ෆෝන් සෙක්ස් හොදද නරකද?

 
අපි අදත් තවත් සුවිශේෂී වූ විශේෂ මාතෘකාවක් ගැන කතා කරමු. එක තමයි හැමෝගෙම අතේ තියෙන ජංගම දුරකථනය මගින් අපි ලිංගිකමය වශයෙන් සතුටක් ලබා ගන්නේ කොහොමද, එය භාවිතාවෙන් ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් ද, සහ අපි උපරිම සතුටක් ලබා ගන්න සුරාන්තය වගේ දේකට පත්වෙන්න පුළුවන්ද, උපරිම වින්දනයක් ගත හැකිද,යන්න පිළිබඳව අපි අවබෝධයට ගැනීම ඉතා වැදගත් වෙනවා.

අද වෙනකොට අපි හැමෝම අත්වල දුරකතන තියෙනවා මේ ජංගම දුරකථන භාවිතයෙන් හැම දෙයක්ම කරගන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. තමන්ගේ  ජංගම දුරකතනය භාවිතා කරලා තව කෙනෙකු සමග සම්බන්ධතාවයන් ඇති කරගෙන එයින් ලිංගිකමය වශයෙන් සතුටක් ලබා ගැනීම සඳහා ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා.  නමුත් එය යහපත් ආකාරයට කිරීමට පුරුදු වීම ඉතා වැදගත්. මක්නිසාද නිවැරදි ආකාරයෙන් මෙය අනුගමනය කිරීම තුලින් අපිට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගැටලු වෙනත් සාමාජීය අවහිරතා වලින් අපිට මිදෙන්න අපේ හරි දේ කිරීම තුලින් පමණක්ම ඉඩ ලැබෙන නිසා ඇත්තටම මේ ලිංගිකත්වයට දුරකථනය එකතු වී තිබීම තුල  මේ වන විට බොහෝ දෙනෙක් දන්නවා දුරකථන මාර්ගයෙන් එකේ හඬ සහ වීඩියෝ දර්ශන මාර්ගයෙන් තව කෙනෙකු සමඟ ඇතිකරගන්නා කිසියම් සබදකමක්.

මෙය ආකාර තුනකට සිද්ද වෙනවා එකක් තමයි මේ කරුණු කාරණා පිළිබඳව text කරගන්නා එක
තවත් ක්‍රියාවලියක් තමයි හඩ භාවිතා  කරලා කතා කරලා voice පාවිච්චි  කරල  ලිංගික හැගීම සහ ඒ ආශ්‍රිත දේවල් කතා බහ කරමින් යම් යම් ආකාරයෙන් ඔවුන් සතුටට පත්වෙන්න දරන උත්සහය  ඊළඟට තුන්වැනි අදියර තමයි වීඩියෝ කෝල් වීඩියෝ දර්ශන  උපයෝගී කරගෙන තමන් දෙදෙනාට මුහුණ බලාගෙන හෝ යම් යම් උපකරණ පාවිච්චි කරමින් සතුටට පත්වෙන එක. අපි මේ කතා කරන මේ කාරණාවට අදාල වෙන්නේ නැහැ තමන්ගෙ අතේ තියෙන ජංගම දුරකථන භාවිතා කරලා අන්තර්ජාල ගත වෙලා වෙනත් වීඩියෝ බැලීම හෝ ලිංගික දර්ශන බැලීම හෝ වෙනත් දේවල් දැමීම ගැන

හොඳින් අවධානයට ගන්න මේ කාරණේ පිළිබඳව අපි මේ කතා කරන්නේ ජංගම දුරකතනය භාවිතා කරලා කෙටි පණිවිඩ මාර්ගයෙන් හෝ එහෙම නැත්තං කතා කිරීමෙන් හෝ එහෙම නැත්ත්නම් වීඩියෝ කෝල් එකක් මගින් තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා සිදුකරන්නා වූ සංවාදය ආශ්‍රය කරගත්ත ලිංගිකමය ක්‍රියාවලියක් ගැනයි බොහෝ වෙලාවට මේකට අද වෙනකොට මනෝ වෛද්‍ය විද්‍යාව අතර කතාවන වචනයක් තමයි ෆෝන් සෙක්ස් එහෙමත් නැත්නම් දුරකථන භාවිතයෙන් සිදුවන්නාවු ලිංගික ක්‍රියාව මෙහිදී අපි ඉතා ප්‍රවේශම් විය යුතු කාරණය තමයි මෙයින් අපිටත් සතුට ගන්න පුළුවන්ද කියලා
මෙක හොදද නරකද…ඊලග ප්‍රශ්ණය අපි මේ හැම දෙයක් එක්කම තමන්ගෙ ජීවිතේට සතුට සැනසීම ළඟාකර ගැනීම සඳහා නිවැරදි ක්‍රමවේදයකට යමක් භාවිතා කරනවානම් එයින් සිදුවන හානි සහ වෙනත් සාමාජීය බලපෑම ඉතාම අවම කරගන්න පුළුවන්

  එකක් තමයි මේ ක්‍රමවේද වලදී අපි අනුගමනය කරන සමහර වචන සමහර ක්‍රියාවන් ඒ වගේම එවැනි තත්ත්වයක අපි ඉන්නවනම් ඔබව යම් කෙනෙකු සමග ලිංගිකමය වශයෙන් දුරකථනය භාවිතා කරලා සතුටක් ලබාගන්න එවැනි කතාබහක යෙදෙනවනම් එය ආශ්‍රය කරගත්ත වෙනත් දේවල් පිළිබඳව ඔබ දැනුවත් වෙන්න  එකත් ඉතා වැදගත් කාරණාවක් බොහෝ වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි ඒක කාටවත් හානියක් වෙන්නේ නෑ නේද…දුරකථනයක් භාවිතා කරලා ලිංගික සතුටක් ලබා ගැනීමේදී තව කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති වුණාට කොයි වෙලාවකවත් ලෙඩක් බෝවෙන්නේ නෑ .ඔව් ඒක හොඳ advantage එකක් මොකද කිසිම ආකාරයේ ලිංගිකව බෝවන රෝගයක් මේ හරහා බෝ නොවීම

 හිතන්න විවාහක යුවළක් යම් යම් හේතු මත ඉන්නේ ඈත ප්‍රදේශ දෙකකනම් ඔවුන් සමහරවිට මාසෙකට දින කිහිපයක්නම් ගෙදර එන්නේ ඉතුරු කාලය තුළ තම සැමියා සහ බිරිඳ ආරක්ෂිත ලෙස තම දුරකථන භාවිතා කළ සිදුකර ගන්නා වූ ලිංගිකමය පැත්තට බර වූ තමන්ට යම් කිසි තෘප්තියක්  ලැබෙන්නා වූ කතා බහක් හෝ වීඩියෝ දර්ශනයක් මාර්ගයෙන් ඔවුන් අතර ඇති කරගන්නා සතුට, බෙදා හදා ගන්නා සතුට ඉතාමත්ම අවිහිංසකයි.

 හැබැයි අපි නොදන්නා නන්නාදුනන අය හෝ සමග  වෙනත් ආකාරයකින් මෙවැනි ක්‍රියා පවත්වන්න යාමේදී ඉන්  සාමාජීය සංස්කෘතිකමය ගැටලු පිළිබඳව ඔබ අවධානයට ලක්වීම  ඉතාමත් අවශ්‍ය වෙනවා. කෙනෙක් තමන්ගේ මානසික තත්වය යහපත් කරගන්න ලිංගික තෘප්තිය ලබා ගන්න පුළුවන් තවත් විශේෂ අවස්ථාවක් තමයි විදෙස්ගත වීම බොහෝ වෙලාවට සැමියා හෝ බිරිඳ හමුවන්නේ අඩු අවස්ථාවන් වලදී පමණයි බොහෝ විට වසර කීපයකට මුණගැහෙන්න අවස්ථාව නෑ එවැනි අවස්ථාවලදී බොහෝ දෙනෙක් තමන් දුරකථන මාර්ගයෙන් එවැනි කතාබහකට යෙදිලා ඒ අය තමන් කිසියම් තෘප්තියක් ලබා ගැනීම සිදු කරනවා මෙයත් මනෝවිද්‍යාව ඇසුරෙන් මහා බරපතළ අපරාධයක් විදිහට හෝ වරදක් විදිහට දකින්න බැහැ මොකද ඒ දෙදෙනා අතර ඒ සඳහා නීත්‍යනුකූල අවසරයක් පවතින අවස්ථාවක් තියෙන නිසා

 අපි දන්නවා මෙවැනි සමහර ලිංගික කටයුතු බාල වයස්කාරයන් දරුවන්ටද කළ අවස්ථා තියෙනවා ඒ ගැන  තර්කයක් නැහැ නේ එය බරපතල වරදක්.අපි කාටවත් ලොකු වගකීමක් තියෙනවා දරුවන් මෙවැනි දේට යොමු වීම වලක්වා ගන්න දරුවන් හා සම්බන්ධයෙන් අපි වගකීමෙන් ක්‍රියා කරන්න. 18ට අඩු දරුවෙක් උනාම මතක තබා ගන්න ඔබ මෙවැනි දේකට සුදුසු කෙනෙක් නෙවෙයි ඒ නිසා දරුවෝ වගකීමක් තියෙනවා මෙවැනි ක්‍රියාවන් ගැන දැනගත්ත එය සිදු නොකර සිටීමට එවැනි ක්‍රියාවකට කෙනෙක් ආරාධනා කලාට ඒ දේ සිදු නොකර ඉන්න දරුවන්ට කියා දෙන්න ඕනේ. කියනවනම් වයසකදී දරුවෙකුට ගැලපෙන දේ සහ දරුවෙකුට නොගැළපෙන දේ තියෙන්නේ ඒක නම් වැඩිහිටියකු විසින් සිදු කිරීමේදී වෙන හානියක් වෙන්නේ නැහැ මනෝ විද්‍යාව පැහැදිලි වන දෙයක් එක්කම අපි කල්පනා කළා නම් සමහර වෙලාවට සමහර පුද්ගලයෝ දැන් හාද්දක් දෙන විදිහ වගේ ඒවා යම් යම් අකුරු භාවිතා කරලා ටෙක්ස් ගණනය වගේම හඬ ශබ්ද නිකුත් කරන සහ තමන්ගේ ලිංගික අවයව බොහෝ වෙලාවට හරියට පෙනෙන්නට සලස්වනවා මේක හොඳින් මතක තියාගන්න දර්ශනය තුළින් ඇසීම ශබ්දය තුළින් කෙනෙක් වෙන්න පුළුවන්

 මේ කියන කාරණය පිළිබඳ අපි පරිස්සම් වෙන්න වැදගත්ම  දෙයක් තමයි  නැවත ලබාගැනීමේ අරමුණෙන්  කියලා හිතලා තමන්ගේ දුරකථන ඇතුලේ මෙවැනි දේවල් තමන් ගබඩා කළ තියාගන්නවා කිසියම් උපක්‍රම භාවිතා කරලා මෙවැනි දේවල් වල වීඩියෝ ආදී දේවල් audio ශබ්ද ආදි දේවල් ලග තියාගන්නවා. මෙය ඔබට අනතුරු දායක වෙන්නට පුළුවන් බැරිවෙලාවත් ඔබේ දුරකථන දෝෂයක් හේතුකොටගෙන එය නිවැරදි කරන්න දීපු වෙලාවක එහෙම නැත්නම් වෙන කෙනෙකුගේ අතට පත්වූ අවස්ථාවකදී ඔබේ පුද්ගලික දේවල්  ඔබ ආරක්ෂිතයි කියලා හිතාගෙන ඔබ විසින් තබාගත්තු සමහර දේවල් දෙවැනි පාර්ශ්වයකට හෝ තුන්වන පාර්ශ්වයකට යන්න පුළුවන්හැ බැයි මතක තියාගන්න ඕනෙ මෙවැනි දේවල් සංස්කෘතිකමය සහ යම් නීතිමය කාරණා වලදී ඔබව අවහිරතාවයට පත්කරනවා කියන එක.ඒ වගේම මෙය අසභ්‍ය දෙයක් නොවන්නට වග බලා ගැනීමත් ඉතා අවශ්‍යයි ඔබට පුළුවන් රාමුවක් ඇතුළේ ඔබේ සතුට වින්දනය කරන්න ඒ වගේම මතක තියාගන්න සයිබර් අවකාශයට නිරාවරණය වන විට ඔබේ ආරක්ෂාව තහවුරු ද කියන බව මතක තියාගන්න

(ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක Dr.කමල් S ජයසේකරයන්ගේ සාකච්ඡාවක් ඇසුරෙන්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *