ෆිල්ම් හෝල් වල ආතල් දෙන දකුණු ඉන්දියාවේ මිනිස්සු

මීට වසර කිහිපයකට ඉහතදී චෙන්නයි හි ESCAPE CINAMAS හි මාගේ මිතුරන් පිරිසක් සමග චිත්‍රපටයක් නැරබීමට මමද එහි ගියෙමි.ඉන්දියාවට පා තබා දින 2ක් ඉක්මයන්නටත් කලියෙන් යන මෙම ගමන මට අලුත් අත්දකීමක් වූයේ මෙය මාගේ පලමු ඉන්දීය චාරිකාවේදී පිටත ස්ථානයකට යන පලමු අවස්ථාව වීමත් නිසාය.

ලංකාවේ සහා මැදපෙරදිග ඩුබායි අබුඩාබි ඇතුලු චිත්‍රපට ශාලා බොහෝ ප්‍රමාණයකට ගොස් ඇති මට මෙම දකුණු ඉන්දීය සිනමාශලා ඇත්දැකීම කෙබදු වේදැයි යන ආශාව මට වැඩිපුරම දැනුනේ මුන් අපිටත් වඩා ෆිල්ම් කිව්වොත් බෙල්ල උනත් දෙන අන්ධ භූතා ජාතියක් නිසාය.අප පලමුව ගියේ ටිකට් කවුන්ටරය වෙතය.එතන සිටම චිත්‍රපටය බලනවාටත් වඩා මට එහි සිටි මිනිසුන්ගේ ආතල් දකීමෙන් ෆිල්ම් එක බලනවාට වඩා සතුටක් දැනුනි.

මට එහි සිටින විට මතක් වූයේ අපි අටමස්තානේ යනවිට පාරදිගට අපේ පස්සෙන් එන තොරොම්බල්,කෑම වඩේ කාරයන්ය.ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටි ශාලාවක් උනත් එහි උසස් මට්ටමේ ආපනශාලාවක් ඇතත් මුන් ඔක්කොම කන්නේ මේ වෙලෙන්දන්ගෙන්ය.පැය දෙකේ චිත්‍රපටිය බලන්න මාසෙක කෑම බීම අරගෙන ඇතුලට යන මොවුන්ගෙන් එකෙක් ඇතුලට ගිය ගමන් හත්මුතු පරම්පරාවටම ඉඩ අල්ලාගන්නේ යටට අදින ඇදුම ඉතුරුවෙන්න අනික් ඔක්කොම පුටුවට එක ගානේ තබලා ය.

කොහොමෙන් කොහොමහරි ඉදගත්තා‍යයි කියමුකෝ.හොදම හරිය ඊට පසුවය.එක එකා පුටුවට රණ්ඩු වෙයි.අම්මා ඕක්ක බාසාවෙන් උන් උන්ම මරාගනිති.බැරිම තැන මම මගේ සීට් එකද දී පසු පසට ආවේ තව හිටියනම් උන් මාව කොහෙහරි ඔබගන්නවා යැයි මට සිතුන බැවිනි.සමහර උන් ඒ තරමට සයිස්ය. ඒවගේම ගදය.මර්තෝන්ඩි නම් බොහෝ දෙනෙකුට ගද උනත් මට සුවදය.(දින කිහිපයක්ම එහි ගියත් මුන් ලග එන නහය කාරන් එන ගද එන්නේ කොහෙන්දැයි සොයාගත් නොහැකි විය.

හොදම හරිය් ඊට පසුය.අප නැරබීමට පැමිණියේ විජය ප්‍රධාන චරිතය රගපාන ෆිල්ම් එකක් උනත් ෆිල්ම් එක පටන්ගන්න කලින් එන Trailer එකේ රජිනි කාන්ත් එකවරම දර්ශණය විය ඒ coming soon ෆිල්ම් එකක කොටසකටය.මට එවෙලේ දෙකොනෙන් ගිනි පිටවූයේ දෙමලත් හරිහැටි නොදන්නා මා ෆිල්ම් හෝල් එකට නයෙක් පොලගෙක් රිංගලා යැයි බිය වූ හෙයිනි.ඒ මන්දයත් මුන් ඔක්කොම පුටුවලින් නැගිට පුටු උඩට නැග කෑගහන්නට ගත් හෙයිනි.මමත් එලෝ මෙලෝ නැතුඅ පුටුව උඩට නැංගේ හෝල් එක් අයිති එකාගේ සහ මම එක්කන් ගිය මගේ මිත්‍රයාගේ මව් මතක් කරමිනි.

බලද්දී අල්ලපු පුටුවේ හිටි මගේ මිත්‍රයා සාමකාමීව ඉන්නවා දුටු මම තුශ්නිම්භූත වූ අතර ඔහු ඉක්මනට මා පහළට ගත්තේ විස්තරේ කනට කර කියමිනි.සිද්දිය මෙසේය.මුන්ට නලුවෙක් යනු දෙවියෙක්මය.ඉන් රැජිණි කාන්ත් මහා බ්‍රහ්මයානම් විජේ නියෝජ්‍ය මහා බ්‍රහ්මයාය.උන්ට මේ නලුවන් දැක්කම කිචිය…චූන්ය ඉන්නම බැරිය.ගෑනි සාරි උස්සමින් පිස්සුවෙන් කෑගහයි.සමහරු පපුවට ගසා ගනී.මුන් කෑගහන්නේ සතුටටද නැත්නම් දුකටද කියාවත් තේරෙන්නේ නැත්තේ මුන් ඒ නලුවන්ටත් වඩා හොදට එතැන රගපාන බැවිනි.

කොහොමෙන් කොහොම හරී ඒවගේ ජොලි සීන් දෙක තුනකින් පසු ෆිල්ම් එක පටන් ගත් අතර ප්‍රධාන නලුවා සහ නිලිය පලමු වරට පෙන්වන අවස්තාවේදීත් ඔය ආරූඩ වීම මුන් සියල්ලගේම දැක ගත හැකිවිය. පාඩුවේ ෆිල්ම් එක බලාගෙන ගියත් (Subtitle තිබූ නිසා තේරුම් ගත හැකි විය).ඊටත් වඩා කන්දොස්කිරියාවක් ශාලාවේ විය.

සමහරු කෑ ගහයි.නලුවාට උපදෙස් දෙයි.එහා පැත්තේ හිදි එකා කෑව ලඩ්ඩු මගේ කලිසමටත් හැලෙයි.මේ ඔක්කොම විද දදරාගෙන Interval වනතුරු නැරබූයේ මුන්ගේ කන්දොස්කිරියාවත් එක්කමය.ඒක එක අතකට මරුය.මන්දයත් අපේ රටේ උන් කවමදාකවත් ඒ වගේ ආතල් එකක් අපිට නොදෙන නිසාය.දුම්බීම තහනම් කියා තිබුනත් කට්ටිය ලෙසටම දුම් බොයි.ඒකට ගැහැනුද පිරිමිද අදාල නැත.security එකෙන් ඇවිත් කරන්න එපා එලියේ Smoking area එකට යන්නැයි කීවත් ඔවුන්ට වගේ වගක් නැත.බිම සිකරට් කොට පිරිලාය.

අවසානයේ ෆිල්ම් එක ඉවර වෙන්නේ ඉන්දියාව ලෝක කුසලානයක අවසන් තරගය දිනූ වෙලාවේ මෙන් හෙන පෙරලියකින් පසුය.දුශ්ඨයා මියගිය පසු සෙට් එකම කෑමොර දෙන්නේ අප්‍රමාණ සතුටකිනි.බැරිවෙලාවත් දුශ්ටයා පනපිටින් හෝල් එකට ඒ වෙලාවේ ආවොත් උගේ ඇටකටුවත් ඉතුරු නොවනු ඇත.අන්තිමට මගේ මිතුරා සමග මා නිසවට ආවේ දකුණු ඉන්දීය මිනිසුන්ගේ තවත් මල විකාර දහසක් දේ ගැන කතා කරමිනි.


“මේ මා මීට ටික කලකට ඉහතදී ලැබු අත්දැකීමක් උවත් දැනටද එම ජනතාවට නලුවන් දෙවියන් මෙනි.මුරලිදරන්ගේ 800 චිත්‍රපටයට ඔවුන් විජේ සේතුපතිට විරුද්ධ වන විට ඔහු ජනතාවගේ කීමට කන්දීම පිලිබද අප උරණ වීමටවත් ඔහු සමග අමනාප වීමත් සිදු නොකල යුත්තේ දකුණු ඉන්දීය ජනතාවගේ මෙම හැසිරීම් නිසා බව අප මතක තබා ගත යුතුය”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *