පාස්කු ප්‍රහාරයෙන් බැට කාලා කොරෝනා නිසා බිමටම වැටුන සංගීතකරුවෝ

කොරෝනා පැතිරීමත් සමගම ලෝකයේ සෑම රටකම සියලුම ආකාරයේ මානව පැවැත්මට හා ජන ජීවිතයට ගැටලු එල්ල විය.ඒ පිලිබද තවදුරටත් පැවසීම අවශ්‍ය නොවන්නේ කොවිඩ් දෙවන රැල්ලෙන් අප තවමත් බැටකමින් එම ගැටලු වලට මුහුනපාමින් සිටින බැවිනි.

අප මේ පෝස්ට් එක තුලින් කතාකරන්න යන්නේ කොවිඩ් අර්බුදය හමුවේ ශ්‍රීලාංකික කලා කරුවන්ට එහෙමත් නැත්නම් සංගීත කණ්ඩායම් හා ඒ ආශ්‍රිත සේවා සපයන්නන් හටසිදුවී ඇති අර්බුදයන් ගැනය.

බොහෝ සංගීත කණ්ඩායම් ඇතුලු ප්‍රසංග ආශ්‍රිතව තම ජීවිකාව කරගන්නා අය හට වසරේ වැඩි ආදායමක් ලැබෙන්නේ අප්‍රේල්,මැයි කාලසීමාවේ ය.බොහෝ සැනකෙලි සහ අවුරුදු උත්සව මේ කාලය පුරාවට රටේ නොයෙකුත් ප්‍රදේශ වල පවත්වයි.

මෙවර එම මාස දෙක කොවිඩ් පැතීරීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නූ අවදියක් වීම තුලින් ඔවුන් ආර්ථිකව දැඩි ගැටලු වලට මුහුණ දෙන්නට විය.

එසේම එම කාල වකවානුවේ පැවති ප්‍රසංග සදහා ලබා ගත් අත්තිකාරම් මුදල් සනහර සංගීත කණ්ඩායම් සංවිදායකයින්ට ලබාදී තිබුනේ ඒවා දින නියමයක් නොමැතිව කල් දැමා තිබීම නිසාය.

එසේම ප්‍රසංග වැඩි කාලසීමවක් මෙම වසරේ එම කාලය තුල ඇතිවේයැයි සිතා ණය පදනම මත සංගීත උපකරණ,ලයිර්,සවුන් ලබාගත් බොහෝ දෙනා ණය ගෙවා ගැනීමේ අසීරුතාවයන්ට මේ මොහොතේද පත්වී සිටී.පහුගිය වසරේ පාස්කු ප්‍රහාරයත් සමගම කඩා වැටීමට ලක්වූ ප්‍රසංග වේදිකා එලිමහන් සංගීත කලාව එම වසරේත් නොසිතූ ගැටලු රාශියකට ලක්විය.

සමහර සංගීත භාණඩ සහ සේවා සපයන්නන් පහුගිය වසරේම තම භාණ්ඩ ඉතා අඩු මුදලට විකුනූ පසුබිමක මේ වසරේදී මෙම ගැටලුවට කෙසේ මුහුණ දෙයිද යන්න දන්නේ ඔවුන්ම පමණි.

මෙය ගායක ගායිකාවන්ටද එක සේම අදාලය.ඔවුන්ටද මේ වන විට ප්‍රසංග නැත.ඉස්සරනම් ගායක ගායිකාවන් මුදල් හම්බකරේ ප්‍රසංග වේදිකාවටත් වඩා කැසට් පට සීඩී මගිනි.දැන් එක ගීතයක් කරපු පුද්ගලයාද ගායකයෙකි.රේඩියෝ,රිගින් ටෝන් වලට සල්ලි දීලා හරි තමන්ගේ එක ගීතයක් ජනප්‍රිය කරවාගත් පසු රටේ ජනප්‍රිය වන මොවුන්ට ඉන් එහාට දෙයක් නැතිව අසරණ වන්නේ මේ වාගේ අකරතැබ්බයක් වුන දවසටය.

ඇසල සැනකෙලි සහ නුවරඑලි වසන්ත උදානයද මෙවර සංවිධානය නොවීම ලංකාවේ නම ගිය සංගීත කණ්ඩායම් වලටද ගැටලුවක් වී ඇත.
එමෙන්ම විදෙශ් ප්‍රසංග වැඩි වශයෙන් පවත්වන මෙම කාල සීමව තුලදීත් කිසිදු සංගීත කණ්ඩායමකට විදෙස්ගතවීමටවත් නොමැති පසුබිමක් උදාවී තිබේ..

මෙවන් පසුබිමක සංගීත කණ්ඩායම් වල බොහෝ සාමාජිකයන් මේ වනවිටත් සංගීත කණ්ඩායම් හැරදමා තමන්ගේ ද්‍යීනික ජීවිතය පවත්වාගෙන යාමට වෙනත් රැකියා සදහා යොමුවී ඇති බව ඔබට කොරෝනා අවසන් වී ඔබ කැමති සංගීත කණ්ඩායම් යලිත් වේදිකාවට ගොඩවන විට හොදින්ම බලාගත හැකිවනු ඇත.

සංගීත කණ්ඩායම් වල නායකයින්ට මෙවන් තත්වයක් තුල තමන්ගේ කණ්ඩායමේ සාමාජිකයන්ට මාසික මුදලක් ලබාදී නිකන් තබා ගැනීම ගැටලුවක් වී තිබේ.දන්නා තරමින් එසේ කරන කණ්ඩායම් කිහිපයක් තිබුනද ඒවා යම් ස්ථාවර මට්ටම ඇති කණ්ඩායම් නිසා ඔවුනට එය ගැටලුවක් නොවේ.

එසේම සංගීත ප්‍රසංග සදහා සේවා සපයන,stage,light,ශබ්ද පරිපාලකයින්,නිවේදකයන්,නැටුම් කණ්ඩායම්,කාර්මික ශිල්පීන්,රියදුරන් ආදී බොහෝ පිරිසක් ඉන් කබලෙන් ලිපට වැටී ඇත.

ජනප්‍රිය සගීත කණ්ඩායම් වලට පමණක් නොව දිවයින පුරා පැතිරී ඇති oneman,two,three pcs,Dj සංගීත කණ්ඩායම් වලටද උදාවි ඇති තත්වය මෙයමය..ඉත ඉක්මනින් මෙම තත්වය පහව ගොස් මොවුන්ට මෙන්ම රටේ සෑම සියලුදෙනාට යහපත් දිවි පෙවතක් ඉක්මනින් ලගාවේවායි අප ප්‍රාර්තනය කරමු

One thought on “පාස්කු ප්‍රහාරයෙන් බැට කාලා කොරෝනා නිසා බිමටම වැටුන සංගීතකරුවෝ

  • November 12, 2020 at 7:24 am
    Permalink

    මුන්ට විතරක් නෙවයි දැන් මාලු අල්ලන අපිටත් කෙලවෙලා තියෙන්නේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *