වෙනුවට ඇතිවුන කම්පනය නිසා ඔහුට පිස්සු හැදිලා තියෙනවා.

 අධිකරණයෙන් නම් මේ පුද්ගලයා ට මරණ දඬුවම දෙන්න නියෝග කරාට පස්සේ ඔහුගෙනුත් අන්තිම කෑම වේලට මොනවද ඕනි කියල ඇහුවම ඔහු කියලා තියෙන්නේ ඔහුට හරක් මස් කෑම වේල කුකුල් මස් එකකුයි චෙරි රස බීම එකකුයි පී කෑන් පයි එකක් අතුරුපස ටයි ඕන කියලා. අන්තිමේට අනිත් සේරම දේවල් කාල ඉවර කළත් ඔහු අර පී කෑන් පයි එක කාලා තිබුණෙ නැහැ.  සමහර විට ඒකට හේතුව ඔහුට මේ පිස්සු හැදිලා තිබුන එක වෙන්න පුළුවන්. අන්තිමේට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් අහල තියෙන්නෙ අර අතුරුපස එක ඔහුට පස්සේ කනකං අරන් තියන්න පුළුවන්ද කියලයි. එකෙන්ම පැහැදිලි වෙනවා මේ පුද්ගලයට තමන් නො මරන්න යන්නේ කියලවත් තේරිලා නෑ කියන එක.

ඊළඟට අපි කතා කරන්නේ රොනි ලී ගාඩ්නර් ගැන.මේ පුද්ගලයා තරම් lord of the ring චිත්‍රපටි වලට ආස කෙනෙක් නැති තරම්. ඇමෙරිකාවේ ජීවත් වුන මේ පුද්ගලයා මංකොල්ලකෑමක් අතරතුරදී කෙනෙක්ට වෙඩි තියලා මරපු නිසා 2010 අවුරුද්දේදී මරණ දඬුවම නියම වුණා. මරලා දාන්න නියෝග කළේ වෙඩි තියලයි. ඔහු තමන්ගේ අන්තිම කෑම වේල විදිහට ඉල්ලුවේ හරක් මස් පිඟානක් පොකිරිස්සෙක්, වැනිලා අයිස්ක්‍රීම් එක්ක apple pie එකක් වගේම බොන්න sevenUp බීම බෝතලයක්. ඒ වගේම ඔහුගේ කෑම කන ගමන් lord of the rings චිත්‍රපටි තුනම බලන්න අවස්ථාව දෙන්න කියලා ඉල්ලුවා. බන්ධනාගාර නිලධාරීහු ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කරන්න තීරණය කළාට පස්සේ එක දිගට පැය 11ක් විතර තමන්ගෙ අන්තිම කෑම වේල ගන්න ගමන් මේ චිත්‍රපටි 3 බැලුවා. අන්න ඒ නිසා මේක ලෝක ඉතිහාසයේ අපරාධකාරයෙක් ගත්ත දීර්ඝතම අන්තිම කෑම වේල කියලා සලකනවා.

 ඊළඟට අපි කතා කරන්නේ ජේම්ස් එඩ්වඩි ස්මිත් කියන පුද්ගලයා ගැන. මේ පුද්ගලයා එක සැරයක් රක්ෂණ සමාගමක් මංකොල්ල කන්න තීරණය කරලා තියෙනවා. මේ මංකොල්ලය කරන ගමන් ඉන්නකොට මැදිහත් වුණ එක රක්ෂණ නියෝජිතයෙකුට මොහු වෙඩි තියලා මරපු වරදට තමයි ඔහුට මරණ දඬුවම හිමි වුණේ. අපරාධකාරයෝ ඉල්ලපු එක එක කෑම වේලවල් අතරින් අමුතුම කෑම වේල ඉල්ලුවේ මේ පුද්ගලයා. කියලා අපිට කියන්න පුළුවන්. ඒ විදිහට ඔහු 1990 දී අන්තිම වතාවට කන්න ඉල්ලුවේ විශාල පස් කුට්ටියක්. සමහරු නම් කියන විදිහට මේ පුද්ගලයා අන්තිම කෑම වේල ගැන වැඩිය හිතපු නැති නිසා මෙහෙම දෙයක් ඉල්ලුවාට තවත් සමහරු කියන විදිහට ඔහු මායා කර්මයක් කරන්න තමයි මේ විදිහට පස්සේ ඉල්ලලා තියෙන්නේ. මිනිස්සු එහෙම කියන්න හේතුව තමයි ඔහු රෙකන්ඩා කියන පස් වර්ගයෙන්ම පස් ඉල්ලපු එක. හැබැයි අපරාධකාරයෙක් ද දෙන අන්තිම කෑම වේලට පස් දෙන එක නීත්‍යානුකූල නැති හින්ද ඔහුට අන්තිමේට යෝගට් කප් එකකුයි ලැබුණේ

ඊළඟට අපි කතා කරන්නේ david liyon wood කියන අපරාධකරුවා ගැන. 2007 අවුරුද්දේ ගෙදරකට හොරෙන් ඇතුළු වෙලා හොරකමක් කර කර ඉන්නකොට මේ පුද්ගලයා අවුරුදු හැත්තෑ හතක් වයස කෙනෙක්ව මරලා දැම්මා. අන්න ඒ නිසා ඔහුට ඇමරිකාවේ අධිකරණයකින් මරණ දඬුවම හිමි උනා. ඔහුව මරලා දාන්න කලින් අන්තිමේට කන්න කැමති මොනවද කියලා ඇහුවට පස්සෙ බන්ධනාගාර නිලධාරීන්ට ඔහු කියලා තියෙන්නේ ඔහුට pizza එකකුයි උපන්දින කේක් එකකුයි ගෙනත් දෙන්න කියලා. ඔහුව මරලා දාන දවසට තව මාස තුනකට පස්සේ ඔහුගේ උපන් දිනය තිබ්බත් මේ පුද්ගලයට තමන්ගේ උපන්දිනය අන්තිම වතාවට තනියම හරි සමරන්නහිතෙන්න ඇති.

  ඊළඟට අපි කතා කරන්නේ ගැරී කාල් සීමන්ස් කියන පුද්ගලයා ගැන. ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ මස් කඩ කාරයෙක් වෙලා හිටපු මේ පුද්ගලයා 1996  දි මිනීමැරුමක් හින්දා  මරණ දඩුවම නියම කළා. අන්තිමේට 2012 දී ඔහුව මරන්න කලින් අන්තිම කෑම වේල විදිහට මොනවද ඕන කියලා ඇහුවට පස්සෙ ගොඩක් දිග කෑම ලැයිස්තුවක් ඔහු ලබා දුන්නා. ඒ විදිහට ඔහු pizza hut එකෙන් ලබා ගත්ත විශාල deep fish  වර්ගයේ පීසා එකක් පාමසාන් චීස් kg දෙකක් ග්‍රෑම් 500 බර නාචො චීස් රස ඩොරීටෝ පැකට් එකක් නාචො චීස් ග්‍රෑම් 226 හල පැනියෝස් අවුන්ස 100, ස්ට්‍රෝබෙරි රහ තියෙන විශාල milkshake දෙකක්,චෙරි රස කොකා කෝලා බෝතල් දෙකක් විශාල ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පැකට් එකක් වගේම strawberry ice cream ලීටරයක් ඉල්ලලා තිබුණා.

  මේ ගොඩක් කෑම ඇමරිකානු ඒව නිසා අපි ඒව නොදන්නවා උනාට මේක ගොඩක් විශාල කෑම ලැයිස්තුවක් කියලා හොඳටම පැහැදිලි. බන්ධනාගාර වාර්තා වල තියෙන විදිහට මේ ගත්ත කෑම වල කැලරි ප්‍රමාණය කිලෝ කැලරි විසි නව දාහක් වෙනවලු. හැබැයි ඔහු මරණයට කලින් අන්තිමේට ආහාරයට ගත්තේ මේ ගෙනාපු කෑම වලින් බාගයක් විතරයි. මරලා දාන්න කලින් කෑම කාලා ම පිපිරිලා මැරෙන්න අදහසක්වත් ඔහුගේ හිතේ තිබුණ ද දන්නෙ නෑ.

ඊළඟට අපි කතා කරන්නේ ජෝන් ස්පින්කලින් කියන පුද්ගලයා ගැන. සිරගත කරන්න කලින් මේ පුද්ගලයා බීමත්ව හැසිරෙන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. තමන්ගෙ මරණ මංචකයේදී වෙන කිසිම කෑමක් ඉල්ලපු නැති ඔහු ඉල්ලුවේ ලෝකයේ තියෙන හොඳම අරක්කු වර්ගයක් වන jack daniel වර්ගයේ අරක්කුවලින් බෝතලයක් ගෙනත් දෙන්න කියලයි. ඔහුගේ ඉල්ලීම බන්ධනාගාර නිලධාරීන් ඉෂ්ට කළාට පස්සේ ඔහු මේ අරක්කු බෝතලය තමන්ගෙ සිරකුටිය ආරක්ෂා කරන්න ඉන්න පුද්ගලයා එක්ක බෙදාගෙන බිව්වා. බීලා වෙරි මරගාතේ තමයි විදුලි පුටුවට ගියේ. ඔහුගේ මේ සිද්ධියෙන් පස්සේ ෆ්ලොරිඩාවේ නීති වලින් අපරාධකරුවන්ට අන්තිම කෑම වේල විදිහට මත්පැන් ලබා නොදෙන්න පවා තීරණය කළා. හැබැයි ඉතින් තමන් මරන්න යන මොහොතේදී අවසිහියෙන් ඉන්න එකත් එක්තරා විදියක හොඳ අදහසක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *