Face Mask බැහැර කිරීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් උපදෙස් මාලාවක්

කොවිඩ් -19 හේතුවෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල නිවාසවල හා පොදුවේ පුද්ගලයින් විසින් භාවිත කරන ෆෙස් මාක්ස් අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළව මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සියලු පළාත් පාලන ආයතන වෙත මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇති බවයි. ආසාදිතයින් සහ වංසගතයෙන් වැළකීමට ජනතාව භාවිත කරන අපද්‍රව්‍ය දැඩි ලෙස පරිසරයට හානි කරවීම සැලකිල්ලට ලෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම උපදෙස් මාලාව නිකුත් කරනු ලැබ තිබේ.

පහත දැක්වෙන්නෙ එම උපදෙස් මාලාවයි.

*හුදකලා කර ඇති ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට වෙනත් වාහන හා සේවකයින් යෙදවිය යුතු ය.

*කහ පැහැති බෑග්වල දමා ඇති අපද්‍රව්‍ය කිසිවිටෙක ප්‍රතිචක්‍රීකරණය නොකළ යුතු අතර විධිමත් ලෙස විනාශ කළ යුතු ය.

*කොවිඩ් ආසාදිතයින් භාවිත කරන මුව වැසුම් අත්වැසුම් කහ පැහැති බෑගයකට දමා වෙන් කළ යුතු ය.

*වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා පොදු ජනතාව භාවිත කරන මුවවැසුම් හා අත්වැසුම් බැහැර කිරීමට පෙර සෝදා වියළා ඉන් අනතුරුව බැහැර කළ යුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *