සිනා මල් ගොඩක් ගිතයෙන් ගී ලොවට පැමිණි සෙව්වන්දියගේ ජිවිත කතාව

80 දශකයේ අග නව යෞවනයෙදීම සංගීත ක්ෂේත්‍රයට පැමිණෙන්නෙම අපේ රටේ දැවැන්තම සංගීත පවුලක යොවුන් සාමාජිකාවක හැටියටයි . අවුරුදු 6 දී රූපවාහිනි ලමා ගී වැඩසටහනකට මුල්ම ගීතය ගායනා කල ඇ‍යගේ, මව වන ප්‍රවීණ ගායනවේදිනි විශාරද නිර්මලා රණතුංග සමග ඇය ගැයූ ‘සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ ‘ ගීතයෙන් මුලු රටේම ඇය ජනප්‍රිය විය. එහි තනු නිර්මාණය සෙව්වන්දි ගේ පියාණන් වන නැසීගිය ප්‍රවීණ තාලවාද්‍ය ශීල්පී,සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ට කථිකාචාර්ය දර්ශනපති විජයරත්න රණතුංග ගේය . සෙව්වන්දි රණතුංග නම් ප්‍රවීණ ගායනවෙදිනියගේ ආගමනය එයයි .
අද වනවිට විශේෂයෙන් ප්‍රසංග වේදිකාවේ අණසක පතුරුවමින් සිය සංගීත චාරිකාවේ එක් ඉසව්වක සාර්ථක ගමනක් යන්නීය .

වෙනුවෙන් ඇය සංවාදයට කැඳවීමු .

ප්‍රශ්නය – කලා පවුල් පසුබිමක් තිබුණත් සමහරුන් කලා ක්ෂේත්‍රයට එන්නේ නැ .ඔබට එන්න හිතුණෙ ඇයි …?
සෙව්වන්දි – මට තේරෙන කාලේ ඉඳලම ගෙදර ඇහුණේ සංගීතය. දැක්කේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් .ඒ , වික්ටර් මාමා ගේ ‘ස ‘ ප්‍රසංගය රට වටා වේදිකා ගතවුණ කාලෙ .තාත්ති ඒකෙ තාල තරංග වාද්‍ය ශිල්පියා .අම්මි ‘ස ‘ ප්‍රසංගයේ ගායනා කළා .එතකොට මම හරි පුංචියි .අම්මි කියනවා මම ‘ස ‘ බලලා ගෙදර ඇවිත් බිම ඉඳගෙන ‘ස ‘ ප්‍රසංගයේ ආරම්භයේ ගායනා කරන ක්ශෝත්‍රයක් වන ‘සම්බුද්ධ සද්ධර්ම අනුහසින් ‘ ගීතය කියනවලු. ඒකෙ වචන මට පුළුවන් විදියට හද හදා කියනවලු. ඒ කියන්නේ මම ගෙදර ‘ස ‘ ප්‍රසංගය පවත්තනවලු.අම්මියි තාත්තියි ඒකාලේ ඕවා මතක්කරනවා හිනා වේවි. ඔහොම කාලයක් ගතවුණා .පසු කාලෙක අම්මි ගෙන් ඉන්දියානු රාගදාරි සංගීතය විශාරද වෙනකන් හැදෑරුවා.

සෙව්වන්දි දැන් ඇගේ මතකය ආවර්ජනය කරන්නීය.

සෙව්වන්දි- අපි පවුලක් හැටියට එකිනෙකාට සමීපව ජිවත් වුණා .සංගීත කටයුතු වලට නිතර ආගිය කීපදෙනා අතර හිටපු රත්මලේ බන්දුල ගුණවර්ධන මාමා සින්දුවක් ලියලා අම්මිටයි තාත්තිටයි දීලා තිබුණා . ඒ මටයි අම්මිටයි කියන්න . ඒ තමයි ‘සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ ‘කියන ගීතය .තනුව හැදුවේ තාත්ති .ඒක ඉක්මනින්ම ජනප්‍රිය වුණා .ඒ තමයි මට සංගීත ක්ෂේත්‍රයට එන්න බලපෑ කතාව .

එවක් පටන් දශක තුනකට ආසන්න කාලයක් සෙව්වන්දි මෙසිරිලක සංගීත ක්ෂේත්‍රයේ අනවරත ගමනක යෙදෙන්නීය .

ප්‍රශ්නය – ක්ෂේත්‍රයට ඇවිත් සැහෙන කාලයක් වුණත් ඔබ ගායනා කළ ගීත ප්‍රමාණය අල්පයි .එහෙම වුණේ ඇයි …?
සෙව්වන්දි – මගේ විවාහයෙන් පස්සේ මම පවුලත් දරුවනුත් වෙනුවෙන් මගේ කාලය කැප කළා .ඒක ලොකු කාලයක් .හැබැයි ඒ අතරෙ අම්මිගේ album එකක් වෙනුවෙන් මමත් ගීත කීපයක් කළා .ඉනුත් පස්සේ කාලයක් දුවගේ ,පුතාගේ ,මහත්තයාගේ වැඩ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කළා .ඒනිසා සංගීත වැඩකටයුතු කරන්න කාලය වැයකරන්න බැරි වුණා .කොහොමත් අම්මිත් ක්ෂේත්‍රයේ කටයුතු කළේ හදිසියක් නැතුව .මගේ විදියත් එහෙමයි.

අනික ප්‍රමාණාත්මක බවට වඩා මම හිතන්නේ ගුණාත්මක බව ගැන .ඒක මට පවුල් පසුබිමෙන්ම ලැබුණ දෙයක් .මම ඇතුළත් සංගීත පවුල කියන්නේ මේ රටේ සංගීතයට හුඟක් හොඳ දේවල් කළ පවුලක් .ඒ ගෞරවය රකින එක මගේ යුතුකමක් .ඒ නිසා මට හදිසියට බාල වැඩ කරන්න බෑ .සංගීත ගමන්මඟ පිළිබඳ සෙව්වන්දි ගේ ස්ථාවරය ඇය ඍජුවම පළකළේ එසේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *