උක්කුං පුතා ගෙන එන “අපේ අක්කා”-01

අපේ අක්කාගේ නම සුගන්දිකා ය.ඒ නම අක්කට තිබ්බේ නහය නැති එකෙකැයි දැන් මට වැටහෙන්නේ අක්කා ලගින් ගියත් නගර සබාවේ කුණු ටැට්ටරේ ලගින් ගියා වගේ දැනෙන බැවිනි.

අත්තම්මනම් කියන්නේ අක්කා පොඩිකාලේ හෙනම සුවදයි කියාය.එක්කෝ අත්තම්මගේ නහය කුණුවෙලාය.රටේම තියෙන කැලෑකොල ගෙඩි පොඩිකාලේ ගාලා නෑව නිසා සුවදට හිටියා විය හැකිය.අපේ තාත්තා සර්ප වෙදකමත් දන්නා නිසා නිතරම කැලෑ කොල ගෙඩි අපේ ගෙදර විය.එක්කෝ අක්කාට කරපු සාත්තුවක් වැරදී මෙහෙම ගද එනවාදැයි මාගේ කුඩා මොලයට දැන් දැන් වැටහේ..

ඒ ඔක්කොටෝමත් හරියන්න අක්කා පාරේ යනකොටනම් තොටලග තොරණ පරාදය..ඇවිදින තොරණක් වාගේ කියා හන්දී වීල් පාර්ක් එකේ උන් කියනවා මට ඇහිලා තියෙනවාය.උන්ට හොම්බට හැටක් අනින්ට හිතුනත් කතාව ඇත්තය.

සියලු නාරි දේහ ලක්ශ්ණ මනාව කැපෙන පරිදි අක්කා අදගනෙ යන විට මට බය මේකි කවුරුහරි උස්සන් යයි කියා නොව කැම්පස් එකකින් උස්සයි කියලාය.දන්න තරමින් කැම්පස් වලට මනුස්ස ශරීර ඕනෑය.අක්ක රෙදි ඇතිව උනත් ඒ වැඩේට කදිමය.මීට අවුරුදු පහකට කලින් අක්කාගේ ඇගට හරියන ඇදුම් අක්ක අදින්නේ දැන් ය.

තාත්තා සර්ප වෙදෙක් උනාට ගමේ උන්ට පොඩි පොඩි අසනීප වලට වෙදකම් කරනවාය.හොද උන් උන් හොදයි කියා කිව්වද වැරදුනොත් සීයා ආච්චී මතක්කර ගේ ලගට ඇවිත් උන් අමතලා යනවාය.ඒ කොහොම උනත් තාත්තා අක්කා කසාද බන්දලා දෙන්න හෙව්වේ ලොකු දොස්තර කෙනෙක්ටය.

හැට හුට හමාරක් අක්කා බලන්න ආවත් ඒ එන එන එකාගේ මොකක් හරි අඩුවක් අක්කට ඇත.උන් කැමති උනත් නහයක් තියෙන එකෙක්නම් අක්ක බදින්නේ නැත.

කොහොමෙන් කොහොම හරි අක්කා බදින්න අන්තිමට කැමති උනේ දෙහිවක සත්තුවත්තේ වැඩකරන නිස්සංක අයියාය.උගේ එක ඇහැක් වපර ය.ඒක අක්කට ප්‍රශ්ණයක් නැත්තම් අපිට මොකෝ කියා මගුල කෙරුනි.

මගුල් දවසේ අයියාට  පෝරුව උඩදී කලන්තේ හැදුනේ අක්කාගේ ගද නිසා යැයි මම සිතුවද වෙලා තියෙන්නේ උගේ අහබල් එකත් හිරවෙන්න මුල් ඇදුම් අන්දන එකා ගැට දමා තිබූ නිසා යැයි අයියා පස්සේ මට කිව්වේය.

අක්කා හනිමුන් ගිය කාර් එකේ අයියගේ යාලිවෙක් ලිද ගැබුරුයි ලණුව කොටයි කියා ලියා තිබූ දේ එදා මට නොතේරුනද වැඩි දවසක් යන්න කලින් අක්කා ඒක ලියපු එකා එක්ක පැන ගිය දවසේ ඒකේ තේරුම තාත්තම ගෙදර අයට තේරුම් කර පසු අපි හැමෝටම පුප හපාගෙන වැලලෙන්න උන බව අක්ක දන්නේ නම් ඒ ලණුවන්ම අක්ක ගෙල වැලලාගනු නියතය….

මීට උක්කුන් පුතා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *