පොලිස් නිලධාරින් ඔබට නොකියන මේ කරුණු ගැන දන්නවාද?

පොලිස් නිලධාරියෙක්ට දැක්කම කාගේ හිතටත් පුංචි බයක් ඇති උනත් පොලිස් නිලධාරීන් කියන්නෙත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු නිසා ඒ උනාට ඔවුන් සමහර වෙලාවට අපි වගේ සාමාන්‍ය මිනිස්සු දැනගන්නවට කැමති නැති විදිහේ උපක්‍රම ඔවුන් පාවිච්චි කරනවා අපි දැන් කතා කරන්න යන්නේ අන්න ඒ රහස් දේවල් ගැන.
ඔබ යන වාහනය පොලිස් නිලධාරියෙක් අතදාලා නැවැත්වූ පසු ඔවුන් ඔබේ වාහනයට තට්ටුවක් දාගෙනම ඇවිත් ඔබට කතාකරන අවස්තා ගැන ඔබ දැනගෙන සිටියද? තමන්ගෙ ඇඟිලි සලකුණු ඒ වාහනේ තියන්න තමයි ඒක කරන්නේ.බැරිවෙලාවත් නවත්තපු පුද්ගලයාගේ බරපතළ දෙයක් අහු වෙලා ඒ පුද්ගලයා වාහනයෙන් පැනලා ගියොත් පස්සේ වෙලාවක උනත් සාක්ෂි එක්ක හොයාගන්න තමයි මේ ඇඟිලි සලකුණ තියන්නේ ඒ වගේම මේ වාහනේ නවත්තා ඉන්න පුද්ගලයා නීති විරෝධී දෙයක් ප්‍රවාහනය කරනවා නම් මෙහෙම තට්ටුවක් දාන කොට ඔහු ඒ ගෙනයන දේ නීති විරෝධී බව ඔහු දන්නා නිසා රියදුරුට සැකයක් ඇති වෙලා ඔහු කලබල වෙන එකෙන් පොලිස් නිලධාරියාට පහසුවෙන් ඔහුව අල්ලගන්න පුළුවන් වෙනවා. ඔවුන් ඔබට කියන්නේ නැති වුණාට විශේෂයෙන්ම මෝටර් රථ වලට මේ විදියට තට්ටුවක් දාන්නේ අන්න ඒ නිසයි.
ඔබේ වාහනයට අදාල බලපත්‍ර පරික්ෂා කරාට පස්සේ කෙලින්ම ඔබට යන්න කියන්නෙ නැතුව ඔබ කොහෙද යන්නෙ මොනවද කරන්නේ වගේ පුංචි ප්‍රශ්න අහන්නේ ඒ පුද්ගලයාගේ මනුස්සකමට කියලා ඔබ හිතනවද?නෑ… ඇත්තටම මේ පොලිස් නිලධාරීන් අපි ඒ වෙලාවේ හැටියට වචන හසුරුවන විදිහ බලලා අපේ මොකක් හරි සැකයක් තියෙනවාද කියලා අල්ලගන්න උපන් හපන්කමක් තියෙන කට්ටියක්. ඔබ දන්නෙත් නැතුව ඔබ ගැන සැකයක් තියෙනවාද කියලා බලන්න ඕනේ විදියට පුංචි පුංචි ප්‍රශ්න අහල ඔබව කතාවට අල්ල ගන්නවා මීට කලින් කොයිතරම් රථවාහන පොලිසියෙන් ඔබව නවත්තලා තිබුනත් මේ කරුණු ගැන ඔබ දැනගෙන හිටියද?
ඊළඟ කරුණ තමයි මේ පොලිස් නිලධාරීන් රාජකාරියේදී කවදාවත් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැති එක සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙක් ගේ රැකියාව තමයි මිනිස්සුන්ට නීති කඩන්න නොදී සාමය ආරක්ෂා කරන එක මේ නීතියක් අපි කැඩුව සමහරවිට අපිට දඩ මුදලක් වගේම එහෙමත් නැත්තං දරුණු දේකට හිරේට යන්න සිද්ද වෙනවා ඒ විදිහට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න නම් පොලිස් නිලධාරීන් අදාළ අවස්ථාවට අනුව හැඩ ගැහිලා නීතියත් මතක් කරගෙන කටයුතු කරන්න ඕන

එනිසා ඔවුන් රාජකාරියේදී කාවවත් විශ්වාස කරලා වැඩ කරන්නේ නැහැ පොලිස් නිලධාරීන් කියන විදිහට මිනිස්සු 99.9% ක්ම තමන්ට දඩයක් ගහන්න යන වෙලාවට,උදාහරණයක් විදිහට මම වේග සීමාව දැනගෙන හිටියේ නෑ මගේ සාක්කුවෙ තිබිලා හම්බුන මත්ද්‍රව්‍ය මගේ නෙවෙයි මගේ නිදහසට කරුණු ගන්න පුළුවන් වුණේ බොරු හැමදාම වගේ ඕන තරම් අහල තියෙනවා අන්න ඒ නිසා අම්මල තාත්තල දරුවන්ගේ බොරු අල්ලගන්නවා වගේ වෙන්නේ බොරු අඳුර ගන්න පොලිස් නිලධාරියෙක්ට පුළුවන්. හැබැයි වැරැද්දක් කරපු මනුස්සයෙක් කියන්නේ බොරු කියලා දන්නවා උනත් ඒක ඒ පුද්ගලයාට දැනෙන හින්දා කවදාවත් පොලිස් නිලධාරියෙක්ට බොරු කියන්න එපා ඔබ දැනගන්නවට අකමැති වුණත් ඔබ කියන්නේ බොරුවක් කියලා ඔවුන් කලින්ම දන්නවා

මීළඟට අපි කතා කරන්නේ මාසික දඩ ප්‍රමාණයක් ගැන. මාසය අන්තිම දවස් වල රථවාහන වැරැද්දක් එහෙම කළොත් අනිවාර්යෙන්ම දඩයක් ලියන්න තියෙන ප්‍රවණතාවය වැඩියි කියලා දන්නවා ඇති මේකට හේතුව කියලා සාමාන්‍ය මිනිස්සු විශ්වාස කරන්නේ මාසයක් අවසාන වෙනකොට හැම රථවාහන පොලිස් නිලධාරියෙක් ම එක්තරා දඩ ප්‍රමාණයක් ලියල සම්පූර්ණ කරලා තියෙන්න ඕන කියලා දෙයක් තියෙනවා කියලා හිතන එක. හැබැයි එහෙම නිල වශයෙන් මෙහෙම මාසෙකට අවම දඩ ප්‍රමාණයක් කරලා තියෙන්න ඕන කියලා සදහන් වෙලා නෑ ඒ උනාට නිල නොලත් විදියට ගත්තාම මේ කතාව ඇත්ත දෙයක්. මිනිස්සු කරන රථවාහන වැරදි වලින් වගේම වැටලීම් කරලා අල්ලගන්න මිනිස්සුන්ව අධිකරණයට ඉදිරිපත් කලාට පස්සේ ඔවුන්ට දඩයක් නියම කරනවා මේ දඩය රජයකට අවශ්‍ය මුදල් ලබාගැනීමට උපකාරි වෙනවා

ඒ වගේම මම අර කලින් කියපු වැටලීම් වලදී අල්ලගන්න සමහර නීති විරෝධී දේපල වගේම වාහන වගේ දේවල් වෙන්දේසි කරලා තමයි මුදලක් රජයට උපයගන්න පුළුවන් එහෙම උපයන මුදල වැඩි වෙනවා කියන්නේ ආපහු එකෙන් රටක පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කරන මුදල වැඩි වෙනවා කියන එක ඒ වගේම මාසෙකට අවම වශයෙන් දඩ ප්‍රමාණයක් ලියන එකෙන් ඉහළ තනතුරුවල ඉන්න නිලධාරීන්ට තමන්ගේ පොලිස් බල ප්‍රදේශයේ වෙන වැරදි ගොඩක් නිවැරදි කළා කියලා වාර්තා කරන්න පුළුවන් වෙනවා අන්න ඒ නිසා මාසෙකට නිශ්චිත දඩ වගේම වැටලීම් ප්‍රමාණයක් ඉලක්ක කරන එක පොලිසිය ඔබ දැනගන්නවට අකමැති උනත් ඇත්තටම කරන දෙයක්

ඊළඟට අපි කතා කරන්නේ වයසින් වැඩිහිටි පුද්ගලයන්ට ලැබෙන පුංචි වරප්‍රසාදයක් ගැන සාමාන්‍යයෙන් අපේ රටේ වුණත් වැඩිපුරම මනුස්සයෙක් දඩකොලයක් ලියාගන්න රථවාහන සම්බන්ධ වැරැද්දක් කරලා මේ විදිහට වැරදි අල්ලන්න පාර අයිනේ ඉන්න කොට වුණත් පොලිස් නිලධාරීන් වයසින් වැඩි පුද්ගලයන් අල්ලනවට වඩා තරුණයන්ව නවත්තලා පරීක්ෂා කරන්න තියෙන ඉඩ වැඩියි ඒ වගේම සාමාන්‍ය සුළු වැරැද්දක් කරලා නැවැත්තුවොත් ඒ පුද්ගලයා වැඩිහිටි කෙනෙක් නම් පොඩි අවවාදයක් දීලා පිටත් කරලා යැව්වට තරුණ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දඩය ලියන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා

ඒ වගේම පොලිස් නිලධාරියා ඔබ කතා කරන විදියට ඇඳුම් පැළඳුම් තියෙන විදිහත් බලලා දඩයක් ලියනවද අවවාදයක් දෙනවද කියන එක තීරණය කරනවා මේවා පොලිස් නිලධාරීන් සාමාන්‍ය මිනිස්සුන්ට දැනගන්න ඉඩ තිබ්බෙ නැති වුණාට ලෝකය පුරාම කරපු සමීක්ෂණවලින් තේරුන කරුණු කියලා කියන්න පුළුවන්.හැබැයි මේක සුළු සුළු වැරදි වලට විතරයි අදාළ වෙන්නේ වැඩිහිටියෙක් උනත් තරුණයෙක් වුණත් ලොකු වැරැද්දක් කලොත් නම් අනිවාර්යෙන්ම දඩ මුදලක් ලැබීමට ඉඩ වැඩියි

ඊළඟට අපි කතා කරන්නේ පොලිස් නිලධාරීන් කියන එක සම්බන්ධ කරුණක් ගැන සාමාන්‍යයෙන් මේ නිලධාරී නීතියත් එක්ක කටයුතු කරන නිසා බොරු කියන්න තහනම් කියලා ඔබ හිතනවා ඇති හැබැයි පොලිස් නිලධාරීන්ට නීතියෙන් මොනම බොරුවක් හෝ කියන්න අවස්ථාව ලබා දීලා තියෙනවා ඒ අවස්ථාව ලබා දීලා තියෙන්නේ එහෙම බොරු කියලා හරි අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සමග කතාබහක් ඇති කරගෙන ඔවුන්ගේ කටින්ම කරපු දේවල් පාපොච්චාරණය කර ගන්නයි මොකද මෑතකදි කරපු අපරාධ වලට කිසිම වෙනත් සාක්ෂියක් පොලිස් නිලධාරීන්ට නැත්තං ඔවුන්ට තියෙන එකම දේ අපරාදේ ට සැක කරන පුද්ගලයා අල්ලගෙන කටෙන්ම තමන් කරපු අපරාධය ගැන පාපොච්චාරණය කරවගන්න එක

සමහර වෙලාවට මෙහෙම දෙතුන් දෙනෙක් අපරාධයක් සම්බන්ධයෙන් අල්ලගෙන වැඩියෙන්ම බය වෙලා ඉන්න පුද්ගලයව තෝරගෙන ඔහුට අනිත් පුද්ගලයෝ තමන් අපරාධය කරපු හැටි පාපොච්චාරණය කළා නේ කියලා බොරු කියලා අර පුද්ගලයාගේ කටින් හැමදේම කියව ගන්නවා

ඊළඟට අපි කතා කරන්නේ ලෝකය පුරාම සමහර පොලිස් නිලධාරීන් කරන සාක්ෂිවලින් තොර නරක වැඩක් ගැන මේ පොලිසිය කියන්නේ සමාජයේ ඉන්න නරක පුද්ගලයන්ගේ අනිත් මිනිස්සු ආරක්ෂා කරන්න ඉන්න නිලධාරීන් වුණත් මේ සමහර පොලිස් නිලධාරීන් හෝ වැරදි වැඩ කරනවා ඒ විදියට සාමාන්‍ය මනුස්සයෙක්ට අසාධාරණ විදිහට බැන්නොත් හරි පහර දුන්නොත් හරි වගේම මොකක් හරි නීති විරෝධී වැඩක් කරලා පොලිස් නිලධාරියෙක් අහුවුනොත් අපිට ඒ පුද්ගලයාට විරුද්දව පැමිනිලි කරන්න පුළුවන් හැබැයි අපි පොලිස් නිලධාරියෙක් ගැන පැමිණිලි කරන්නේ පොලිසියටම නිසා ගොඩක් නිලදාරීන් තමන්ගේම සහෝදර නිලධාරියෙක් නිසා ඒවා යට ගහන්න උත්සාහ කරනවා

ඒක හෙළිවුණේ ඇනෝනිමස් හැකර් කණ්ඩායම ඇමරිකාවේ පොලිස් දත්ත ගබඩාවකට හැකර් ප්‍රහාරයක් එල්ල කරලා හොයාගත්ත තොරතුරු වලින් මේ විදිහට පොලිස් නිලධාරීන් ගැන කරපු පැමිණිලිවලින් එකක්වත් බලන්නෙවත් නැතුව අහකදාන්න ඇමරිකාවේ පොලිසිය ක්‍රියා කරලා තියෙනවා තව එක් එක් ආයතන වලින් කරපු පරීක්ෂණ වලින් ඔප්පුවෙලා තියෙන්නේ මේ වගේ යටගැසීම් ගොඩක්ම වාර්තාවෙන්නේ ඕනම රටක ගම්බද දුෂ්කර පළාත් වලින් කියලා හොයාගත්ත එක අපේ සමහර නිලධාරීන් මිනිස්සු ඉදිරිපත් කරන පැමිණිලි ගණන් නොගෙන විනාශ කරනවා විතරක් නෙවෙයි පුද්ගලයාට කිසිම වැරැද්දක් නැතුව වද හිංසා කරන එකත් චෝදනා කරන එකත් සිද්ධ කරනවා
මේ වගේ සිදුවීම් පොලිස් නිලධාරින් කවුරුත් ඔබට කියන්නේ නැති ගොඩක් රහස් දේවල්.අන්න ඒ නිසා දී කිරට බලලුත් සාක්කි කියන එක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *