ඇත්තමයි නිහතමානීකමට හැමෝම ගොඩක් ආදරෙයි

මම අතුකෝරලගේ මධුර ලාලක. මට හැමෝම ආදරේට කියන්නේ මධූ කියලා. මගේ පවුලේ ඉන්නේ මගේ අම්මයි, තාත්තයි, ලොකුමල්ලියි, පොඩි මල්ලියි. මම තමා වැඩි මහල් කෙනා. ලොකු මල්ලි නාවික හමුදාවේ. පොඩි මල්ලි තාම ඉගෙනීමේ කටයුතුවල නිරත වෙනවා. ඒ වගේම 2019 සැප්තැම්බර් මස 12 වෙනිදා මම විවාහ ගිවිස ගත්තා. ගලාගෙන යන ජීවිතයේ තවත් එක් නිමේෂයක් වූ එදින සුන්දරයි. ඇය හෂිනි වික්‍රමආරච්චි. ඇය ඉංග්‍රීසි භාෂාගුරුවරියක ලෙස කටයුතු කරනවා. හරිම හොඳ කෙනෙක්. මටම ගැලපෙන චාම් කෙනෙක්. ඉතින් මේ මගේ පවුලෙන් මගෙ කලා ගමනට ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඒ සහයෝගය මට ලොකු ශක්තියක්. මම ප්‍රාථමික අද්‍යාපනය ලැබුවේ හඳපාන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේදී. ඉන් පසුව උසස් අද්‍යාපනය සදහා හොරණ රාජකීය ජාතික පාසලට ගියා.මා දැනට වර්ණ එක්ස්පෝටර්ස් ආයතනයේ තාක්ෂණික කළමනාකරු විදියට කටයුතු කරනවා සහ පරිගණක ගුරුවරයෙක් ලෙස කටයුතුකරනවා.කලාව කියන්නේ බොහොම සුන්දර නිර්මාණ බිහි වෙන තැනක්. ඒ වගේම ගොඩක් වටින දෙයක්. ඉතින් මම මේ සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අවුරුදු 4කට කලින් ඉදලා. ඉතින් කලාකරුවන් විදියට අපි හැමෝම කල යුත්තේ අලුත් ගුණාත්මක නිර්මාණ සමාජ ගත කරලා මේ කලාව රැක ගැනීමයි.

මම කලාවට සම්බන්ධ උනේ බොහොම අහම්බයකින් වගේ. මගේ ගායන දක්ශතා හොදින් ම දන්නා මගේ ගෙදර අම්මා, තාත්තා සහ මගේ යහලුවන්ගේ ඉල්ලීම මත තමා මගේ පලමු නිර්මාණය කලේ. ඉතින් හිතුවෙවත් නැති විදියට ලොකු දුරක් ආවා. ප්‍රේක්ෂක ප්‍රතිචාරත් නොඅඩුව ලැබුනා.ඉතින් ඔන්න ඔය විදියට තමා සංගීතයත් සමග ජීවිතය වෙනස් වෙමින් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. කොහොමටත් පරිනත වනවිට අපි ජීවිතයේ පන්නරය එක්කර අත්දැකීම් ලබනවා. ඒ ස්වාභාවය එක්ක කඩාවැටීම් සහ ජයග්‍රහණ සමග නොවැටී ගමනක් යන්නට මට හැකිවුණා.මගේ පලමු ගීතය තමා “අම්මා” ගීතය.

ඉන් පසුව “නුබමයි මගේ සිහිනේ” ගීතය රසික රසිකාවියන් හැමෝටම තිලිණ කලා. පසුව යුග ගීතයක් වශයෙන් “තනි තරුවක” ගීතය ගායනා කලා. එම ගීතය මගේ හැරවුම් ලක්ෂය උනා. ගොඩක් දෙනාගේ ප්‍රෙක්ෂක ප්‍රතිචාර හිතාගන්න බැරිවුන තරමක් ලැබූ ” මං තාම හොයනවා” ගීතයටත් එහි වෙනස්ම අකාරයෙන් නිර්මාණය වුනු music video වත් 2017 දී රිලීස් කලා. එම ගීතය views ලක්ෂ 28 ඉක්මවා ගොස් ඉදිරියටම ගියා. ඒ වගේම මේ දින වල විකාශනය වන සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙන මගේ අලුත්ම ගීතය වන “සමාව දෙන්නට” නිර්මාණය කලා. ලිනාට්‍ය තේමා ගීතයක් ගායනා කිරීමට ආරාධනා ලැබිලා තියෙනවා.

ඉතින් ඒ වැඩකටයුතුත් නොබෝ දිනකින් ආරම්භ කරනවා. ඉදිරියේදී කරන්න ලොකු වැඩක් තියෙනවා. මගේම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වීමට. එහි කටයුතු සූදානම් කරගෙන යනවා. මගේ ගී තැටියක් එලි දැක්වීමටත් බලාපොරොත්තු වෙනවා. තව පසුතල ගායනා සහ හඩකැවීම් අංශයටත් ආරාධනා ලැබිලා තියෙනවා. මගේ ශබ්දාගාරය හරි විදියට ගෙදරම හදන්න සැලසුම් කරගෙන යනවා.අලුත්ම සිංදු දෙකකුයි මියුසික් විඩීයෝ එකකුයි තිළිණ කරනවා.මේ තුනම අනුග්‍රහ යටතේ සිදුවන්නේ .ස්තූතියි හැමෝටම මගේ නිර්මාණ රසවිදිනවාට සහ මගේ නිර්මාණ ඉදිරියට ගෙනියනවාට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *