සිතතුළ පෙම සගවා ගීතය ඇත්තටම චාමර වීරසිංහගේද සිගිති නිරෝශන්ගේ ද?

අදත් අපි කතා කරන්න යන්නෙ දකුණු ලකින් බිහිවු අපූරු ජනප්‍රිය ගායකයෙක් ගැන. ඉන්දික නිරෝශන් දන්නව නේද? නෑ නෑ ඔයාල ඒ නමින් නම්දන්නෙ නෑ.. අපි අද කතා කරන්නෙ කවුරුත් දන්න සිගිති නිරෝශන් එක්ක. මාතර උපන් ඉන්දික පාසල් අධ්‍යාපනය ලැබූවේ පඹුරන සාරිපුත්ත මහා ව්ද්‍යාලයෙනි. පාසල් යන කාලයේ සංගීතය විශයක් ලෙස නොකරපු ඉන්දික පාසල් කාලයේ හැදෑරුවේ චිත්‍ර විශය යි. දකුණේ වීරසිංහයා ලෙස හදුන්වන චාමර වීරසිංහ හා ඉන්දික එකම පාසලේ අධ්‍යාපනය ලැබූ අය වේ. ඉන්දිකට වඩා එක් පන්තියක් ඉහළින් අධ්‍යාපනය ලැබූ චාමරත් පාසල් අවදියේ හැදෑරුවේ චිත්‍ර විශයයි. එහෙත් ඔවුන් දෙදෙනාම පාසල අවදියෙන් පසු සංගීත ක්ශේත්‍රයේ දිදුළන තරු බවට පත්වුණා..

පාසල් අධ්‍යාපනයෙන් පසු වයස 16දී පමණ සංගීත ක්ශේත්‍රයට ඇතුල් වූ ඉන්දික සංගීත කණ්ඩායම් කිහිපියකම නියාමක ගායක වශයෙන් කටයුතු කළා. මෙහෙම ඉන්න අතරතුරදී ඉන්දිකට රිදම් Fm රිදම නයිට් ප්‍රසංගයේ ගීත ගායනයට අවස්ථාවක් හමුවෙනවා. ඒ නැනෝරා සංගීත කණ්ඩායමේ නිරෝශන් ගමගේ නිසාය. එහිදි හදුනාගත් රිදම් Fm හි ගනේශ් බැද්දගේ හා අසංක කරුණාරත්න යන දෙපළ නිසා ඉන්දිකට මහා භාග්‍යයක් උදාවුණා. ඒ ඉන්දික විසින් ටික කළකට පෙර රචනා කරපු  හා ඔහු විසින්ම තනු නිර්මාණය කළ සිත තුළ පෙම සගවා ගීතය රිදම් Fm නාලිකාව හරහා විකාශය කරවීමයි. ඒ වගේම ගනේශ් හා අසංකගේ ඉල්ලීමකට අනුව ඉන්දික ප්‍රසංග වේදීකාවේදී සිගිති නිරෝශන් යන නමින් හදුන්වනු ලැබුවා.

සිත තුළ පෙම සගවා ගීතය බොහෝ සේ ජනප්‍රිය වුණා.. මුල් දවස් වල මේ කතාව කියන මමත් හිතාගෙන උන්නේ මේ ගීතය  අයිති කෙනා චාමර වීරසිංහ ගෙ කියලයි. සිගිති නිරෝශගේ කට හඩ ඒ තරම්ම චාමර අයියගෙ කට හඩට සමාන වුනා.
ජනප්‍රියම සංගීත කණ්ඩායම් කීපයකම නියාමක ගායක වශයෙන් කටයුතු කළ සිගිති නිරෝශන් දැන් අජිත් මුතුකුමාරණ ප්‍රමුඛ සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම හා එකතු වුණා. අජිත් මුතුකුමාරණ හා එක්ව ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙන බව තමා සිගිති නිරෝශන් අපිට කීවෙ.

සිගිති නිරෝශන්ගේම ගීත 20කට වඩා තිබ්බත් කා අතරත් ජනප්‍රිය වූ ගීත කීපයක් තිබේ. සිත තුළ පෙම සගවා, පෙම්පාට බැල්මන්, මේ තරම් දුක් සුසුමන්, හිත හදාගන්න දුක කියන්න, මේ ගීත බොහෝ සේ රසිකයන් අතර ජනප්‍රිය යි.සිගිති නිරෝශන්ගේ අලුත්ම ගීතය පෙරදාක මතකේ ගීතයයි. ලස්සන රූප රචනයක්ද සහිත පෙරදාක මතකේ ගීතය මේ දවස් වල බොහෝ සේ ජනප්‍රියයි.

අවසාන වශයෙන් සිගිති අපිට කීවේ මේ ගමන එන්න ශක්තියක් වුණු ගනේශ් බැද්දගේ හා අසංක කරුණාරත්න හා නිරෝශන් ගමගේ යන අයටත් ඒ වගේම කලින් සංගීත කණ්ඩායම් වල ශිල්පීන් හා එහි කළමණාකරුවන්ට හා ඒ වගේම facebook මාධ්‍ය හරහා උදව් උපකාර කරන සියලුම සහෝදර සහෝදරියන්ට අවංකව ස්තුති කරන බවත් ඔවුන්ට අවංකව හදවතින්ම ආදරේ බවත්ය..

ඔබ ගැන හෝ ඔබගේ සංගීත කණ්ඩායම ගැන පළකරවා ගැනීමට කතා කරන්න සාජ්ජේ අපිට 0777 357 456

Leave a Reply

Your email address will not be published. Required fields are marked *