තප්පර කිහිපයකට ඔක්සිජන් නැති උනොත් ලෝකෙට මොකක් වෙයිද?

මේ පෝස්ටුවෙන් අපි කතා කරන්න යන්නේ තවත් ගොඩක් වැදගත් කරුණක් ගැන. පෘථිවි වායුගෝලයේ තියෙන වායු වලින් අපිට වැදගත්ම වායුව මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ කියයි ඒ ඔක්සිජන් වායුව කියලා.. ඉතින් ඒ වැදගත් වායුව එක්වරම තත්පර 5 කට පෘථිවි තලයෙන් නැතිවී ගියොත් මොනවගේ දෙයක් වේවිද කියලා මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලා යඑයට දෙන පිලිතුර මොකක්ද…? සාමාන්‍යයෙන් මිනිසාට අවම වශයෙන් ඔක්සිජන් නැතුව කොපමණ වෙලා ජීවත් වෙන්න පුළුවන් ද? මදක් සිතන්න මේ පෘථිවි තලයෙන් ඔක්සිජන් විනාඩි පහක් නැතුව ගියා කියලා ඒක අපේ ශරීරයට නම් දැනෙන්නෙවත් නැති වෙයි කියලා නේද.

ඔයාලා හිතන්නේ පෘථිවි වායුගෝලයෙන් සීයට විසි එකක් වගේ තියෙන්නේ ඔක්සිජන් එය නැතුව මිනිස්සු වන අපිට විතරක් නෙවෙයි සත්තුන්ට ගහකොල වලට පවා අද මේ ඉන්න විදිහට ඉන්න ලැබෙන්නෙ නෑ. අපිට පොඩි කාලයක් උනාට ඔක්සිජන් නැතිවීමෙන් ලෝකය නම් සම්පූර්ණ වෙනස් තැනක් බවට පත්වෙනවා. අප පෘථිවියේ නිර්මිත ගොඩක් ඉදිකිරීම් නිර්මාණය කරලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින්.ඔක්සිජන් ඉත ප්‍රභල බන්ධන කාරකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ කොන්ක්‍රීට් ශක්තිමත් කර දීලා තියෙන්නේ මේ ඔක්සිජන් වලින්. ඉතින් ඔක්සිජන් නැති උන ගමන් මේ කොන්ක්‍රිට් නිර්මාණ බිමට කඩාගෙන වැටෙන එක සිද්ද වෙනවා..

තත්පර 5කට ඔක්සිජන් නැති වුණා කියලා මෙච්චර දේවල් වෙයි කියලා කවුද හිතන්නේ නේද? මේ සිද්ධිය වෙන වෙලාවේ ඔබ ඉන්නේ මුහුදු වෙරළක හොඳ සනීපයට හිරු එළිය විඳ විඳ කියලා හිතන්න. එකපාරටම මේ සිද්ධිය නිසා සූර්යා ගෙන් අපට හොඳ නැති පාරජම්බුල කිරණ ඇවිත් ඔයාගේ හම තුවාල කරගෙන සමේ පිලිකාමය තුවාල තත්ව ඇතිකරන්න පුලුවන් එහෙම වෙන්න හේතුව මෙන්න මේකයි..අපේ පෘථිවිය සූර්යයාගෙන් එන අහිතකර කිරණ වලින් ආරක්ෂා කරන්න ඉහල වායුගෝලයේ ඇති ඕසෝන් ඉස්තරය හැදිලා තියෙන්නේ මේ ඔක්සිජන් වලින් තමයි.

ඉතින් ඔක්සිජන් අතුරුදහන් උනහම මේ ස්ථරය නැතිවෙලා ඔයාගේ සම නරක විදිහට පිලිස්සෙන්න පුළුවන් එ වගේම ඔක්සිජන් නැතිවී ගියොත් ඔබට සදහටම කන් ඇහෙන එකක් නෑ..පෘථිවි වායුගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය ආසන්න වශයෙන් 21% කියලා මං ඔයාලට කිව්වනෙ මේ ටික නැති උනාම වායුගෝලීය පීඩනය අඩුවෙලා යනවා.එයින් ඔබට එකපාරටම දැනෙන පීඩන වෙනස ඔයාලට දැනෙන විදිහට මම මෙහෙම කියන්නම් ඔයා මුහුදු මට්ටමේ සාමාන්‍ය ලෙස ඉන්නවා කියල හිතන්න එකපාරට ඔයාව කිලෝමීටර දෙකක් මුහුදේ ගැඹුරට ගිහින් දානවා අන්න එතකොට ඔයාගේ හිසට උඩින් කිලෝමීටර් දෙකක් උසට තියෙන ජල කඳෙන් ඔබට දැනෙන පීඩනය වගේ වෙනසක් එකපාරට ඔයාගේ කනට දැනෙනවා ඒ වගේම එහෙම උනොත් ඔබට ගින්දර දැල්වී.අට නොහැකි වී යනවා.

දහනයට අවශ්‍ය වැදගත්ම පදාර්ථය ඔක්සිජන් නේ.ඒ වගේම ලෝකයේ තියෙන ගොඩක් වාහන වල තියෙන්නේ අභ්‍යන්තර දහන එන්ජින් ඔක්සිජන් නැති උන ගමන් අපේ වාහන පහරවල් මැද නවතී පිටිපස්සෙන් එන වාහන වල වැදිලා අනතුරු මාර්ග තදබදය ඇති වේවි. ගමන්කරමින් ඇති ගුවන් යානා කඩාගෙන වැටීම නිසා තවත් ජීවිත දහස් ගාණක් නැතිවෙලා යන්න පුළුවන්. අපේ පෘථිවි කබොල හැදෙන්න 45% ක් දායක වෙලා තියෙන්නෙ ඔය කියන ඔක්සිජන් වායුව.ඉතින් මේවා නැතුව ගොඩනැගිලි විතරක් නෙවෙයි නගර පිටින් ගිලා බැහැලා යනවා ඒ නිසා ගම් නගර පිටින් විනාශ වෙලා යන්න පුළුවන් මෙන්න මේවා තමයි තත්පර 5ක් ඔක්සිජන් නැතිවුනොත් වෙන්න පුළුවන් විනාශයන් අපිට තත්පර 5ක් පුංචි කාලයක් උනාට ලෝකය නම් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න තත්පර පහකුත් ඇති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *