මියුසික් industry එක කියන්නෙ ෆෘට් සැලඩ් එකක්

අභිශේකා විමලවීර කියන්නෙ වෙනස් ගීත එකතුවක් එක්ක රසිකයන්ට සමීප වෙච්ච ටිකක් වෙනස් විදිහක කලාකාරිනියක්. ගායන ශිල්පිනියක්, රියැලිටි තරග විනිශ්චයකාරවරියක්, කොළඹ විශ්ව විද්‍යාලයේ සංගීතය පිළිබඳ බාහිර කථිකාචාරිනියක්, වෘත්තීමය රූපලාවණ්‍ය ශිල්පිනියක්, ව්‍යාපාරික කාන්තාවක් වගේම ලේඛිකාවක් විදිහට එකිනෙකට වෙනස් ප්‍රතිරූප කිහිපයකින්ම ඇය ඔබට හමුවනවා. සාජ්ජෙ අපි ඇයත් එක්ක පුංචි කතාබහකට එක්වුණා.

ඔබේ ගම කොහෙද?

ගම ගාල්ල

පාසල් කාලය, කුඩා කාලය ගැන මතක් කරමු?

මම මුලින්ම අධ්‍යාපනය හැදෑරුවෙ ගාල්ල සේක්‍රඩ් හාර්ට් කොන්වට් එකේ. ඊට පස්සෙ බම්බලපිටිය සෙන්ට් පෝල්ස්. ඊට පස්සෙ කොළඹ විශ්ව විද්‍යාලයට තේරෙනවා. මේ වෙනකොට මම සංගීත ශාස්ත්‍රපති විභාගය අවසන් කරල ඉන්නෙ.


වර්තමානයේ බිහිවන ගීත ගැන ඔබට තිබෙන්නෙ මොන වගේ හැඟීමක්ද?


හැමකාලෙකම හැම වර්ගයෙම ගීත බිහි වුනා. මං හිතනවා සමාජේ සංගීත පැවැත්මට ඒ දේ ඕනෙ. හැමෝම සම්භාව්‍ය සුභාවිත ගීත කීවොත් ඒත් හරියන්නෙ නෑ. හැමෝම වේග රිද්ම ගීත කිවොත් ඒක හරියන්නෙත් නෑ. හැමෝම covers කළොත් ඒක හරියන්නෙත් නෑ. මල් සිංදුත් හැමෝටම ගැලපෙන්නෙ නෑ. මේ වගේ විවිධ ගීතවල සම්මිශ්‍රණයන් එක්ක තමයි ලෝකේ සංගීත කලාව ඉස්සරහට යන්නෙ. අපේ රටෙත් එහෙම වෙන්න ඕනෙ. මම කැමතියි ඒ විවිධත්වය අපේ සංගීතය තුල දකින්න. මියුසික් industry එක කියන්නෙ ෆූඩ් සැලඩ් එකක්


මේ වෙනකොට ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයට නව පරපුරේ ගායක ගායිකාවන් ගොඩක් එකතු වෙලා ඉන්නවා. මේ නිසා ප්‍රවීණයන් හා නවකයන් අතර විවිධ හැලහැප්පීම් සිද්ධ වෙනවා. මේ ගැන ඔබට මොනවද හිතෙන්නෙ?


මගේ නිර්මාණය හොදයි, එයාට සිංදු කියන්න බෑ, මට විතරයි පුලුවන් වගේ තැනක මම නෑ. මම අහලා තියනවා සමහරු එහෙම කියනවා. සමහර වෙලාවට Technic එකම නෙමෙයි Singing කියන්නෙ. Technically සිංදු කියන අයත් ඉන්නවා. Emotionally සිංදු කියන අයත් ඉන්නවා. මේ හැමෝම සමාජයට ඕනෙ. Music නමින් වෙන දේවල් කරන අයට නම් මම කැමති නෑ, ඒ දේවල්වලට වෙන වෙළෙඳපොලක් තියෙනවා, ඒගොල්ලො ඉන්න ඕනෑ ඒ වෙළෙඳපොලේ මිසක් සංගීතෙ නෙමෙයි.


අභිශේකා ගායනයට විතරක් නෙමෙයි ලේඛනයටත් යොමුවෙලා නේද?

ඔව් ඇත්තටම මම නවකතාවක් ලිව්වා. ඊට අමතරව ආදරවන්තයින් වෙනුවෙන් ‘නොනිමි’ කියලා කවි පොතක් එළි දැක්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නව


ඔබ අද මේ ඉන්න තැනට එන්න විශාල පන්නරයක් වෙච්ච කෙනා ගැනත් අපි කතා කරමුද?

ඔව්. මගේ තාත්තා. සුනිල් විමලවීර. ඔහුගෙන් මම ඉගෙන ගත්ත දේවල් මෙපමණයි කියලා ඉවර කරන්න බැහැ. මගේ තාත්තා ජාතික සම්මානලාභී ගී පද රචකයෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම තාත්තා කීර්තිමත් රජයේ සේවකයෙක්. මගේ කලාවට මට ගොඩාක් උදව් කරේ මගෙ තාත්තා.
අභිශේකාගේ හදවතට දැනෙන සංවේදී සිංදු ගැන සටහනක් තියල මේ කතාබහේ සටහන ඉවර කරන එක ඒ සිංදුවලට කරන අසාධාරණයක් කියලයි මට හිතෙන්නෙ, ඒ වෙනුවට අපි මෙහෙම කරමු. Abhisheka Wimalaweera කියලා web search එකක් කරලා ඇයගෙ සිංදුවකුත් අහමු. සාජ්ජෙ වෙබ් අඩවියෙන් තවත් ඔබ ආදරය කරන කලාකරුවෙක්ගේ විස්තර ඉක්මනින්ම අරගෙන එන්නම්.

සටහන: සඳුනි ඉරේෂා කරුණාතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *