අපේ ශරීරය තුල සිදුවන ඔබ නොදන්නා අරුම පුදුම දේවල් රැසක්

 විද්‍යාඥයෝ මේ ලෝකෙ වෙන සිද්ධි ගැන පරීක්ෂණ කරනවා වගේම හැමදාම වගේ මේ මනුෂ්‍ය ශරීරය ගැනත් එක එකපරීක්ෂණ කරනවා මේ පරීක්ෂණ වලින් අපි මීට කලින් කවදාවත් අපේ ශරීරය ගැන දැනගෙන හිටපු නැති,දේවල් මේ වෙනකොට හොයාගෙන තියෙනවා හැබැයි මේ අපේ ශරීරය ගැන හැම නව සොයා ගැනීමත් මා ඔබ දන්නේ නැති වෙන්න පුළුවන්

 

ක්ෂණිකව සෙන්ටි මීටරයක් උස යන හැටි

අපි කතා කරන පළවෙනි කරුණෙන් මම ඔබට කියන්නේ ක්ෂණිකව සෙන්ටි මීටරයක් උස යන හැටි ගැන. මෙහෙම උස යන්න නම් ඔබට කරන්න තියෙන්නේ ඔබේ උස උදේම මැනල බලන එක විතරයි. විද්‍යාඥයෝ අලුත්ම පරීක්ෂණවලින් හොයාගත්ත විදියට දවල් කාලෙදි අපි කරන වැඩත් එක්ක ගුරුත්වාකර්ෂණ බලය නිසා අපේ කොදු ඇට පේලිය පොඩ්ඩක් දික්වෙනවා. හැබැයි අපි රෑට නින්දක් නිදා ගත්තට පස්සේ මේක ඇකිලෙනවා. ආපහු කෙලින් වෙලා උදේම අපි උස මැන්නොත් සෙන්ටි මීටරයක් විතර වැඩි වෙලා තියෙනවා බලාගන්න පුළුවන්. මේ සිද්ධිය ගගනගාමීන් ගෙන් අපිට හොඳටම බලාගන්න පුළුවන් ඔවුන් අභ්‍යවකාශයේ ඉන්නකොට ගුරුත්වාකර්ෂණයෙන් කිසිම බලපෑමක් නැති නිසා  ඔවුන් පෘථිවියේ ඉන්නවට වඩා cm 3-5 ත් අතර ප්‍රමාණයකින් උස යනවා මීට කලින් ඔබ මෙහෙම සෙන්ටිමීටරයක් එකපාරටම උස යන ක්‍රමයක් ගැන දැනගෙන හිටියද ?

ඔබේ කකුලේ මහපට ඇඟිල්ලේ වැදගත්කම


දෙවැනි කරුණ විදියට  අපි කතා කරන්නේ ඔබේ කකුලේ මහපට ඇඟිල්ලේ වැදගත්කම ගැන ඔබ කවදාවත් හිතලවත් නැති තරම් මේ මහපට ඇඟිල්ල ඔබට වැදගත්.සාමාන්‍යයෙන් අපි ඇවිදින කොට අපේ ඇගේ සම්පූර්ණ බරෙන් සියයට හතළිහක් වගේ ප්‍රමාණයක් තනියම කකුලේ මහපට ඇඟිලි දෙක දරාගන්නවා ඒ වගේම ඔබ ඇවිදගෙන යන කොට ඊළඟ පියවර තියන්න මුලින්ම බලය ගන්නෙත් මේ මහපට ඇඟිල්ල ම තමයි මේ මහපට ඇඟිල්ල තිබ්බෙ නැත්තං ඔබේ සමබරතාවය නැති වෙලා ඔබට ගොඩක් හිමින් තමයි ඇවිදින්න වෙන්නේ.ඒ නිසා මීට පස්සෙනම් මහපට ඇඟිලි ගොඩක් පරිස්සමෙන් බලාගන්න.

 

මාංශ පේශීන් නැති ඇඟිලි


තුන්වෙනියට අපි කතා කරන්නේ මාංශ පේශීන් නැති ඇඟිලි ගැන. අපේ අත්වල තියන ඇඟිලිවල මාංශ පේශි කොච්චර නම් ශක්තිමත් ද කියලා ඔබ මීට කලින් හිතලා තියෙනවද? එහෙම හිතුව නම් ඔබ ඇත්තටම වැරදි.මොකද අපේ අත්වල ඇඟිලි වල එකම එක මාංශ පේශියක් වත් නෑ. අපි ඇඟිලි මෙහෙයවලා කරන ඕනම දේකදි ඒක කරන්න අපිට සහයෝගය දෙන්නේ ඇඟිලි වල තියෙන අස්ථි වලින් විතරයි.මෙච්චර කාලයක් ඔබ ඇඟිලි වැඩ කරන්න මාංශපේශී තිබුන කියලා හිතාගෙන හිටිය නම් මේ නවතම විද්‍යාත්මක සොයා ගැනීම්වලින් පස්සෙ ආයෙ එහෙම හිතන්න එපා

අතේ ශක්තියෙන් සියයට පනහක්ම සුලඟිල්ලේ


හතරවෙනියට අපි කතා කරන්නේ සුලඟිල්ල ගැන. සුළැඟිල්ල කියන්නේ අපේ අතේ තියෙන පුංචිම ඇඟිල්ල උනාට අපේ අතේ ශක්තියෙන් සියයට පනහක්ම තියෙන්නෙ මේ සුලඟිල්ලේ කියලා ඔබ දැනගෙන හිටියද? ඔබට මං මේ කියන දේ සැකයි වගේ නම් සුලඟිල්ල දිග ඇරගෙන ඉතුරු ඇඟිලි හතර මිට මොලවල අතේ ශක්තිය බලන්නකෝ එතකොට ඔබටම තේරෙයි මේ සුළැඟිල්ල ඉවත් කරපු   පුද්ගලයන් කියන විදිහට ඔවුන්ට ඊට පස්සේ හරියට ලියන්නවත් ලොකු බරක් වැඩි වෙලාවක් එක දිගට උස්සගෙන ඉන්න වත් බෑලු ඒ නිසා කොච්චර චූටි උනත් අපි අතර ඉන්න වීරයෝ තමයි මේ සුළැඟිලි කියලා කියන්නේ.

දිවේ තියෙන රටාවනුත් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්


අපි කතා කරන්නේ අපේ දිව ගැන  අපි හැමෝම දන්න දෙයක් තමයි අපි එක්කෙනාගෙන් එක්කෙනාට ඇඟිලි සලකුණු වෙනස් වෙනවා කියන එක හැබැයි අපේ මේ දිවේ තියෙන රටාවනුත් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා ඇඟිලි සලකුණු වගේම සර්ව සම නිවුන්නුන්ට  වුණත් තියෙන්නේ  වෙනස්ම දිවවල් කියලා විද්‍යාඥයෝ ලඟදි හොයා ගත්තා ඒ වගේම විද්‍යාඥයන් කියන විදිහට අපේ දිවෙන් විතරක් අපි ගෑනුද පිරිමිද කියලා පවා හොයන්න පුළුවන් ඒක නම් ඇත්තටම අපූරු දෙයක් නේද?

 

අපේ මොළය ජීවිත කාලය පුරාවටම අපිව රවට්ටනවා කියලා ඔබ දන්නවද


6 වෙනියට අපි කතා කරන කරුණ විදිහට අපේ මොළය ජීවිත කාලය පුරාවටම අපිව රවට්ටනවා කියලා ඔබ දන්නවද?  සාමාන්‍යයෙන් අපි ඇස් දෙකෙන් බැලුවට ඇස් වලත් ආලෝකයට සංවේදී නැති තැන් එහෙමත් නැත්තං blind spot තියෙන නිසා අපිට හැම තැනක්ම පේන්නේ නෑ හැබැයි මේ මොළය ඒ තැන් වලට අදාලව අනුමාන කරපු පින්තූරයක් මවල අපිට සම්පූර්ණයෙන්ම හැමදේම පේනවා කියලා මවල පෙන්නනව මේක ඔබට හොඳින් අත්දකින්න පුළුවන් ක්‍රමයක් තමයි කොළයක් අරගෙන ඒකෙ දෙකෙළවර කතිරයකුයි තිතකුයි අඳින්න ඊට පස්සේ ඔබේ වම් ඇහැ වහගෙන දකුණු ඇහෙන් අර කතිරය දිහා බලන්න ඊට පස්සේ හිමිට කොළය තමන්ගේ වම් ඇහැ දිසාවට ගෙන කොට එක පාරටම අර තිත ඔබේ ඇස් වලට පේන්නේ නැතුව යයි හැබැයි මේකට බයවෙන්න එපා මේක සම්පූර්ණයෙන්ම සාමාන්‍ය සිද්ධියක්.

හයියෙන් කියන සින්දු වලින් හද ගැස්මේ වේගය වැඩි කරල රුධිර පීඩනයත් වැඩි කරනවා


හත්වැනියට අපි කතා කරන්නේ සංගීතය සහ අපේ හදවත ගැන.අපි කැමතිම සින්දුවක් හයියෙන් දාලා ඒ සිංදුවෙ තාලෙට නටන එක තරම් වෙන හැඟීමක් මේ ලෝකෙ නැති තරම් මෙහෙම සිංදුවක් ඇහෙද්දි අපි හදවතත් සිංදුවෙ විදිහට වෙනස් වෙනවා ඉතාලියානු විද්‍යාඥයෝ පිරිසක් හොයාගත්ත විදිහට ගොඩක් හයියෙන් කියන සින්දු වලින් අපි හද ගැස්මේ වේගය වැඩි කරල රුධිර පීඩනයත් වැඩි කරනවා ඒ වගේම ගොඩක් සන්සුන් විදිහට යන සින්දු වලින් අපි හද ගැස්ම අඩු කර රුධිර පීඩනයත් අඩු කරනවා.ඒ හේතුව නිසාම ඔබේ දෙමවුපියො වගේම ආච්චිලා සීයලා වුණත් සින්දු වල සද්දෙ අඩු කරන්න කියලා.කිව්වොත් අනිවාර්යෙන් ඔවුන්ට ඇහුම්කන් දෙන්න ඒකට හේතුව තමයි අපේ හදවත් වලට වඩා ඔවුන්ගේ හදවත් වයස නිසා ශක්තිමත් නැතුව අර සිංදුවලින් බලපෑමක් වෙන්න පුළුවන් එක.

අපේ මොළයත් එක්තරා විදිහක විදුලිබලාගාරයක්


අටවෙනි කරුණ විදිහට අපි කතා කරන්නේ අපේ මොලයේ තියෙන ශක්ති බලාගාරයක් ගැන සාමාන්‍යයෙන් අපේ මොළේ ඇතුළේ නිව්රෝන බිලියන 100ක් විතර තියෙනවා.මේ නියුරෝන හැම එකකින්ම වගේ පුංචි විද්‍යුත් ශක්තියකුත් නිර්මාණය කරනවා. මේ හැම නියුරෝනයක ම ශක්තිය එකට එකතු කළොත් ඒ බලශක්තියෙන් අපිට වොට් දහයත් පහළොවත් අතර විදුලි බලයක් පහසුවෙන්ම මොළයෙන් ලබාගන්න පුලුවන්.ඒ නිසා අපේ මොළයත් එක්තරා විදිහක විදුලිබලාගාරයක් කියලා උනත් අපිට කියන්න පුළුවන්.

හිරිගඩු පිපෙන එක මිනිස්සුන්ට විදි දෙකකට බලපානවා

නවවෙනි කරුණ විදියට අපි කතා කරන්නෙ ඇඟේ හිරිගඩු පිපෙන එක ගැන මේ සිද්ධිය අපේ ඇඟේ වෙන්නේ අපේ ආදි මුතුන් මිත්තන්ගෙන් පැවතගෙන එන දෙයක් විදිහට.මේ හිරිගඩු පිපෙන එක මිනිස්සුන්ට විදි දෙකකට බලපානවා. එකක් තමයි අපේ අතීත මුතුන් මිත්තන්ගේ ඇගේ රෝම කෙළින් කරලා ඔවුන් සාමාන්‍යයෙන් ඉන්නවට වඩා විශාලයි කියලා පෙන්නලා හතුරන්ව බය කරලා යවන එක වගේම මේ රෝම ගස් ඉහලට ඉස්සිලා අපේ ශරීරය උණුසුම් කරන එක.හැබැයි පරිණාමය හින්දම මිනිස්සුන්ගේ තියෙන මේ රෝම අඩු වෙවී යනව. මේ හේතුව හින්දම දැන් මිනිස්සුන්ට ගොඩක් සංවේදී හැඟීම් දැනෙන වෙලාවටත් ඇගිලි හිරි ගඩු පිපෙනවා මේකට හොඳම උදාහරණය තමයි ඔබ කැමතිම සින්දුවක් අහනකොට ඇඟේ හිරිගඩු පිපෙන එක ඔබටත් මීට කලින් එහෙම වෙලා තියෙනවා නේද?

අපේ මූණ පුරාම ඉන්න ඇහැට පේන්නෙ නැති මයිටාවන්


දහවෙනි කරුණ විදිහට අපි කතා කරන්නේ අපේ මූණ පුරාම ඉන්න ඇහැට පේන්නෙ නැති මයිටාවන් ගැ.අපිට දැනුනේ නැතත් අපේ මූණ පුරාම මේ දැන් ඔබ මේ පෝස්ට් එක කියවන වෙලාවෙත් මේ පුංචි සත්තු ඉන්නවා ඇත්තෙන්ම මේ සත්තුන්ගෙන් අපේ හමට කිසිම හානියක් නම් වෙන්නේ නෑ ඒ වෙනුවට මේ සත්තු අපේ මුහුණේ මැරෙන සම ආහාරයට අරගෙන තමයි ජීවත් වෙන්නේ හැබැයි සමහර වෙලාවට මේ මයිටාවන් ඇස් පිහාටු වල එහෙම  වැඩි වෙලා පොඩි කැසිල්ලක් ඇතිවෙන්න පුළුවන් එහෙම වුනොත් විතරක් ගිහින් වෛද්‍යවරයෙක් හම්බ උනාට කමක් නෑ. එහෙම  නැත්තං මේකත් හැමෝටම තියෙන සාමාන්‍ය දෙයක්

ලැජ්ජාවක් ඇති උන වෙලාවට මිනිස්සුන්ගෙ මූණ රතු වෙනවා


එකොළොස් වැනි කරුණ විදිහට මොකක් හරි අපහසුතාවයක් ලැජ්ජාවක් ඇති උන වෙලාවට මිනිස්සුන්ගෙ මූණ රතු වෙනවා කියලා ඔබ දන්නවා ඇති මේ මූණ රතු වෙනවා වගේම අපේ බඩත් රතු වෙනවා කියල ඔබ දන්නවද? අපිට ලැජ්ජාවක් දැනෙන මොහොතක් ආවම අපේ ඇගේ ඇඩ්‍රිනලීන්  ප්‍රතිශතය වැඩිවෙනවා සාමාන්‍යයෙන් නම් එහෙම වෙන්නේ අපිට ඉක්මනට ඒ තැනින් දුවලා පැත්තට යන්නයි මේ ඇඩ්‍රිනලීන් වලින් කරන්නේ අපේ නහර ප්‍රසාරණය කරවන එක එහෙම ප්‍රසාරණය කරද්දී අපේ කම්මුල් වල තියෙන රුධිර නාල වගේම ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන අවයව වල රුධිර නාළ ප්‍රසාරණය වෙනවා එතකොට මේ ස්ථානවලට වැඩියෙන් රුධිරය පිරිලා තමයි අපිව රතු වෙන්නේ ආයෙ එහෙම ලැජ්ජාවක් හිතෙන මොහොතක් ආවොත් ඒ වෙලාවට ඔබට මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *