ලංකාවේ බෑන්ඩ් තාම පරණ “XP Keyboard” පාවිච්චි කරන්නේ ඇයි?

කොච්චර පරණ උනත් තවමත් අපේ රටේ සංගීත කණ්ඩායම් අතර ජනප්‍රියම විදුලි ඕගන් වර්ගය රෝලන්ඩ් සමාගමේ XP ඕගන් වර්ගයයි.අවුරුදු 25 කටත් වඩා වැඩි කාලයක් පරණ උනත් තවමත් මේ කීබෝර්ඩ් පාවිච්චි කරන්නේ ඇයි කියලා ඊවා පාවිච්චි කරන අයනම් හොදටම දන්නවා.

Sinthasizer වර්ගයේ කීබෝර්ඩ් වර්ගයක් වන මේවා බොහෝ විට සංගීත කණ්ඩායම් භාවිතයට ගන්නේ ස්වර පන්ති වාදනය, එහෙමත් නැත්නම් අපි නිතර කියව part ගැසීම සදහා .මීවා පෙර සැකසුම් ක්‍රියාත්මක කරන (Arranger Workstation) වර්ගයට අදාල නොවේ.
එනම් මෙම කීබෝර්ඩ් එකක් මගින් තාල උපකරණ සැකසුම් කල නොහැකිය.තේරෙන බාශාවෙන් කියනවනම් (one man) ආකාරයට භාවිතා කල නොහැකිය.

දැන් අපි බලමු මෙම කීබෝර්ඩ් තවමත් අප රටේ ජනප්‍රිය ඇයි කියලා. බොහෝ රට වල් වල මෙම කීබෝඩ් භාවිතයන් ඉවත් කර ඇති පසුබිමක ලංකාව ඉංදියාව ඇතුලු සීමිත රටවල් ප්‍රමාණයක් මේවා භාවිතා කරයි.එයට ප්‍රධානම හේතුවක් ලෙස මෙය සවිශක්තිමත් බවින් යුක්ත වීමත් පාවිච්චිය ඉතා පහසු වීමත් දැක්විය හැකිය.එසේම මේවා මුල් කාලයේ පැමිනි කීබෝර්ඩ් අතරින් (22) ව්විම පාවිච්චියට පහසුවක් විය.ස්වර පුවරුවේ යතුරු සහ බට්න් රලු භාවිතයට සුදුසු වීමත් මෙම වර්ගය ජනප්‍රිය විමට ලොකු හේතුවක් විය.

මෙම කාණ්ඩය පැමිනීමට පෙර තිබුනේ “ඕගන්” නමින් හදුන්වන බරින් සහ ප්‍රමාණයෙන් තරමක් විශාල යතුරු පුවරුය.මෙම මාදිලියේ කීමෝර්ඩ් ප්‍රමාණයෙන් ඉත කුවා වීමත් සැහැල්ලුවෙන් එහා මෙහා ගෙනයා හැකි වීමත් තවත් එක වාසියකි.පසුව භාවිතයට පැමිනි Fanthom-series හා සසදන කල මෙය බරින් හා ප්‍රමානයෙන් කුඩා වේ. නමුත් මේ කියන දේවල් කීබෝර්ඩ් එකක් ජනප්‍රිය වීමට තරම් සෑහේද?… දැන් අපි මේ කීබෝර්ඩ් මලාවේ අපේ රටට වැදගත්ම කොටසට යොමු වෙමු.

මෙම කීබෝර්ඩ් කරලියට පැමිණියේ පිලිවෙලින් xp-10-1994, xp50,1995,xp-80/60-1996,xp30-1999 කාල වකවානුවේදීය.
මේ කාලය වන විට ලංකාවේ කණ්ඩායම් සංගීත කලාවේ විශාල පෙරලියක් කරමින් සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම ඉදිරියට පැමිනෙමින් තිබූ යුගයයි.නව කීබෝර්ඩ් නාද මෙන්ම ඔක්ටර් පෑඩය,බේස් ගිටාරය මෙන්ම රිදම් ගිටාරයේ හඩ මිනිසුන්ගේ කාට හුරු කරවූයේ මෙම සංගීත කණ්ඩායම බව අවිවාදයෙන් ප්‍රකාශ කළ යුතු වේ.

එවන් අවදියක සංෆ්ලවර් විදුලි ඕගන් වාදන ශිල්පී ඇන්ටන් පෙරේරා මහතා විසින් මෙම Synthesizer වර්ගයේ කීබෝර්ඩ් වල මූලික නාද සහ Expansion card උපaයොගී කරගෙන අපේ රටට අපේ කණට ගැලපෙන අන්දමේ මිහිරි නාද මාලාවන් නිර්මාණය කරන ලදී.දැන් ඇති රෝලන්ඩ් හෝ වෙන කුමන මාදිලියකවත් ඇති නාද මෙම වර්ගයේ කීබෝර්ඩ් වල ඇති නාඩ අහලකින් වත් තියන්න ඹරිව ඇත්තේ ඔහු තුල සහජයෙන්ම තිබූ නිර්මාණ ශක්තිය නිසාවෙනි.මුලින් වුර්තියෙන් ඉලෙක්ට්‍රොනික් ගුරුවරයෙකු වූ ඔහොට මෙම කීබෝර්ඩ් මගින් නව නාඩ්ග ලබා ගැනීම පහසු කටයුත්තක් වුනි.

මහත් ජනප්‍රියත්වයක් ලැබූ සංෆ්ලවර්ස් සංගීත කණ්ඩායම සමග සංෆ්ලවර් සමග අහවල් ගායකයා නමින් සියලුම ගායක ගායිකාවන් ඔවුන්ගේ ගීත කැසට් සහ සීඩී ලෙස නිකුත් කිරීමට පටන් ගන්නා ලදී.නවතම රිද්මයකට ලේ දැක්වුන මෙම කසට් පට වලට ජනතා ආකර්ශණය නොඅඩුව ලබුනා.මෙන්ම ඉතා ඉහල ආදායම් වාර්තා තබමින් ඒවා අලෙවි විය.ඒත් සමගම මේ කැසට් පර රට පුරා ශ්‍රවණය වීම සමග සහ ප්‍රසංග වේදිකාවේ මෙම ගීත ඇසීමත් සමග රසිකයන් හට මෙම නාද ඔවුන්ගේ “කනේ තැන්පත් වීමක්” සිදු විය. දැන් ඔවුන්ට එම නාදයන් හුරුය. ඒවා අහෙනකොටත් ඕක සංෆ්ලවර් ලගේ ටෝන් එකක් කියන එක තවමත් සංගීතයත් එක්ක ජීවත් වන පුද්ගලයන් දන්න දෙයකි.

ඉන් පසු රටේ ඇතිවූ සියලුම සංගීත කණ්ඩායම් පාහේ අනුගමනය කරේ සංෆ්ලවර් සංගීත කණ්ඩායමයි.පෙරපුහුනු සදහා ශ්‍රවණය කරේ ඔවුන්ගේ ගීතයි.මුල් ගීතයටත් වඩා ජනප්‍රිය උනේ සංෆ්ලවර් කැසට් පටයේ අදාල ගීතයයි.ඒ නිසා මෙම නාද මාලාවන් තවමත් එම ගීත වාදනයේදී වාදකයින්ට උවමනා වෙනු ඇත.එසේම වර්තමානයේ පැමිණ ඇති Roland Keyboard, Expansion භාවිතය හැර වෙනත් කිසිදු උසස් නිමාවකින් තො වීමත් අලුත් Roland Keyboard ජනප්‍රිය නොවීමට හේතු වී තිබේ. බොහෙ Expandable Keyboard වල තවමත් භාවිතා කරන්නේ මෙම පැරණි “XP” නාද වීම එයට හොදම නිදසුනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *