“ඒක හීනයක්” සිදුහත් කුමරු ගිහිගෙයින් ගොස් පසුදා කතාව

ස්ථානය – කිඹුල්වත් නුවර සුද්දෝධන රජ මාළිගය
දිනය – සිදුහත් කුමරුන් ගිහිගෙයින් නික්ම ගිය ( අභිනිෂ්ක‍්‍රමණය කල රැයට පසු දින උදෑසන) .

ඇයි? , මෙි තරමි අසාධාරණයක් වෙලත් කවුරුවත් මොනවවත් කියන්නෙ කරන්නෙ නැත්තෙ , .නිහඩතාවය දරා ගන්න බැරි තැන යසෝදරා කුමරිය දෙවෙනි වතාවටත් හඩගෑවා. සිදුහත් කුමාරයගෙ නික්ම යාම දැනගත් මොහොතේ ඉඳලම හඩා වැටිල නිසා ඇස් දෙකම ලොවි ගෙඩි දෙකක් වගේ රතුම රතු පාටයි. කටහඩත් බැරැන්ඩි වෙලා ඇසෙන නෑසෙන ගණනට.මෙික ද්වෙිෂ සහගත හැරයාමක් නෙවෙයි. , පළමුවතාවට පුරෝහිත බමුණා සිය කටහඩ’ අවදිකලා.ද්වෙිෂ සහගත හරි පිළිකුල් සහගත හරි මොන මළ ඉලවිවකින් හරි අන්තිමට දරුවෙකුත් එක්කල වැන්දඹුවක් වුනේ මගෙ නංගි යසෝදරා . හරි හමන් විදිහට විනෝද වෙන්න දන්නෙ නෑ .දඩයමි කරන්නෙ නෑ. මීවිත ටිකක් තොල ගාන්නෙ නෑ. ඌට තියෙන්නෙ ගෑනු ගති. රූපෙ විතරයි ගන්න දෙයකට තියෙන්නෙ ඒත් ඉතිං, පිරිමින්ට මොන මගූලකටද ලස්සන රූපයක්. තමන්ගෙ ගෑනියි දරුවයි දාල කොහේ වහංවෙලා ගියාද? අහුවුනොත් දැනගනියි උන්දැ දේවදත්ත කියන්නෙ කවුද කියලා.

අනෙත් එක යසෝදරාල උඹ දැන් මෙතන හොටු පෙරාගෙන වැලපුනාට ඒ කාලෙ ඉඳලම මම උඹට කිවිවෙ නැද්්ද සි\ුහත්ට වඩා හොඳ එකෙක් මම හොයල දෙන්නමි කියලා. මගේ යාලුවො කොයිතරමි නමි උඹ ගැන මගෙන් ඇහුවද? කොහෙද ? උඹ ඩිංගක්වත් මට කන් දුන්නද නෑ. මෙිකා මත්තෙම නැහෙන්න හැදුවෙ . දැන් ඉතිං හරිනෙ. උඹටත් මෙික හොඳ පාඩමක්,”අනේ මෙි දේවදත්ත” ටිකක් කට පියාගෙන හිටපංකෝ . දැන් වෙවිව දේ වෙලා ඉවරයිනෙ. අපි මෙිකට කරන්න පුලුවන් මොකක්ද කියල හොයල බලමු. ඔක්කොටෝම කලින් සිදුහත් කොහෙද කියලා හොයාගන්න එපායැ., එහෙම කියාගෙනම හැරමිටි වාරුවෙන් රාජ සභාවට ආවෙ සුද්දෝධන රජතුමා. අපොයි මෙි එක දවසට අවුරුදු ගණනාවක් වයසට ගිහින් වගෙයි. ඇස්වලින් කඳුඵ’ ගැලුවෙ නැති වුනාට කටහඩ’ වෙවුලුමි කනව හොඳටම දැනුනා.

“අගෙයි මහ ලොකු රජතුමා” . මෙි මාළිගාවෙ කොචිිචර ලොකු ආරක්ෂවක් තියෙනවද? එහෙවි එකේ සිදුහත්මහ ? පැනල යනකමි කවුරුවත් දන්නෙ නෑ. මීට වැඩි දෙයක් මම කියන්නෙ සතුරු ආක‍්‍රමණයක් වුනත් රාජ්‍ය අල්ලගන්නකමි කිසි කෙනෙක් දන්නෙ නෑනෙ. මෙහෙම කොහොමද? රාජ්‍යයක් පාලනය කරන්නෙ. දේවදත්ත ආයෙමත් මැද්දට පැන්නා. එහෙම කියන්න එපාල දේවිදත් පුතා ල මම සිදුහත් පොඩි කාලෙ ඉඳලම හදාගත්තෙ කොයි තරමි නමි අමාරුවෙන්ද ? අමිමත් නැති ළමයා කියලා මම ඔහුට දුකක් දැනෙන්න දුන්නෙම නෑ . ඉල්ලුුවෙ නැති වුනත් වස්සාන ගිමිහාන ශීත සෘතු තුනටම මාළිගා තුනක් හදල දුන්න. හොයල හොයල වැඩි දාංගලයක් නැති යසෝදරා කුමරියම සරණ පාවල දුන්නෙත් සක්විති රජකෙනෙක් වෙයි කියන බලාපොරොත්තුවෙන්.

සක්විති රජෙකුගේ පියතුමන් වීමෙි ගෞරවය විඳගන්න මම කොයිතරමි නමි පෙරුමි පිරුවද ? සිද්ධාර්ථ මගෙ සියඵම බලාපොරොත්තු එක රැුයකින් සුන් කරල දැමිමා . මට කියල හිටියෙත් එකම එක දරුවයි. ඉතිං එහෙවි එකේ මට කියල දුකක් නැද්ද? මොනවද? මම මගේ ජනතාවට කියන්නේ. ඔවුන්ගේ යුව රජතුමා පැදුරටත් නොකියා පලා ගිහින් කියලද ? “කලයුත්ත මොකක්ද කියල හිතාගන්න බැරිව මෙි වෙලාවෙ මමත් අසරණ වෙලා ඉන්නෙ පුතා”.,, සුද්දෝධන රජතුමන් තමන්ගෙ හිතේ හිරවෙලා තිබුන දුක එළියට දැමිමෙ ඒ විදිහට.

මෙි වෙලාවෙ රාජ පුරුෂයෙක් විදුලි වෙිගයෙන් රාජ සභාවට කඩාගෙන වැදුනා.අවසරයි මහ රජතුමනි යුව රජතුමන් වහන්සේත් එක්කල ඊයෙ අතුරුදහන් වුන චන්න ඇමතිතුමන් ආපසු මාළිගාවට ඇවිත් ඔබතුමන්වයි යසෝදරා දේවීන් වහන්සේවයි බැහැදකින්න අවසර ඉල්ලනවා. , “ඉතිං තවත් මොනවද බල බල ඉන්නෙ මනුස්සයෝ ඉක්මණටම එක්ක ගෙන එනවා මෙහාට”, දෙවිදත් කුමාරයා මහ රජ්ජුරුවන්ටත් කලිින් අණ නිකුත් කලා. සුද්දෝධන රජතුමාට කලබලේට වචන පිටවෙන්නෙත් නෑ ඔලුව වනලා එකග’’තාව පලකලා.

ඇවිද ගන්නත් බැරිව හිටිය චන්න ඇමති රාජ සභාවට ආවෙ කකුල් දෙකත් අද්ද අද්දවා . ඇස්වල කදුලු පිරිලා කඩා හැලෙන්න ඔන්න මෙන්න . ඇදුමත් හොඳටෝම කිලිටි වෙලා. අත් දෙකෙන්ම මොකක් දෝ පොදියක් පපුවට තුරුඵ’ කරගෙන හිටිය චන්න රජ්ජුරුවන් වහන්සේ දිහාවෙ බැලුවෙ බොහෝම බැගෑපත් විදිහට. අඩියට දෙකට චන්න ගාවට ආව දෙවිදත් කුමරු ඉක්මණටම තමන්ගෙ නහය මිරික ගත්තෙ දහඩිය ගඳ ඉවස ගන්න බැරිව. මොකද වුනේ යකෝ? කෝ සිදුහත් යුව රජතුමා? ඔය අතේ තියෙන පොදිය මොකක්ද ?, දෙවිදත් කුමාරයා නහය මිරිකාගෙනම ප‍්‍රශ්ණ පත‍්‍රයක්ම ඇසුවා. ,කලබල නොකර ඉවසල ඉන්නකො දෙවිදත් පුතා . අපි හෙමිහිට සිද්දවෙලා තියෙන දේ අහගමු. ඒ ගමන සුද්දෝධන රජතුමා ටිකක් තදින් කතා කල නිසා දෙවිදත් කුමාරයා කට පියාගත්තා.

“චන්න සිද්ද වුන දේ නොවලහා කියනු !” ඒ අණ සුද්දෝධන රජතුමාගෙන්. ,අවසරයි දේවයන් වහන්ස මෙි අපේ යුව රජතුමාගෙ වස්ත‍්‍රාභරණ. මෙිවා යසෝදරා දේවින් වහන්සේගේ අතටම දෙන්න කියල යුව රජතුමන් අණ කලා. සිද්ධාර්ථ කුමාරයාගෙ වස්ත‍්‍රාභරණ දැක්ක ගමන් ආයෙමත් යසෝදරා දේවිය අඩන්න පටන් ගත්තා . අනේ මගේ සිද්ධාර්ථට කරදරයක් කියල නමි කියන්න එපා …නෑ නෑ දේවියන් වහන්සල අපේ යුව රජතුමාට කිසිම කරදරයක් නෑ . එතූමා තපස් රකින්න කියල මෙි වස්ත‍්‍රාභරණ උනා දමල නිකමිම රෙද්දක් ඇඳගෙන වනයට යහපත් වුනා, , මොනවද ? මිනිහො මෙි කියන්නෙ උඹ මහ ? යන්න කතා කරනකොටම නෙ සිද්ධාර්ථ යුව රජතුමා මාළිගාවෙන් පැනල යනව කියල කියන්න තිබුනෙ”.අනේ දේවදත්ත කුමාරයාණෙනි මම කොහොමද? ඒ බවක් දන්නෙ.

දේවීන් වහන්සේගේ කාමරයටත් එබිලා බලල යං චන්න කිවිවම මම හිතුවෙ මම හිතෙුව , චන්න ගොත ගහ ගහ හැමෝගෙම මුහුණු දිහා බැලුවා..උඹ මොකක්ද හිතුවෙ ? කියාපං බලන්න, ආයෙමත් දෙවිදත් කුමාරයා කෑ ගැසුවා. , මම හිතුවෙ දේවියන් වහන්සේට හොරෙන් වෙන කුමාරියෙක් මුණ ගැහෙන්න යහපත් වෙනව කියලයි.මොකක් වෙන කුමාරියෙක්? මොකක්ද? යකෝ ඒ හරුපෙ. දේවදත්ත කුමාරයා ඒ පාර නමි අතත් මිට මොලවගෙන බෙරිහන් දුන්නා. , නෑ ඉතිං කිසාගේතමී කුමරිය නිබ්බුත පද කියලත් එචිචර දවසක් නෙමෙයිනෙ . මම හිතුවෙ එතුමියව මුණ ගැසෙන්න යහපත් වෙනවා කියලයි., ඒ ඇහුන ගමන් යසෝදරා කුමරිය චන්න දිහා ඔරවල බැලුවෙ හරියට චන්න ඇස් දෙකෙන් ඇනල මරන්න වගෙයි. තමුන්ට කොහෙන්ද එචිචර හයියක් ? මගෙ ස්වාමියා ගැන එහෙම හිතන්නවත් සිද්ධාර්ථ තපසට ගිය එක උහුල ගන්න පුඵවන්. මෙි මිනිස්සු කියන ජරා කතානෙ ඉවසන්න අමාරු.
“මොනවද? අමිමි අමාරු? දීප්ත එහෙම අහල උරහිසට තටිටුවක් දමද්දී ගැස්සුන පාරට ,නෙඵමි මලෙන් උපන් කුමරිය යසෝදරා, පොත මගෙ උකුලෙ තිබිල බිමට වැටුන.. ඒ කියන්නෙ ඒක දවල් හීනයක්ද? .

කුමාරි බාලසූරිය
ආයෝජන සේවා අංශය
මහනුවර කර්මාන්ත උද්‍යානය – පල්ලෙකැලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *