ලෝකයේ මිනිස්සු කරන අපිට හිතන්නවත් බැරි භයානක රැකියා.

 මනුස්සයෙක්ගේ ඉපදිලා වැඩිහිටි අවධියට එනකොට තමන්ගේ මුළු ඉදිරි ජීවිත කාලෙම කරන්නේ මොන රැකියාව ද කියලා හිතලා තීරණයක් ගන්න ඕන.මේක අපේ මුළු අනාගතයට ම වැදගත් වෙන ගන්න ගොඩක් අමාරු තීරණයක් මේ හින්ද ගොඩක් අය කරන්නෙ තමන්ගෙ දෙමව්පියො ආස පැත්තකින් ඉගෙන ගෙන ඒ අය සතුටු වෙන විදිහ රැකියාවක් කරන එක.හැබැයි අද අපි කතා කරන්න යන්නේ එහෙම සාමාන්‍ය රැකියා ඇරුණාම මිනිස්සු තෝර ගත්ත පුංචි වැරදීමකින් වුණත් මරණය පවා හිමිවෙන්න පුළුවන් මේ ලෝකයේ තියෙන භයානකම රැකියා ගැන.


 විදුලි කණු අලුත්වැඩියා කරන විදුලි කාර්මික ශිල්පීන්

පර්යේෂකයො කියන විදිහට ලෝකයේ තියෙන භයානකම රැකියා දහයෙන් එකක් තමයි මේ විදුලි කණු නඩත්තු කරන පුද්ගලයන්ගේ රැකියාව. මේ රැකියාව ගැන එහෙම සලකන එක පුදුම වෙන්න ඕන කරුණක් නෙවෙයි. මොකද මේ මිනිස්සු ගොඩක් ලොකු උසකට නැගලා මරණීය වෝල්ටීයතාවයක් තියෙන රැහැන් එක්ක ගනුදෙනු කරන එක ඇත්තටම භයානක රැකියාවක්. ඒ වගේම මේ පුද්ගලයෝ නැත්තන් අපිට එදිනෙදා වැඩ කරගන්නවා විදුලිය නැති වෙලා යන නිසා මේක ගොඩක්ම අත්‍යවශ්‍ය රැකියාවකුත් වෙනවා. ඇමරිකාවේ විතරක් මෙහෙම විදුලි රැහැන් නඩත්තු කරන සේවකයෝ ලක්ෂයක් අතරින් 30 ත් 50 ත් අතර ප්‍රමාණයක් තමන්ගෙ රැකියාව කරන ගමන් ඉන්නකොටම විදුලිය වැදිලා අවුරුද්දකට මැරිලා යනවා ලු.

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරය ගැන කියනකොටම අත් දෙක ඈත් කරන්න ඉන්න ජේසුතුමාගේ පිළිමය ගැන ඔබට අනිවාර්යෙන් මතක් වෙනවා ඇති. 2007 අවුරුද්දේ මේ පිළිමය ලෝකයේ පුදුම හතටත් එකතු කළා. රියෝද ජෙනයිරෝ නගරයේ උසම ස්ථානයක මේ පිළිමය පිහිටලා තියෙන නිසා අකුණු වලින් ආරක්ෂා කරන්න මේකට අකුණු සන්නායකයක පවා හයි කරලා තියෙනවා.මේ කලාපයේ නිරන්තරයෙන් කුණාටු සිද්ධ වෙන හින්දා අකුණු සන්නායකය තිබ්බත් මීටර් තිහක් උස මේ පිළිමයට මාසෙකට හයත් දහයත් අතර ප්‍රමාණයක් අකුණු එල්ල වෙනවා.

මේ එල්ල වන අකුණු නිසා සමහර වෙලාවට ජේසුතුමාගේ පිළිමයට දැඩි හානි වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට 2014 අවුරුද්දේ මේ විදිහට එල්ල වුණ අකුණකින් මේ පිළිමයේ දකුණු අතේ මහපට ඇඟිල්ල ගැලවිලා බිමටම වැටුණා. අන්න ඒ නිසා මේ පිළිමයට නැගලා නඩත්තු කිරීමේ කටයුතු කරන එක රැකියාව විදිහට තෝරගත්ත මිනිස්සු ඉන්නවා. මේ පිළිමය තුළ තියෙන විශේෂ මාර්ගවලින් පිලිමය උඩට නැගලා ඔවුන් තමන්ගෙ වැඩ කරනවා.මෙහෙම නගින කොට ඔවුන් ආරක්ෂක උපකරණ පැළඳ ගෙන හිටියත් සමහර වෙලාවට ඔවුන්ට පිළිමයේ කෙරවල වල් දිගේ සූක්ෂම විදිහට ඇවිදගෙන යන්න වෙන වෙලාවල් තියෙනවා.මෙහෙම ඇවිද ගෙන යන එක ඔබ දැක්කොත් ඔබේ කකුල් හිරි වැටිල ගියත් ඔවුන්නම් ඒ භයානක රැකියාවන් ඇරලා නෑ.

සම්ප්‍රේෂණ කුළුණු වලට නගින රැකියාව කරන පුද්ගලයෝ

රූපවාහිනී නාලිකා වල වගේ සම්ප්‍රේෂණ කුළුණු ගොඩක් උසින් තියෙන්නේ ඒවායේ උස වැඩි වෙන තරමට ගොඩක් ලොකු පරාසයකට සිග්නල් යවන්න පුළුවන් වෙන නිසා ලංකාවේ පිදුරුතලාගල කන්ද මුදුනෙත් සම්ප්‍රේෂණ කුලුනක් තියෙන්නෙත් අන්න ඒ නිසය.හැබැයි මේ විදිහට දැනට ලෝකයේ තියෙන උසම රූපවාහිනී සම්ප්රේෂණ කුළුණ තමයි ජපානයේ tokyo skytree කියලා හඳුන්වන්නේ මේ කුලුන මීටර් 630 කට වඩා උසයි.ඒ කියන්නේ මේ කුළුණ අපේ නෙළුම් කුළුණ වගේ දෙගුණයක් විතර උසයි කියන එක.
  වුණත් මේ හැම කුලුනකටම කාලෙකට සැරයක් නැගලා නඩත්තු කරන්න ඕන අන්න එහෙම භයානක රැකියා කරන මිනිස්සු පිරිසක් ලංකාවෙත් ඇතුළුව මේ ලෝකය පුරාම ඉන්නව.ඔව්න් රට පුරාවටම තියෙන මේ කුලුණු වලට හැමදාම නැඟලා ඒ වගේ තියෙන තාක්ෂනික උපකරණ පරීක්ෂාකර නඩත්තු කරනවා. මෙච්චර උස කුළුණකින් පුංචි හරි වැරදීමක් වෙලා වැටුනත් අනිවාර්යෙන්ම මරණය උරුම උනාට ඔවුන් නම් විය රැකියාව සතුටින් කරනවා කියලා තමයි ඔවුන් කියන්නේ.ජංගම දුරකථන කුළුණක වුණත් මුදුනෙ දකින රතු පාට බල්බ් එක මාස හයකට වතාවක් අලුත් කරන්නෙත් මේ පුද්ගලයෝ ම තමයි.

උස ගොඩනැගිලි වල මීට පිරිසිදු කරන පුද්ගලයන්

ලෝකය තාක්ෂණික වශයෙන් කොච්චර දියුණු වුණත් තාමත් ගොඩනැගිලි වල වීදුරු පිරිසුදු කරන්නේ මිනිස්සු ගිහින්. අපි බලන බලන හැම වතාවෙම මේ විශාල ගොඩනැගිලි වල වීදුරු පිරිසිදුවට තියෙන්නෙ ඔවුන් කැප වෙලා කරන රැකියාව නිසයි. මේ විශාල ගොඩනැගිලි වල වීදුරු පිරිසිදු කරන රැකියාව කියන්නේ ලෝකය තවත් වැඩියෙන්ම මරණ සිද්ධ වෙන හැකියාවක්. බර්ජ් ඛලීෆා වගේ ලෝකයේ උසම ගොඩනැගිල්ල මුදුනේ අඩි දහස් ගාණක ඉඳලා පවා මේ පුද්ගලයෝ වීදුරුව වීදුරුව ගානේ  පිරිසිදු කරගෙන පහලට යනවා.ඔවුන් පහලට වැටෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරන එකම දේ ඔවුන්ගේ ඉන්නට දාල තියෙන cable එක විතරයි හැබැයි මෙහෙම පිරිසිදු කරන ගමන් ඉන්නකොට ගොඩක් ලොකු උසක ඉන්න නිසා හෝ ලණු වලින් මේ පුද්ගලයන්ව ගොඩක් පැද්දෙන එකත් සිද්ධ වෙනවා. තමන්ගේ ආරක්ෂාව සලසාගන්න ගමන් හරියටම වීදුරුවත් පිරිසුදු කරන මේ පුද්ගලයො කරන්න මරණය අපේ තියාගත්ත රැකියාවක්
 

Snake milker

 මේ ලෝකෙ මිනිස්සු අකමැතිම  භයානකම සත්තු වර්ග තුනක් තමයි මෝරු මකුළුවෝ වගේම සර්පයෝ කියලා කියන්නේ. ඒ අතරින් ඔබටත් විශ අධිකම  සර්පයෝ එක්ක තමන්ගෙ රැකියාව කරන්න වුණොත් කොහොමට තියෙයිද? අන්න ඒ වගේ රැකියාවක් තමයි මේ snake milker කියලා කියන්නේ.හැබැයි මේකේ තියෙන්නේ සර්පයන්ගෙන් කිරි දොවන්න නම් නෙවෙයි.ඒ වෙනුවට විෂකුරු සර්පයන්ගෙන් විෂ වෙන්කර ගන්න එක තමයි මෙතනදි කරන්න.අති භයානක වගේම ලෝකයටම ප්‍රතිවිෂ නිපදවෙන මේ රැකියාව කරන පුද්ගලයෝ ඉන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ උරග පර්යේෂණ මධ්‍යස්ථානයේ
කවදහරි දවසක ලෝකයේ විසකුරු සර්පයෙක් ව කාපු පුද්ගලයෙක්ව ප්‍රතිවිෂ දීලා බේරගත්තා නම් ඒ මේ නිර්භීත මිනිස්සුන්ගෙ රැකියාව නිසා තමයි. මේ ලෝකේ ඉන්න එක් එක් සර්පයන්ගෙ විශ එක එක විදිහ නිසා ප්‍රතිවිෂ හදන්න කලින් ඒ හැම සතාගෙම විශ අධ්‍යනය  කරන්න ඕන. ඒකට ඒ සතාගේ ඇඟෙන් විෂ ගන්න එක ගොඩක් ලොකු අවදානම් ක්‍රියාවක් මේ මේ පුද්ගලයො කරනවා. මේ ක්‍රියාවලිය භයානක වෙන්න හේතුව තමයි මොවුන් විෂ එකතු කරන සමහර සර්පයන්ට තාමත් ප්‍රති විසක් හදලා නැති එක.එහෙම උනාම මේ මනුස්සයෙක් ඒ සර්පයෙක් කෑවොත් ප්‍රති විසක් නැති නිසා මැරිලා යන්න වුණත් පුළුවන්. අපිට කොයිතරම් භයානක රැකියාවක් වුණත් ඔවුන් දවසකට මේ වගේ සර්පයන් සීයක විතර විෂ එකතු කරල ලෝකයටම ලොකු සේවයකුත් කරනවා.

සුළං විදුලි බලාගාර වල තාක්ෂණික ශිල්පියෝ

සුළං විදුලි බලය කියන්නේ ලෝකයේ භාවිතා වෙන ප්‍රසිද්ධම පුනර්ජනනීය බලශක්තිය. හිතන කොට නම් බයක් දැනුමත් මෙම කුළුණු වල තියෙන turbine එක හුළඟට කැරකිලා විදුලිය නිපද වෙනවා විතරයි.හැබැයි මේ දේවල් නඩත්තු කරන්න වගේම හානියක් අලුත් වැඩියා කරන්නන් සේවකයෝ ලංකාවේ වගේම ලෝකයේ ගොඩක් රටවල් වල ඉන්නවා.මොකක් හරි අවුලක් ආපු ගමන් මේ පුද්ගලයෝ කඳු නගින්න පාවිච්චි කරන රැහැනක් විතරක් ඇගේ දවටගෙන අඩි 350 කට වඩා උස මෙම කුලුනු වලට නගින්න ඕන. ඒ වගේම මේ තට්ටුවකට මොකක් හරි හානියක් වුණොත් ඔවුන් ඒ තටු වල කෙලවරවල් වලර ගොස් පවා නඩත්තු කිරීමේ වැඩ කරන්නත් ඕන.මේ සුළං බලාගාර ඉදි කරන්නේ ගොඩක් තද සුළං තියෙන පැතිවල නිසා කුලුණු මුදුනේ ඉන්නකොට සුළඟෙන් පරිස්සම් වෙන ගමන් රැකියාව කරන්න ඕන නිසා මේකත් ලෝකයේ තියන අවදානම් වැඩිම රැකියාවක් කියලා සලකනවා.

පතල් කම්කරුවෝ

ඉතිහාසයේ ඉඳන්ම මේ පතල් කැනීමේ රැකියාව කියන්නේ ගොඩක් භයානක රැකියාවක් ලෝකයේ අනිත් සේවකයෝ මැරෙනවට වඩා මේ පතල් කම්කරුවෙක් රැකියාව කරන ගමන් ඉන්නකොට මියයන්න තුන්ගුණයක් වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ගොඩක් වෙලාවට පොළොව මතුපිටින් බැහැර වෙලා මේ මිනිස්සු වැඩ කරන හින්දා එක එක ලෙඩ රෝග හැදෙන්න වගේම පතල අස්ථායි තැන්වලින් කඩාගෙන වැටිලා පතලේ තැනක හිර වෙන්නත් අවස්ථාව පැහැදිලිවම මේ රැකියාවෙදි තියනවා.ඒ වගේම පොළොව අභ්‍යන්තරයේදී විෂ වායු නිකුත් වෙලත් මේ කම්කරුවෝ මිය ගියපු අවස්ථා වාර්තා වෙලා තියෙනවා 1906 අවුරුද්දේ ප්‍රංශයේ මේ විදිහට සිදු වූ අනතුරකින් කම්කරුවෝ 1099 කගේ ජීවිත අහිමිවුණා. 1942 අවුරුද්ද චීනය පතලක උන අනතුරකින් කම්කරුවෝ එක්දාස් පන්සියයක් පතුල ඇතුළෙම හිර වෙලා මිය ගියා.ඒ වගේ මිය ගියපු වාර්තා එක්ක පතල් කම්කරුවෙක් වෙනවා කියන්නේ ගොඩක් ලොකු අවධානමක් තියෙන රැකියාවක් කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති.

වතුර යට පෑස්සුම් කරන පුද්ගලයෝ

යන්ත්‍රෝපකරණ එක්ක වැඩ කරන එක කොහොමත් භයානක දෙයක් වෙද්දි මේ වගේ උපකරණ වතුර යට පාවිච්චි කරනවා කියන්නේ තවත් අවදානම් වැඩි වෙන රැකියාවක්.මුහුද යටින් යන යකඩ පයිප්ප වගේ දේවල් වලට හානි උනාම අළුත්වැඩියා කරන්නේ මේ රැකියාව කරන පුද්ගලයෝ.දිනපතාම වතුර ඇතුලට යන නිසාම ඒ පුද්ගලයන්ට පීඩන වෙනස නිසා අතුරු වෙනත් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒකට අමතරව වතුර යටදී විදුලියෙන් පෑස්සුම් කටයුතු කරන නිසා ඒ දේවල් පොඩ්ඩක් හරි වැරදුනොත් විදුලිය කාන්දු වෙලා මේ පුද්ගලයෝ මිය යන්න පුළුවන් වගේම ඔක්සිජන් තියෙන නිසා මොවුන්ගේ උපකරණ පුපුරන්නත් පුළුවන්. මේ ලොකුම අවදානම හින්දා ලෝකයේ මේ රැකියාවට ගන්නෙ මනා පුහුණුවක් තියෙන සේවකයෝ විතරයි හැබැයි එහෙම පුද්ගලයෙක්ට වුණත් වරදින්න වැඩි ඉඩකඩක් තියෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *