ෆිල්ටරේ තියෙන මාස්ක් කියලා විකුණන KN95 මාස්ක් එකේ ඇත්තටම ෆිල්ටරයක් තියෙනවද?

වෙන කිසිමදාකටත් වඩා මුඛ ආවරණ මේ වෙනකොට හැමෝම පාවිච්චි කරන දෙයක් වෙලා..කොරෝනා නොඑන්න මුහුණු ආවරණ පාවිච්චි වුනේ රෝහල් කටයුතු,සනීපාරක්ශක සේවකයන් වගේම කලාතුරකින් යතුරුපැදි රියදුරනුත් පමණයි.ඒ වගේම නිවසේ මෙය පරිහරණය නොමැතිම තරම්. නිවාස අලුත්වැඩියා කටයුතු වලදී බිත්ති කැපීම සහ දූවිලි ආශ්‍රිත කටයුතු සදහා උනත් ගොඩක් දෙනා පාවිච්චි කරේ නිකන්ම නිකන් රෙදි කෑල්ලක්.. මේක කියවන ඔබත් එසේ කලා වෙන්න පුලුවන් නේද?

අපි දැන් කියන්න යන්නේ කොරෝනා නිසා මෙම මුහුණු ආවරණ මාෆියාව ගැන.මේ තියෙන්නේ සාමාන්‍ය ශල්‍ය මුහුණු ආවරණයක්.මෙමගින් පූර්ණ විශබීජ ආරක්ෂණයක් නොවුනත් සාමාන්‍ය මට්ටමකට ආරක්ෂාව සැපයෙනවා.වෙලදපොලේ රුපියල් 12.00-15.00 තිබූ මෙය කොරෝනා පැතිරීමත් සමග රුපියල් 100.00 ආසන්න ගනනකට අලෙවි වුනා.

N-95/KN95
මෙය ශල්‍ය මුඛ ආවරණයට වඩා ආරක්ෂණයක් ලැබෙන අතර සාමාන්‍ය ආරක්ෂණයක් ඉන් ලැබෙනවා සාමාන්‍ය කාලයේදී 75.00 පමණ වූ මෙය මෙම කාලයේ 150.00-200.00 අතර මිලකට අලෙවි වෙනවා..මෙම ආවරණය සහ N95 අතර වෙනස ව්‍යවහාරයේ කතාකරන ෆිල්ටර් එකක් පැවතීමයි.ඇත්තෙන්ම මෙය ෆිල්ටර් එකක් නොවන අතර මෙය එක පැත්තකට පමණක් වාතය ගමන් කරන සේ සැකසූ වෑල් එකක්.ආශ්වාස කිරීමේදී මෙම වෑල් එක වැසී ඇති අතර ප්‍රාශ්වාසයේදී මෙය වැසී යනවා.

එමගින් ඇස් වලට ප්‍රාශ්වාස වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් සහ ලබාගත් ආහාර වල සැර ඇස්වලට වැදීමෙන් ඇතිවෙන ඇස් දැවිල්ල මගහැර ගැනීමට උපකාරී වෙනවා. මෙන්ම උපැස් පාවිච්චි කරන අයට උපැස් යුවලේ වාෂ්ප බැදීමද මින් වලක්වනවා.මෙය ව්‍යාජ ෆිල්ටරයක් යැයි පවසා මිනිසුන් අන්දවමින් 250.00-400.00 පමණ මිලකට විකිනෙන අතර දැන් ඔබට මෙම කැබැල්ලේ නියම තතු දැනගන්න ලැබුනා යයි අප සිතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *