පර්පල් රේන්ජ් ලයාන්විතයා සතුට සුරංග

පර්පල් රේන්ජ් කිව්වොත් කවුද නොදන්නෙ. ඉස්සර මම පොඩි කාලෙ හරියට නමවත් කියෝගන්න බෑ පල්පල් රේන්ජ් කිය කිය තමා උන්නෙ.  ඉතින් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම මේ තැනට එන්න සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වගේම නායක සේනක ක්‍රිස්බන් ගොඩාක් මහන්සි උනා. ඉතින් මේ මහන්සි උන පිරිස් අතරෙ එදා ඉදන් අද දක්වාම සංගීත කණ්ඩායමේ ඉන්න සාමජිකයෙක් ලෙස කටයුතු කරන මාතර දික්වැල්ලෙන් උපත ලැබූ සතුට සුරංග එදා හැදින්වූයේ පුංචි කොල්ලා ලෙසයි.

අමුතුම කට හඩක් හා අමුතුම ගීත ගායනා කිරීමේ හැකියාවක් ඇති සතුට සුරංග මුලින්ම පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමට එකතු වුනේ ඔක්ටපෑඩ් වාදන ශිල්පියෙකු ලෙසයි.රසිකයන් කා අතරත් ජනප්‍රිය චරිතයක් වන සතුට සුරංග වසර 20කට වඩා වැඩි කාලයක් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජියකයෙක් ලෙස කටයුතු කරයි . ඔහුගේම ගීත රාශියක් හිමි සතුට සුරංගගේ ගීත අතර තරුණ තරුණියන් අතර ජනප්‍රියම ගීත අතර සුදුපාට රැලි ගවුම, වැලිකඩ හිරගෙදර, සිත දෙන්න,සුවද රෝස යන ගී අතිශය ජනප්‍රිය උනා.
ඉතින් සංගීත කණ්ඩායමේ තවත් බොහෝ කාලයක් රැදී ඉන්න වාසනාව ශක්තිය ලැබේවා සාජ්ජෙ අපගේ ප්‍රාර්ථනාවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *