පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී (කියවලා බලන්නම වටින කතාවක්)

ආදරය කියන්නේ අර සිමෙන්ති දාපු පොලොවක් වගේ නොසෙල්වි එක තැනක ඒ විදිහටම තියන දෙයක් නෙවේනේ..ගඟක් වගේ ලස්සනට පහලට පහලට ගලාගෙන යන එකක්නේ..ඒ ආදරය කියන දේ විටකදි රුදුරු වෙන්න තියන ඉඩ කඩ වැඩි..තවත් තැනකදි අපි නොහිතනා තරමේ සෙමින් ගලාගෙන යනවා..ඔය අතර තියනවා නොවෙනස් වෙන ආදරණිය ආදරයක්..ඒක තමා අපේ අම්මා තාත්තාගේ ආදරේ..ඒක ඉතින් වෙනස් වෙන මොහොතක් කියන්න පුලුවන් කියලායැ..අපි ඉතින් ජිවිතේ උපන්දා සිට මැරෙනකන්ම අපි මොන මොන චණ්ඩිකම් දැම්මාත් ඒ ආදරේ අල්පයක්වත් අඩු වෙනවා කියලායැ..ඒක තමා අහස වගේ ස්ථාවර ආදරය..

ජිවිතයට ඕන තරම් ආදරණිය චරිත ඒවි..ඒවා නිකන් ගලාගෙන යන ගංගාවල් වගේ මොන මොහොතක වෙනස් වෙයිද කියන්න බෑනේ..ඒකයි ඒවා ගංගාවල් මුහුදවල් වගේ ආදරයන් කියන්නේ..ඒත් අනේ මන්දා ගංගාවලට මුහුදවල් වලට හසු වෙලා අහස වගේ ආදරයට පිටු පාන අය නැතුවාම නෙවේ..ඒත් ඔය අහස වගේ ආදරය නැති වෙන්නේ නෑ..ඒ මොහොතෙදිවත්..හැබැයි අම්මාගේ තාත්තාගේ ආදරය තුලත් තියනවා රුදුරු විම් දරුණු විම්..එහෙම තමා ආදරය කියන්නේ..නැත්තම් සුන්දර නෑනේ..අම්මා උඹගේ කම්මුලට එක පාරක් ගහල එයා පැය ගණන් අත දිහා බලාගෙන හිටපු වාර අනන්තයි පුතේ..ඒක මතක තියා ගනින්..මේ ලොකේට උඹ ආව දවසේ උඹ ගැන හිතුන දේවල් ඒ පාර ගහලත් අම්මා තාත්තා හිතුවා මගේ පුතේ…ඒක නිසා ආදරයේදි උනත් අහසට ආදරය කරපන් මුලින්…මම කියන් නෑ මුහුදට ගංගාවට ආදරේ කරන්න එපා කියල..ඒක විය යුතුයි..ඒත් අහසට මුල් තැන දිපන්…

පුංචි කාලේ උඹ නාවන වේලාවේ අම්මා උඹව උකුලට අරන් ඉද්දි..අර දඩබ්බර තාත්තා පොල් කටුවෙන් වතුර කොප්පයක් ඔලුවට හැලුවේ ආදරෙන් අහසෙන් වැහි පොදක් අවැසි පොලොවට වැහි බිඳු දෙනවා වගේ මගේ පුතේ…තේරුම් ගනින්…දබ්බර තාත්තා උඹ ඉපදුන වේලාවේ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා පස්සට එකක් දිල උඹව අඬවන වේලාවේ උහුලව්වේ..ඒක එයාගේ රාජකාරියේ දෙයක් නිසා මිස..උඹට ආදරේ නැතුව නෙවේ පුතේ…ඒක තේරුම් ගනින්…ඒකයි පුතේ කියන්නේ අහසට ආදරේ කරපන්..ගංගාවට මුහුදට වඩා කියල..

  • තරහට නොව ආදරයට *
    *** සඳු *****

Leave a Reply

Your email address will not be published. Required fields are marked *