පුංචි කාලේ ඉදලා තාමත් විශ්වාස කරන බොරු දේවල් කිහිපයක්

ඔබට පුංචි කාලේ ඉඳලම දෙමව්පියෝ වගේම ආච්චි අම්මල සීයලාත් කියලා දීපු කරුණු ගොඩක් ඔබ අදටත් ඇත්ත ද බොරු ද කියලවත් හොයන්නේ නැතුව විශ්වාස කරනවා නේද? මම පැහැදිලි කරන්න යන්නේ කවුරුහරි කියපු නිසා ඔබ තාමත් ඇත්ත කියල විශ්වාස කරගෙන ඉන්න පට්ටපල් බොරු කිහිපයක් ගැන .

ඔබටත් පුංචි කාලෙම රැවුල කැපුවොත් තවත් ගනකමට වේගයෙන් රැවුල ලැබෙන්න පටන් ගන්නවා කියලා දෙමවුපියෝ කියලා තියෙනවද හැබැයි මේක සම්පූර්ණයෙන්ම බොරුවක් එහෙම පුංචි කාලේ අපේ රැවුල කැපුවා කියලා ආපහු ඒ රැවුල තවත් වේගයෙන් ඝනකමට වැවෙන්න පටන් ගන්නෙ නෑ. එහෙම ඝනකමට වැවෙන්න පටන් ගන්නෙ කාලයත් එක්ක ඇඟ වර්ධනය වෙනකොට නිකුත්වෙන හෝර්මෝන වලින් විතරයි එහෙම විශේෂයෙන් පේන්න තරම් පුංචි කාලෙදිම රැවුල් ගස් තියනවානම් බය නැතුව ඒවා කපලා අයින් කරන්න. මොකද දෙමව්පියො කියනවා වගේ ආපහු එකපාරටම ඔබට ලොකු රැවුලක් ලැබෙන්නෙ නෑ.

වෙළඳ දැන්වීම් වලට සබන් 99.9% ක් විසබීජ විනාශ කරනවා කියල කිව්වට ඒ කියනවා වගේ ඇත්තටම මේ සබන් වලින් බැක්ටීරියා වෛරස මරලා දාන්නේ නෑ. මේ ලෝකෙ තියෙන කිසිම සබන් වර්ගයකට එහෙම ජීවත්වෙන සුද්‍රජීවීන් මරලා දාන්න බෑ. හැබැයි එතකොට මේ වෙළඳ දැන්වීම් වලින් කියන්නේ බොරුද? මේ සබන් වලින් කරන්නේ විසබීජ මරලා දානවා වෙනුවට ඒවා අපේ අත්වලින්ඒවා හෝදලා අයින් කරන එක. උදාහරණයක් විදිහට දැන් තියන හැම සබන් වර්ගයක්ම කොරෝනා වෛරස විනාශ කරනවා කියලා වෙළඳ දැන්වීම් දැම්මට සාමාන්‍ය සබන් වලිනුත් ඒක ඇත්තටම වෙනවා. මේ වයිරස් හැදිලා තියෙන්නේ DNA හරි RNA හරි කියන ප්‍රවේණික ද්‍රව්‍ය ප්‍රෝටීන කොපුවකින් ආවරණය වෙලයි.මේ කොපුවෙ තියෙන ප්‍රෝටීන් හා RNA අතර සම්බන්ධතාවය තියාගන්නේ ලිපිඩ වලින් හැදුන ග්‍රීස් වලින් ඕනම වර්ගයකින්. මෙම ග්‍රීස් දියකිරීමේ හැකියාව තියෙනවා.ඕනම සබන් වර්ගයක් අමුතුවෙන් මේ වෛරසය විනාශ කරන්න කියල හදලා නෑ.

ඊළඟට අපි කතා කරන්නෙ ප්‍රතිජීවක එහෙම නැත්තං antibiotics ගැන ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නවා ප්‍රතිජීවක වලින් වෛරස මැරිලා යනවා කියලා. හැබැයි ඒක ඇත්තටම බොරුවක් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ගියාමත් ඔබට මේ වර්ගයේ antibiotics දෙනවා ඇති. හැබැයි මේ ප්‍රතිජීවක වලින් වෛරසය මරලා දාන්නේ නෑ..සෙම්ප්‍රතිශ්‍යාවට හේතුවෙන වෛරසයක් අපේ ඇඟට ආවට පස්සෙ නහයේ වර්ධනය වෙන බැක්ටීරියාවකින් තමයි හොටු දියර එලියට ගලාගෙන එන්න පටන් ගන්නේ. එතකොට වෛද්‍යවරු අපිට බෙහෙත් දෙන්නේ ඒ බැක්ටීරියාව විනාශ කරන්න විතරයි. වෛරසය පාලනය කරන්න ඕන ප්‍රතිශක්තිය දවස් කිහිපයකින් අපි අපේ ඇගෙන්ම හදාගන්න ඕන. ඒ නිසාම වෛරස සම්බන්ධ රෝගයකට ප්‍රතිජීවක බිව්වා කියලා වෙනසක් වෙන්නේ නෑ. මෙච්චර කාලයක් ඔබ එහෙම වෙනවා කියලා හිතාගෙන හිටිය නං ඒ මතය දැන් වෙනස් කරගන්න පුළුවන්.

ඊළඟට අපි කතා කරන්නේ ගොඩක් ලඟට වෙලා TV බලන එක ගැන. ඔබත් ගොඩාක් ළඟට වෙලා TV එක බලද්දි අනිවාරෙන් දෙමව්පියො ඔබටත් එහෙම එපා හොඳ නෑ කියල කියනව ඇති. හැබැයි කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින් මෙහෙම ළඟට වෙලා TV බලන එක හොඳ නැහැ කියල ඔප්පු කරල නෑ. එහෙම ළඟට වෙලා TV බලන එකෙන් අපිට වෙන්න පුළුවන් එකම දේ පුංචි වෙලාවකට අපේ ඇස් රිදෙන එක විතරයි.මේකෙන් කාලයක් යද්දි ඇස් පේන්නෙ නැතුව යනවා වගේ දේවල් මිත්‍යා මත විදිහට මිනිස්සු හිතාගෙන ඉන්න දේවල් විතරයි. ගොඩක් වෙලාවට මෙහෙම ළඟට ගිහින් බලන්නේ පුංචි ළමයි. ඔවුන්ගේ මේ පුරුද්ද නිකංම වැඩිහිටියෝ වෙනකොට නැති වෙලා යනවා

ඊළඟට අපි කතා කරන්නේ මිනිස්සු හැමෝම දවසට පැය 8ක් නිදා ගන්න ඕන කියන මතය ගැන. හැම පුද්ගලයෙක්ම දවසට පැය 8ක්නිදාගන්න ඕන කියලා ඔබ මීට කලින් අහල ඇති. වෛද්‍යවරු උනත් අපිට මෙහෙම පැයක් 8 නිදාගන්න කියල කිව්වට විද්‍යාඥයෝ ලඟදි කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මේ නිදාගන්න වෙලාව එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියන එක. මේ විදිහට වෙනස් වෙන්න ඒ මනුස්සයගේ ඇඟේ තියෙන ජාන වගේම තව ගොඩක් දේවල් හේතු වෙනවා උදාහරණයක් විදිහට අසනීපයෙන් ඉන්න පුද්ගලයෙක් සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක් ට වඩා වැඩි වෙලාවක් තමන්ගෙ රෝග සුව කර ගන්න නම් නිදා ගන්න ඕන ඒ වගේම යොවුන් වයසේ ඉන්න දරුවෙක් නම් තමන්ගේ ශක්තිය ආපහු වර්ධනය කරගන්න වයසක පුද්ගලයෙක් ට වඩා වැඩිපුර නිදා ගන්න ඕන.ශරීරයට දැනෙන විදිහට ඇති තරම් විවේකයක් අරගන්න එක තමයි වඩාත්ම හොඳ වෙන්නේ

ඊළඟට අපි කතා කරන්නේ වතුරයි පුංචි කාලේ ඉඳලා අහලා තියෙන විදිහට ගොඩක් භයානක දෙයක් හැබැයි මේ ඇත්තම වතුර විද්‍යුත් සන්නායකයක් නෙවෙයි කියල හැබැයි. මේ ඇත්තම වතුර කියලා කියන්නේ කිසිම ඛනිජ ලවණ වර්ග කලවම් වෙලා නෑ. මේ ජලයට හොඳම උදාහරණය තමයි කඩවල් වල තියෙන බැටරි වතුර කියලා හඳුන්වන වතුර වර්ගය. හැබැයි මේ අපි බොන්නේ ඛනිජ ලවණ එකතු වෙලා තියෙන mineral water කියලා හඳුන්වන වතුර මේ ඛනිජ ලවන හින්දා අපි එදිනෙදා පාවිච්චි කරන වතුර වලින් විදුලිය ගමන් කළත් ඇත්තටම සුපිරිසිදු ආශ්‍රිත ඡලයෙන් විදුලිය ගමන් කරන්නේ නෑ. ඒ නිසා විදුලිය ගමන් කරන්නේ ඛනිජ ලවණ තියෙන ජලයේ මිසක් නිකංම ආසෘත ජලය නෙමෙයි කියලා මතක තියාගන්න.

ඊළඟට අපි කතා කරන්නේ කොකාකෝලා ගැන. කොකාකෝලා කියන්නේ අපේ දත්වලට හොඳ නැති දෙයක්. කියලා පුංචි කාලේ ඉඳලම ඔබට හැමෝම වගේ කියලා ඇති කොකාකෝලා කියන වර්ගය මුලින්ම නිෂ්පාදනය කළේ ස්නායු රෝග තියෙන මිනිස්සුන්ට ප්‍රතිකාරකයක් විදිහට වගේම පිරිසිදු කාරකයක් විදිහට. හැබැයි පස්සේ මේ බීම වර්ගය සාමාන්‍ය මිනිස්සු අතරත් ජනප්‍රිය වෙලා අපි දැනට දන්න විශ්වයේ තියෙන ප්‍රසිද්ධම ඇල්කොහොල් අඩංගු නැති පානය වෙන්න කොකාකෝලාවලට පුළුවන් වුණා. මේ ජනප්‍රියත්වය හින්දම ඇතිවෙච්ච මිත්‍යා මත වලින් කියපු දෙයක් තමයි මේ කොකාකෝලා අපේ දත් වලට එහෙම හොඳ නෑ කියන එක.

කවුරු එහෙම මතයක් කිව්වත් ඒක ඇත්තටම මිථ්‍යා මතයක් මේ කොකාකෝලා වල phosphoric වගේම කාබොනික් අම්ලය අඩංගු වෙලා තියනවා. කාබනික අම්ල කොකාකෝලා වලට විතරක් ආවේනික දේවල් නෙවෙයි මේ ලෝකයේ ඕනෑම බීම වර්ගයක මේ අම්ල වර්ග ටික තියෙනවා. ඒ නිසා කොකාකෝල විතරක් අපේ දත්වලට හොඳ නෑ කියලා අපිට කියන්න බෑ. ඒ වගේම කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින් coca cola වලින් දත්වලට හානි වෙනවා කියලා ඔප්පු කරලත් නෑ.

ඊළඟට අපි කතා කරන්නේ පැන්ඩෝ ගැන. මේ පැන්ඩෝ ආහාරයට ගන්නේ උණ ගස් විතරයි කියලා ඔබ මීට කලින් හිතාගෙන හිටිය ද? එහෙම හිතාගෙන හිටිය නම් ඔබ ඇත්තටම වැරදි. මේ පැන්ඩෝ උණ ගස් විතරක් ආහාරයට ගන්නේ උණ ගස් වලට ඔවුන්ගෙන් පැනලා යන්න බැරි නිසයි. සර්ව භක්ෂක සත්තු වර්ගයක් වෙන මේ පැන්ඩෝ පුංචි සත්තු ආහාරයට ගන්න ගොඩක් කැමතියි. හැබැයි මෙතන එකම අවුල වෙන්නේ pandala කියන්නේ ගොඩක් මන්දගාමි සත්තු විශේෂයක් හින්දා ගොඩක් ඉක්මනින් මේ සතුන් ගෙන් බේරිලා පැනල දුවන එක. අන්න ඒ හේතුව නිසා තමයි තමන්ගෙන් පැනලා යන්න බැරි උන ගස් විතරක් ආහාරයට ගන්නේ. වේගයෙන් දුවන්න පනින්න පුළුවන් වුණා නම් මේ සත්තු වෙන සතුන් අල්ලගෙන කනවා අපිට බලාගන්න පුළුවන් වෙයි.

ඊළඟට අපි කතා කරන්නේ පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න මිනිස්සුන්ට තියෙන්නෙ සංවේදන පහයි කියන බොරුව ගැන. මිනිස්සුන්ට තියෙන්නෙ ඇස් පෙනීම, ස්පර්ශය, ගඳ සුවඳ දැනීම, ඇසීම වගේම රස දැනෙන එක කියන සංවේදන පහ විතරයි. හැබැයි විද්‍යාඥයෝ කියන විදියට අපිට සමබරතාව පවත්වා ගැනීමේ සංවේදනය තියනවා. ඒ වගේම වේදනා දැනීමේ සංවේදනයක් බාහිර උෂ්ණත්වය දැනෙන සංවේදනය ඥානය දැනෙන සංවේදනය බඩගිනි දෙන සංවේදනයක් වගේම අපේ ලේවල වැඩිපුර කාබන්ඩයොක්සයිට් තියෙනවා කියලා දැනෙන සංවේදනයකුත් විදිහට සංවේදන තව ගොඩක් මිනිස්සුන්ට තියනවා. ඒ විදිහට ගන්නකොට මිනිස්සුන්ට සංවේදන පහක් වෙනුවට සංවේදන විස්සකට වඩා තියෙනවා කියලා පැහැදිලිව අපිට කියන්න පුළුවන්.

ඊළඟට අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රොණික උපකරණ වලින් අපිට පිළිකා හැදෙනවා කියන බොරු මතය ගැන. එක එක ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් වගේම විශේෂයෙන් ජංගම දුරකතන වලින් පිළිකා හැදෙනවා කියන එක රූපවාහිනීවල වගේම රේඩියෝ එකේ කියන ලෝකය පුරාම ප්‍රසිද්ධ මිථ්‍යා මතයක්. ඇත්තෙන්ම මේ හැම බොරුවක්ම කියන්නේ විශේෂයෙන් ම ජංගම දුරකථන හැම වෙලාවෙම පාවිච්චි කරන එක වළක්වන්නයි. උපකරණ වලින් පිළිකා හැදෙන්නේ නෑ කියලා අපි වගකීමෙන් කියන්නේ මේවා ionizer නොවන නිසයි. කෙටියෙන්ම පැහැදිලිවම කිව්වොත් අපිට ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් පිළිකා හැදෙන්න නම් එක්ස් කිරණ හරි ගැමා කිරණ හරි උපකරණ වලින් පිට වෙන්න ඕන මේ හේතුව හින්දා ඔබ ජංගම දුරකථනවලින් පිළිකාව වැලඳෙනවා කියලා හිතනවා නම් කවදාවත් එහෙම යන්න එපා. මොකද ජංගම දුරකථනයකින් පිළිකාවක් වැල දෙනවට වඩා ඉර එළියට නිරාවරණය වෙලා ඉන්න එකෙක් පිලිකාවක් හැදෙන්න ඉඩ තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *