රජයෙන් 14 ලක්ෂයකට අධික පවුල් සංඛ්‍යාවකට රුපියල් 5000 සහනාධාර

ඔක්තෝබර් මාසය තුළ හා නොවැම්බර් 10 වැනි දා දක්වා කාලය තුළ රුපියල් 10,000 වියළි ආහාර මල්ල ලබා දී ඇති පවුල් සංඛ්‍යාව 43 දහසකට අධිකවේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරය වෙන්කර කර ඇති මුදල රුපියල් බිලියන 7.56 කි. රුපියල් 10,000 වියළි ආහාර මල්ල කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 7500ක් අතරද ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 7000 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 4000 ක් සඳහා මේවන විට ලබාදී තිබේ. රජය පැවසන්නේ වැඩිම අරමුදල් ප්‍රමාණයක් රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා වෙන්කර ඇති අතර එය රුපියල් බිලියන 7.04 ක් බවයි. මීට අමතරව දිස්ත්‍රික්ක 16 ක නිරෝධායන කටයුතු වෙනුවෙන් මහා භාණ්ඩාගාරය අතිරේකව වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 78.06 ක් වේ